මෙරට වානේ ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්තයකු වන ත්‍රී සිංහ සමූහය IKLO ඉන්ඩස්ටී්‍රස් සමාගම අරඹමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් ඉසව්වක් වන පෙර නිර්මිත Pre Fabricated Steel Building ක්ෂේත්‍රයට සාර්ථකව අවතීර්ණ වෙයි. වත්මන් ලෝකයේ Pre Fabricated Steel Building සහ සැන්ඞ්විච් පැනල පුළුල්ව භාවිත කෙරේ. උසස් තත්ත්වය, කඩිනමින් ඉදිකර භාරදිය හැකිවීම සහ වටිනාකම නිසා පෙර සැකැසූ ඉදිකිරීම් ද්‍රව්‍ය විශිෂ්ට මට්ටමක පවතී. විශේෂ අවශ්‍යතා අනුව මේ ආකාරයේ ගොඩනැගිලි සැලසුම් කර නිෂ්පාදනය කර සති 8කට අඩු කාලයකදි නිම කළ හැකිය. එසේම සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට යන වියදමින් සියයට 20ක් 30ක් පමණ මුදලක් මෙමගින් ඉතිරි කර ගත හැකිය. Pre Fabricated Steel Building නිර්මාණය, සකස් කිරීම හා සැපැයීම යන සේවා ෂණඛධ ඉන්ඩස්ටී්‍රස් වෙතින් ලබා ගත හැකිය.
රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට්ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස්ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහස්ටෙයාවේස්, පොලිකාබනේට්කැනපීස්, ස්ටේන්ලස්ස්ටීල්පැන්ටි්‍ර කබඞ්ස්, ස්ටීල්බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවිකළ ස්ලයිඩින්ග් ඇන්ඞ් ස්වින්ග්ගේට්ස්, සූර්ය පැනල ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.











