ඉන් පසුව ක්‍රි.ව. 1796 දී ලන්දේසීන් පන්නා දමා බි්‍රතාන්‍යයන් විසින් රටේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කළේය. ඉන් පසුව ක්‍රි.ව. 1815 ඉංග්‍රීසින් විසින් මුළු ලංකාවම අත්පත් කරගනිමින් හෙළ සිරිත් විරිත් උඩු යටිකුරු වූයේ උඩරට ගිවිසුම අත්සන් කළ ස්වදේශීය නායකයන්ට තරු පෙන්වමිනි. මේ වේදනාකාරි පාලනය ඉවසාගත නොහැකි තැන කුඩාපොල හිමියන්, ඇහැළෙපොළ, වීර කැප්පිටිපොළ, වාරියපොළ සුමංගල හිමි, ගොංගාලෙගොඩ බංඩා හා වීර පුරන් අප්පු ආදී දේශ හිතෛෂී ජාතික වීරයන් බොහො දෙනෙක් අපට අහිමි වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව පන්නා දැමීමට කළ අරගලවලදීය. ඒයින් සිදුවූයේ හදවතින්ම ලංකා දේශයට ආදරය කළ ජාතික වීරයන් අපට අහිමී වී යෑමය. වසර 443ක් විදේශිකයන්ගේ පාලනය තුළ අපේ රට වැසියන්ට දුක් කඳුළු උහුලන්නට නොහැකි තරම් වේදනාකාරි යුග තුනක් විය. 1947 නොවැම්බර් මස බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකා නිදහස් පනත සම්මත කර 1948 පෙබරවාරි මස 04 දින එම පනත වලංගු වීමෙන් අප නිදහස ලැබුවෙමු. 1819 වසරේ සිට 1867 දක්වා සුද්දන්ගේ ආණ්ඩුවේ සේවය කළ සිහළ දේශයට හා ස්වදේශිකයන්ට බෙහෙවින් ආදරය කළ නිලධාරියෙක් විය. ඔහු විධිමත් අධ්‍යාපනයක්ද නොලද ඉංග්‍රීසි ආණ්ඩුවේ රයිෆල් බළකායට බැඳී සේවය කරමින්, ලංකාවේ පළමු මිනුම්පති හා මහාමාර්ග කොමසාරිස්වරයා වූ මේජර් තෝමස් ස්කිනර්ය.
1804 මැයි මස 22 වැනි දින කැනඩාවේ නිවුෆවුන්ඞ්ලන්ඞ්, සාන්ත ජෝන්හිදී උපත ලද තෝමස් ස්කිනර්, 1811 වසරේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. අධ්‍යාපනයේ අසාර්ථක සිසුවකු වූ ඔහු වර්ෂ 1819දී ලක් දිවයිනට පැමිණෙන්නේ ත්‍රිකුණාමලයේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ තම පියා වූ ලුතිනන් විලියම් තෝමස් ස්කිනර් දැක බලාගැනීමටය. එහිදී පියා වූ විලියම් තෝමස් ස්කිනර්ගේ අකැමැත්ත මතම ඉංග්‍රීසි ආණ්ඩුවේ රයිෆල් fරිජිමේන්තුවට බැඳෙන කුඩා තෝමස් ස්කිනර්ගේ පළමු රාජකාරිය වන්නේ 1818 දී විල්බාවේ රාල රණ ශූරයාගේ නායකත්වයෙන් හා කැප්පිටිපොළ, මඩුගල්ලෙ යන හෙළ විරුවන්ගේ ආශීර්වාදයෙන් පැවැති කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා උඩරට හා මාතලේ සිටි සෙබළුන් කොළඹට රැගෙන ඒමය. ඉංග්‍රීසි රජය විසින් නියම කරන ලද සෑම වැඩ කොටසක්ම නිවැරදිව ඉටුකිරීම නිසා හමුදා සේවයට අමතරව ඔහුට සිවිල් රාජකාරිද පැවැරිණි. ඒ මංමාවත් තැනීම හා එවකට සිලොන් වූ ශ්‍රී ලංකාව සිතියම් ගත කිරීම සඳහා මිනුම් කටයතු කිරීම වෙනුවෙනි. මුලදී විටින් විට පැමිණි ප්‍රධාන නිලධාරීන්ගේ සහායකයකු සේ කටයුතු කළ ස්කිනර්, පසුව ඔහු යටතේ සේවකයන් හා සහායකයන් කණ්ඩායමක් තබා ගනිමින් තනිවම එම කාර්යයන්වල නිරත විය.
නුවර කලාවියේ (වර්තමානයේ උතුරු මැද) අය බදු අය කිරීම, නඩු විනිශ්චය කිරීම, තීන්දු තීරණ ගැනීම ආදී කටයුතු සඳහාද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඔහු පත් කෙරිණි. වර්ෂ 1830 එවකට යටත් විජිත ලංකාවේ ආණ්ඩුකාර එඞ්වර්ඞ් බාන්ස්ගේ විශේෂ නියෝජිතයෙක් ලෙස වේල්ස් දූපත්, මලක්කාව, සිංගප්පූරුව, ජාවා දූපත්, නෙදර්ලන්තය හා ඉන්දියාව ආදී රටවල නිරීක්ෂණ හා සාකච්ඡා සඳහා දූත සෙවයේද යෙදී ඇත.
ඔහුගේ දක්ෂතාවයන් නිසාම වර්ෂ 1825 දී කොළඹ ආරක්ෂක ප්‍රධානියා ලෙසද එවකට ආණ්ඩුකාරයා විසින් පත්කරන ලදී. උඩරට සේවය කළ කාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහ අදිකාරම් කෙනෙක් වූ මොල්ලිගොඩ සමඟ අලි ඇතුන් දඩයමේ ගිය බව ඔහු විසින් රචිත ර්‍ණ ත්‍සඓහ ශැ්රි සබ ක්‍ැහකදබ” කෘතියෙහි සඳහන් කර ඇත. පසු කාලීනව උඩරට කැරැල්ලක් හොර රහසේ නිර්මාණය කරන බවට ඉංග්‍රීසි ආණ්ඩුවට ලැබුණු ඔත්තුවක් මත උඩරට සිටි මොල්ලිගොඩ මහ අදිකාරම් අත්අඩංගුවට ගත්තේද ඔහු බවත්, එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඔහුගේ අකැමැත්තද වක්‍රව එම කෘතියෙහිම සඳහන් කර ඇත.
වර්ෂ 1820 දී එවකට ආණ්ඩුකාරවරයා වු එඞ්වර්ඞ් බාන්ස්ගේ මඟ පෙන්වීම යටතේ කොළඹ මහනුවර ප්‍රධාන මහා මාර්ගය ඉදිකිරීම් කටයුතු පැවරුණේ කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් වෙතය. ඒත් ඔහුගේ අවාසනාවකට කොළඹ මහනුවර ප්‍රධාන මහා මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි අතර තුර එනම් අධි විස සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් වර්ෂ 1829 මාර්තු මස 28 වැනි දින ජීවිතක්ෂයට පත්විය. එසේ සර්පයකු දෂ්ට කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කොළඹ ගෙන යෑමෙන් පසුව මිය ගියේද තෝමස් ස්කිනර්ගේ සුරත මත බව ඔහු සඳහන් කර ඇත. ජීවිතක්ෂයට පත්වූ ඩෝසන්ගේ භස්මාශේෂ කොළඹ සාන්ත අන්තෝනි දෙව්මැඳුරේ මිනී වළක තැන්පත්කර ඇත. මේජර් තෝමස් ස්කිනර් එවකට සිටි ආණ්ඩුකාර එඩවර්ඞ් බාන්ස්ගේ නික්ම යෑමෙන් පසු පැමිණි ශ්‍රීමත් රොබට් හොර්ටන් වෙත කළ ප්‍රබල ඉල්ලීම වූයේ ෆ්‍රැන්සිස් ඩෝසන්ගේ සේවය ඇගයීමට ලක් කිරීම පිළිබඳවය. එම ඉල්ලීම විශ්ලේෂණය කළ ආණ්ඩුකාරවරයා එය ඔහු විසින් අනුමත කොට එංගලන්තයට දැන්වීමෙන් එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කිරීම වස් ලන්ඩනයේ හයිඞ්පාක්හි තැනූ කුලුනට සමාන කුලුනක් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව පිහිටි කපොල්ල ආසන්නයේ අඩි 200ක් උසකින් යුත් කුලුන ඉදිකෙරිණි. වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කුලුනට පිළියෙල කළ සැලැස්ම ඒ අයුරින් භාවිතයට ගත්තද ලන්ඩනයේ ඉදිකළ කුලුන කළුගලින් හා කඩුගන්නාවේ ඉදිකළ කුලුන ගඩොලින් ඉදිකිරීම විශේෂයක්. එසේ ඉදිකළ කුලුන 1832 වසරේදී වෙලින්ටන් ආදිපාදිවරයාගේ කුලුන විවෘත කළ මොහොතේම විවෘත කෙරිණි.
වර්ෂ 1838 දෙසැම්බර් මස 19වන දින ලුතිනන් ජෙනරාල් ජෝර්ජ් බරල්ගේ දියණිය වූ ජෝජිනා සමඟ විවාහවී සාර්ථක පවුල් ජීවිතයක් ගතකළ ආදරණීය සැමියෙක්, පියෙක්ද විය.
කපිතාන් ඩෝසන්ගේ අභාවයෙන් පසුව කොළඹ මහනුවර ප්‍රථම මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පැවරුණේ මේජර් තෝමස් ස්කිනර් වෙතය. එම මහා මාර්ග ව්‍යාපෘතියේ සේවය කළ දෙසීයක් පමණ ස්වදේශීය සේවකයන්ට සංවේදීව සැලකූ ස්කිනර් වටා සේවකයන් හදවතින් සමීප විය. ඒ නිසාම ඔහු ස්වදේශීකයන් අතර “පුංචි මහත්තයා” ලෙස ආදරයට පාත්‍ර විය. එම මහා මාර්ගය ඉදිකිරීමෙන් උඩරට ජනතාවගේ සිත්වලට ඇතුළු වූ ස්කිනර් එම මාර්ගය ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ඔහුගේ නම සනිටුහන් කළේය. වර්ෂ 1828 දී රම්බොඩ සිට ගම්පොළ දක්වා හා නුවරඑළියේ සිට පුස්සැල්ල දක්වා මං මාවත් ඉදිකරමින්ද, වර්ෂ 1832 දී (මන්නාරම් දිස්ත්‍රික්කයේ) ආරිප්පු සිට අනුරාධපුරය දක්වා සැතපුම් 40 ද මහා මාර්ගය ඉදිකිරීමට ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මේජර් තෝමස් ස්කිනර් වර්ෂ 1841 දී ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රථම මහා මාර්ග කොමසාරිස් ලෙසද පත් කෙරිණි.
මහවනය මැද කූඩාරම් (වාඩි) තනා ඒ තුළට වී කරවල හොද්ද සමඟ බත් කමින්ද, බූරු ඇඳකද විටෙක ගස් යට ද මදුරුවන් තළමින් නිදා ඔහු කළ සේවය අදටත් හෙළයේ මිනිසුන් අමතක නොකරන්නේ ඔහුගේ රාජකාරියෙන් ඔබ්බට ගොස් පිරිසිදු චෙතනාවෙන් හා අවංකව කළ සේවය නිසාය. 1848 සිදුවූ මාතලේ කැරැල්ල පිළිබඳව විශේෂ කමිටුවක් හමුවේ ස්වදේශීකයන්ට පක්ෂව කරුණු ඉදිරිපත් කළේය. බි්‍රතාන්‍ය රජයේ නිලධාරීන්ගේ අක්‍රමිකතා හා ප්‍රතිපත්ති ස්වදේශික සිංහලයන්ගේ සම්ප්‍රදායක ජීවන රටාවන් වෙනස් කරමින් හා පූජනීය ස්ථාන ආරක්ෂා නොකිරීම මාතලේ මෙන්ම ඌව වෙල්ලස්ස මහා කැරැල්ලකට ගෙන ගිය ආකාරය පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කළේය.
1818- 1820 කාලයේ උඩරට වෙළාගත් වසූරිය නිසා ජීවිත දහස් ගණනින් අහිමි වෙද්දී, වසූරිය වැලඳුණු රෝගීන් නිවෙස්වලින් පන්නා දැමීම හෝ මහ කැලය මැද පැලක් සදා එහි කෑම බීම දමා ආවේ වෙන කිරීමට කිසිවක් නොතිබූ නිසාය. එහෙත් මේජර් ස්කිනර්ට මෙය පසෙකලා සිටීමට හැකි කරුණක් නොවූයෙන් ඔවුන් සඳහා වෙනම තාවකාලික මඩු සාදා එම රෝගීන් එහි රඳවා විවේක ලබා දෙමින් හා ඔවුන් හට පිරිසුදු පෝෂ්‍යදායී ආහාර ලබා දෙමින් ඔවුන් සුවපත් කළ බව ඔහු විසින් රචිත, ඔහුගේ දියණිය වන ඇනී ස්කිනර් විසින් 1891 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත්කළ ර්‍ණ ත්‍සඓහ ශැ්රි සබ ක්‍ැහකදබ” කෘතියේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. එසේම අධි විෂ සර්පයන් දෂ්ට කළ ස්වදේශිකයන්ට වෙඩි බෙහෙත් මගින් සර්ප විෂ ඉවත්කර ප්‍රතිකාර කළ බවත් සඳහන් වෙනවා.
යටත් විජිත ලංකාවේ ස්වදේශිකයන් නොමිලේ රජයට සේවය කිරීමට නීති සම්පාදනය වී ඒ තුළින් කාලවකවානු නොමැතිව සේවය කළ මිනිසුන් වෙනුවෙන් කාල වකවානුවල අවශ්‍යතාව බි්‍රතාන්‍ය රජයට යෝජනා කිරීමෙන් සහනයක් ලබා දීමට මූලික වූයේද මේජර් ස්කිනර්ය.
මේජර් ස්කිනර් විසින් විශේෂයෙන් නිරීක්ෂණය කළ කරුණු අනුව ආණ්ඩුකාර විල්මට් හෝටන්ට කරුණු ඉදිරිපත් කරමින් නුවර කලාවියේ වැව් ප්‍රතිසංස්කරණයට මූලිකත්වය දුන් නිසා ඔහු “නුවර කලාවියේ ප්‍රති නිර්මාණකරුවා” ලෙසද ගෞරවාදරයට පාත්‍ර විය.
1867 වසරේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විශ්‍රාම ගන්නා මේජර් ස්කිනර්, 1877 ජූලි 24 වනදා එක්සත් රාජධානියේදී මෙලොවින් සමුගත්තේය.
රොෂාන් මාවතගම











