• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බලාපොරොත්තු ගැන හරියටම කියන නවග්‍රහ නිමිත්ත

May 16, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
බලාපොරොත්තු ගැන හරියටම කියන නවග්‍රහ නිමිත්ත
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයේ ශනි, කුජ, සඳුට හිමි වා, පිත්, සෙම් ගුණය බුධ ග්‍රහයාට නොඅඩුව ඇත. ආයුර්වේදයේදී දෝෂ, ධාතු, මල ප්‍රධානය. වාත, පිත්ත, සෙම යන තුන්වැදෑරුම් කරුණු ත්‍රිදෝෂ නාමයෙන් ගැනෙයි. ආයුර්වේදයේ අඩිතාලම ත්‍රිදෝෂ වාදයයි.
මිනිස් සිරුර මෙම ත්‍රිදෝෂයට අනුගතය. පැවැත්මේදී අවනතය. දොසුන්ගේ විසමතාවය රෝගයයි. මේ විසමත්වය (රෝගය) ඇති දේහියා රෝගියෙකි. ත්‍රිදෝෂය පිළිබඳ ආයුර්වේදයේ නිර්වචනය එලෙසය.

අප ශරීරය නිර්මාණය වී ඇත්තේ දෝෂ – ධාතු – මල යන කොටස් තුනෙන් බව අෂ්ටාංග හෘදය කතුතුමා පැහැදිලි කර ඇත්තේ ‘දෝෂ, ධාතු, මල, මූලංහි ශරීරම්’ යනුවෙනි.
ශරීරය ක්‍රියාත්මක කරන ප්‍රධාන ශක්තිත්‍රය වන වා, පිත්, සෙම් සැමවිටම දෝෂ වශයෙන් ගිණිය නොහැකිය. මෙම ශක්තීන් නියමිත පරිදි ක්‍රියාත්මකව ශරීරය පවත්වාගෙන යෑම ධාතු නමින්ද තමනට අයත් කාර්යය නිසි පරිදි ඉටු නොවන විට දෝෂ වශයෙන්ද එසේ විකෘතියට පත්වූ සෙම් මඟින් ශරීරය කිලිටි වීම මල නමින්ද හැඳින්විය හැකිය.

ගැටීම්, වැටීම්, ඇට බිඳීම් හා අධික ශෝකය, සීතල, බිය ආදියෙන්ද, නිදිමැරීම්, මල මුත්‍රාදී වේග දැරීම් ආදියෙන්ද, වාත කෝපවීම් ඇති විය හැකිය.
වාතයෙහි ප්‍රභේද පහකි.

  1. ප්‍රාණ වාතය 2. උදාන වාතය 3. ව්‍යාන වාතය 4. සමාන වාතය 5. අපාන වාතය
    එම ප්‍රභේදයන්ය.
    කටුක, අම්ල, උෂ්ණ ආහාර අධික ශාරීරික වෙහෙසීම, ආහාර පානයෙන් වැළකීම ආදී කරුණු මූලිකව පිත් කෝපය ඇති වෙයි.
    පිතද..,
  2. පාචක පිත 2. රංජක පිත 3. සාදක පිත 4. ආලෝචක පිත 5. භාජක පිත යනුවෙන් පස්වැදෑරුම්ය.
    මීකිරි, කිරි, ගිතෙල්, පිටි වර්ගයන්ගෙන් නිෂ්පාදිත ආහාර කැවිලි වර්ග අනුභවය. දහවල් නිදීම, ශීතල දේශගුණික බලපෑම් අනුසාරයෙන්ද, කඵ හෙවත් සෙම් කෝපය සිදුවෙයි.
    සෙමද ප්‍රභේද වශයෙන් පස් ආකාරයකි. එයද,
  3. අවලම්බක 2. ක්ලේදක 3. බෝධක
  4. තර්පක
  5. ශ්ලේෂක නම් වෙයි
    මෙම ප්‍රභේදයන් සම තත්ත්වයෙන් පවතින තෙක් ධාතු නමින්ද, මඳක් හෝ වෙනසක් ඇති වුවහොත් දෝෂ නමින්ද හඳුන්වන අතර, ස්වල්ප වූ හෝ දෝෂයක් ඇති වුවහොත් රෝග තත්ත්වයක් ලෙසද සැලකෙයි.
    වා, පිත්, සෙම් සම තත්ත්වයෙන් පවත්නා කල්හි එමඟින් සප්ත ධාතුන් නිර්මාණය වෙයි. සප්ත ධාතුන් ශරීර හැඩය, පෝෂණය ඇති කරයි. සප්ත ධාතුන් දෙවැනි වන්නේ ත්‍රිදෝෂයට පමණකි. යම් දෙයක සාරවත්ම හා බලවත්ම කොටස ධාතු නමින් හැඳින්වෙයි.
    මෙම ධාතුවද,
    රස ධාතුව තනකිරි මඟින්ද
    රක්ත ධාතුව ඍතු හා ලේ මඟින්ද
    මාංශ ධාතුව වෘණ තෙල් මඟින්ද
    මේදයේ ධාතුව දහදිය මඟින්ද
    අස්ථි ධාතුව දත් මඟින්ද
    මජ්ජා ධාතුව කෙස් මඟින්ද
    ශුක්‍ර ධාතුව ඕජස් මඟින්ද බලය ඇති කරයි.

    ඉහතින් දක්වන ලද ධාතුන් දුර්වල වීම හෝ විකෘති තත්ත්වයට පැමිණියා වූ වා, පිත්, සෙම් ශරීරය කිලිටි කරන හෙයින්ද එය මල වශයෙන් හඳුන්වනු ලැබේ.

    මෙම මල දහඩිය, මුත්‍ර, අසූචි යනුවෙන් තුන් වැදෑරුම්ව හඳුනාගත හැකිය.
    ත්‍රිදෝෂ දෝෂයක් නොවන තුරු ධාතු වශයෙන්ද, දෝෂ සහගත වූ කළ ත්‍රිමල වශයෙන්ද හැඳින්වීම අනුමිතය. ශරීර මූලයන්හි තෙවැනි කොටස වන මල පිළිබඳව විමසීමේදී එය පිට කිරීම, දුරුකිරීම තුළින් ශරීරය පිරිසුදු වන බව පැවසෙයි.

    ශරීරයෙන් බැහැර කළයුතු අපිරිසුදු කොටස් මල වශයෙන් හඳුන්වනු ලැබේ. දෝෂ, ධාතු, මල තෙවැදෑරුම් බලය ළිප බැඳි ගල් ත්‍රිත්වයකට උපමා කරන්නේ නම් එම ළිපගල් මත තබා ඇති බඳුන ශරීරයයි.
    ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති
SendShareShare
Previous Post

මට ගොඩක් දේවල් නැතිවුණා

Next Post

සෝමසිරි මැදගෙදර හාට් එකට කිව්ව කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.