• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

August 22, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 අගෝස්තු 25 ඉරිදා සිට 31 සෙනසුරාදා දක්වා

මේෂ
හදිසි අනතුරු

මේ සතිය තුළදී ඔබ විශේෂයෙන්ම හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වියයුතු වන අතර ලග්නාධිපති කුජ පස්වැන්නේද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනී. බඬේ අජීර්ණ ආදිය ඇතිවිය හැකි අතර මවටද අපලදායක කාලයකි. විරුද්ධකරුවන් නිසා පාඩුවක් සිදුවිය හැකියි. වගා කටයුතුවල යෙදී සිටින මේෂ ලග්න හිමියන්ට වාසි ලැබෙන සතියකි. රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් පෙනෙන්නට තිබේ. සමාජයෙහි පිළිගැනීම ඇතිවේ.
ජය අංකය – 05, ජය වර්ණය – දුඹුරු පාට
වෘෂභ
උසස් වීමක්

රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි වෘෂභ ලග්න හිමියන්ගේ එම අදහස මේ සතිය තුළදී ඉටුවන බව පෙනේ. ලග්නාධිපති සිකුරු හතරවැන්නේද, සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන් ගනී. ව්‍යාපාරිකයන්ට අලුතින් ගනුදෙනුකරුවන් ලැබී අතමිට සරු වේ. ගෘහ ජීවිතය සතුට, සාමය වැඩිවන කාලයකි. ඉඩකඩම් දේපොළවලින් වෙනදාට වඩා ආදායම් ලැබෙන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතී.
ජය අංකය – 04, ජය වර්ණය – දම් පාට.
මිථුන
සහෝදරයකුට කරදරයක්

ලග්නාධිපති බුධ 2, 3 භාව හරහාද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන් ගනී. මේ සතිය තුළදී ඔබගේ සහෝදරයකුට හෝ සහෝදරියකට සිදුවන කරදරයක් හේතුවෙන් ඔබගේ වැඩකටයුතු අතපසු වීමට හේතුවේ. අසල්වැසියන් සමඟ මෙතෙක් පැවැති හොඳහිත පළුදු වන ආකාරයේ සිදුවීමක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. ආදායම් තත්ත්වය අඩුවන කාලයකි.
ජය අංකය – 03, ජය වර්ණය – කහ පාට.
කටක
අලුත් ඉගෙනීමක්

අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අලුතින් යමක් ඉගෙනීමට ආරම්භ කරන සතියකි. ලග්නාධිපති සඳු. 11, 12, 1, 2 භාව හරහා ගමන් ගනී. නොයෙකුත් තරාතිරම්වල අය සමඟ උරෙන් උර ගැටී වැඩ කරමින් නොයෙකුත් අත්දැකීම් ලබාගැනීමට හැකිවන කාලයකි. එදිනෙදා කටයුතුවලට බාධක එල්ල වුවද කෙසේ හෝ අවසාන අරමුණ ළඟාකර ගැනීමට හැකිවේ. වියදමට අවශ්‍ය මුදල් නොඅඩුව ලැබෙන සතියකි. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතී.
ජය අංකය – 01, ජය වර්ණය – ළා නිල් පාට
සිංහ
හදිසි කෝපය

ලග්නාධිපති රවි, කුජ සමග ලග්න භාවයේමද, සඳු 10, 11, 12, 01 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. ශරීරයේ උෂ්ණාධික බවක් තමන්ට දැනේ. සුළු දෙයකට වුවද කේන්ති ඇතිවන සතියක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලාගත යුතුය. අනවශ්‍ය කරදර වරින්වර ඇතිවේ. තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අතපසු වී අන් අයගෙන් උදව් ලබාගැනීමට සිදුවන කාලයකි. සති අන්තයේදී තනිවම දුර බැහැර ගමනක යෙදීමට සිදුවිය හැකිය.
ජය අංකය – 01, ජය වර්ණය – රතු පාට.
කන්‍යා
මුදල් හානි

මේ සතිය තුළදී ඔබගේ මුදල් නිෂ්ඵල ලෙස වියදම් වන බවක් පෙනේ. ලග්නාධිපති බුධ 11, 12 භාව හරහාද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන් ගනී. හෘද රෝග, සෙම් රෝග ආදිය ඇතිවිය හැකි කාලයකි. නිතර ඇසුරු කරන අය හමු නොවී හුදකලා ජීවිතයක් ගෙවීමට සිදුවේ. තමන් යටතේ සේවය කරන අය සිටින කන්‍යා ලග්න හිමියන්ට ඒ අය නිසා පාඩු සිදුවන කාලයකි. තමන් කරන වැඩවල ප්‍රතිඵල අන් අය ලබන සතියකි.
ජය අංකය – 02, ජය වර්ණය – කොළ පාට.
තුලා
තරගකාරී බවක්

ඔබගේ රැකියාවේ ව්‍යාපාරයේ වෙනදාට වඩා තරගකාරී බවකට මුහුණදී දුරදිග සිතා බලා කටයුතු කරන්නට සිදුවේ. ලග්නාධිපති සිකුරු හත්වැන්නේද, සඳු 8, 9, 10, 11 භාව හරහාද ගමන් ගනී. තරුණ වයසේ සිටින තුලා ලග්න හිමියන්ට ආදර බන්ධන ඇතිවන කාලයකි. විවාහකයන් අතර සමගිය සමාදානය වර්ධනය වේ. එදිනෙදා කටයුතු නිසියාකාරව කරගැනීමට නොහැකිව අතපසු වන බවක් පෙනේ.
ජය අංකය – 07, ජය වර්ණය – නිල් පාට
වෘශ්චික
සිත් වේදනා

මේ සතිය තුළදී ඔබ වැඩිපුර සිත් වේදනාවෙන් සහ කනස්සල්ලෙන් කාලය ගත කරයි. ලග්නාධිපති කුජ 10 වැන්නේද, සඳු 7, 8, 9, 10 භාව හරහාද ගමන් ගනී. වැඩිහිටියකුට සිදුවන විපතක් නිසා ඔබගේ එදිනෙදා කටයුතු අවුල් වී යයි. වැඩකටයුතු කීපයක් නිමකර ගැනීමට අවශ්‍ය වුවද මුදල් නැතිකමින් වැඩ කරගැනීමට නොහැකි වේ. අලුත් අලුත් අත්දැකීම් ලැබීමට හැකිවන කාලයක් වන අතර ආගමික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි.
ජය අංකය – 01, ජය වර්ණය – රන්වන් පාට
ධනු
වාසනාවන්ත සතියක්

ලග්නාධිපති ගුරු 12 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනිමින් ඔබට වාසනාවන්ත සතියක් උදාවේ. සුළු සුළු වස්තු ලාභ මෙන්ම ධන ලාභද ලැබේ. ගෙදරදොර වැඩකටයුතු සඳහා මෙහෙකරුවන්ගේ උදව් උපකාර ලැබෙන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතින අතර මෙතෙක් අසනීපයෙන් පසුවූ ධනු ලග්න හිමියන්ට සුවය ලැබේ. පවුලේ සෑමදෙනා සමග එක්ව විනෝද ගමනකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.
ජය අංකය – 03, ජය වර්ණය – දම් පාට
මකර
ගෘහ අලංකාරය

ලග්නාධිපති ශනි 12 වැන්නේද, සඳු 5, 6, 7, 8 භාව හරහාද ගමන් ගනී. ගෙදරදොර පිරිසුදු කර අලංකාරව තබා ගැනීම සඳහා වෙහෙසෙන අතර ඒ සඳහා අවශ්‍ය අලුත් බටුමුට්ටු කීපයක්ද මිලදී ගනී. අවිවාහක මකර ලග්න හිමියන්ට මංගල යෝග උදාවන කාලයකි. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් තමන්ගෙ ්දියුණුව පිණිස උදව් උපකාර නොඅඩුව ලැබෙන කාලයකි. ආදායම් තත්ත්වය වෙනදාට වඩා වැඩි වන බවක් පෙනේ. සැමගේ අවධානය ඔබ වෙත යොමුවන කාලයකි.
ජය අංකය 05, ජය වර්ණය – නිල් පාට
කුම්භ
බලාපොරොත්තු රහිත ගමන්

මේ සතිය තුළදී ඔබට බලාපොරොත්තු රහිත ගමන් කීපයක්ම යෙදෙන අතර ඔබ අත තිබූ මුදල් ඒ සඳහා නිකරුණේ නාස්ති වී යයි. ලග්නාධිපති 11 වැන්නේද, සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන් ගනී. මෙතෙක් කරගෙන ආ කටයුතුවල වෙනසක් සිදුකිරීමට උත්සාහ දරයි. සහෝදරයකුට හෝ සහෝදරියකට සිදුවන අසනීපයක් නිසා කාලය වැයකිරීමට සිදුවේ. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්වන සතියකි.
ජය අංකය – 02, ජය වර්ණය – දම් පාට
මීන
ධන ලාභයක්

සඳු 3, 4, 5, 6 භාව හරහාද ලග්නාධිපති ගුරු නව වැන්නේද ගමන් ගනිමින් ගෙවීයන මේ සතිය තුළදී ඔබට හදිසි ධන ලාභයක් ලැබීමට නියමිත බැවින් ලොතරැයි ආදිය මිලදී ගැනීමට සුදුසුය. එදිනෙදා ලැබෙන ආදායම්ද ඉහළ මට්ටමක පවතින අතර මුදලක් ඉතිරි කර ගැනීමටද හැකිවේ. උෂ්ණාධික රෝග ඇතිවිය හැකි බැවින් ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි මීන ලග්න හිමයන්ගේ එම අදහස් ඉටුවේ.
ජය අංකය – 09, ජය වර්ණය – නිල් පාට.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද ජ්‍යොතිෂ ශිරෝමනී දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775489695

SendShareShare
Previous Post

නවරත්න මුද්දේ රැවටිල්ල

Next Post

ශීර්ෂ රේඛාව කැඩිලද එහෙනම් මාරක අනතුරක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.