නිරෝෂා පෙරේරා කියන්නේ මීට කාලෙකට පෙර කලා ක්ෂේත්‍රයේ විවිධ පැති කිහිපයක් හරහාම ජනතා ආදරයට ලක් වුණු තැනැත්තියක්. නිවේදිකාවක් ලෙසත්, නිරූපණ ශිල්පිනියක ලෙසත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක ලෙසත් ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. කොහොම වුණත් පසුගිය කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇය ජපන් ජාතික පිරිමියකු සමඟ විවාහ වූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකුත් මේ අතරේ ප්‍රචාරය වුණා.
ඇය මේ දිනවල වැඩිය පේන්න නැත්තේ ඇයි කියන එක කොයි හැටි වෙතත් ඇය සහ ජපන් ජාතිකයා සම්බන්ධ ඡායාරූපවල ඇත්ත කතාව හොයා ගන්න නම් අපිට පුළුවන් වුණා. ඒ තමයි නිරෝෂා පෙරේරා රඟපාන අලුත්ම චිත්‍රපටය. ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත සම්මානලාභී නවකතාවක් වන “කන්දක් සේ මා” ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.
විවාහ ඒජන්සිකරුවෙක් හරහා වයස්ගත ජපන් ජාතිකයකු සමඟ විවාහ වී ජපානය බලා පිටත් වන “නූපා” නැමැති චරිතයට තමයි එහි නිරෝෂා පණ පොවන්නේ. තම උපන් රටින් බැහැරව නොදන්න දේශයක ආදරය සහ ජීවිතය අතර තනිවන තරුණියක පිළිබඳ දිග හැරෙන අනුවේදනීය කතාවක් තමයි “කන්දක් සේ මා”.
සුන්දර ජපානයේ දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අශෝක අතාවුදහෙට්ටි විසින්. එහි තිර රචනය සහ දෙබස් සුමිත්‍රා රාහුබද්ධ විසින් සිදු කරලා තියෙනවා. නිරෝෂා පෙරේරාට අමතරව බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, වසන්ත කොටුවැල්ල, වීනා ජයකොඩි, පුබුදු චතුරංග, කෞශල්‍ය ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න, සිරිල් වික්‍රමගේ ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.
මීට ටික කලකට පෙර නිෂ්පාදනය අවසන් කළත් “කන්දක් සේ මා” ප්‍රදර්ශනය කිරීම් විවිධ හේතු හින්දා ප්‍රමාද වුණා. අන්තිමේදී කොරෝනා වසංගතය රට තුළ ඇති කෙරුව ව්‍යවසනය හේතුවෙන් එය තවත් ප්‍රමාද වුණා. කොහොම හරි මේ අවුරුද්ද අවසානයේදිවත් මේ අපූරු චිත්‍රපටය නරඹන්න අපිට වාසනාව ලැබේවි කියලා හිතනවා.
දසුන් ප්‍රිය











