• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද දේශප්‍රියට ගෙදර යන්න වෙයිද?

May 9, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
මහින්ද දේශප්‍රියට ගෙදර යන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය මුල්කරගෙන 800කට අධික පිරිසක් රට ඇතුළේ ආසාදනය වී සිටියත්, රට තවමත් ඇඳිරි නීතිය දමා වසා දමා තිබුණත් පසුගිය සතිය ආරම්භ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මූලික මාතෘකාව බවට පත්ව තිබුණේ මේ කොරෝනා වෛරසය නොව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. යළිත් මැතිවරණයකට දින කැඳවා ඇති පසුබිමක මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන ක්ෂේත්‍රයේ මාතෘකාවක් වීම නොවැළැක්විය හැකි වුවද පසුගිය සතියේ මහින්ද දේශප්‍රිය ප්‍රධාන මාතෘකාවක් වූයේ මැතිවරණය නිසා නොව ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි මතුවීම නිසාය. ආන්දෝලනයට හේතු වූයේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් මහින්ද කටයුතු කළද සිය පුතා වූ විදුර කාශ්‍යප දේශප්‍රිය මහතාව නෙදර්ලන්තයේ සිට යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා මහින්ද දේශප්‍රිය සිය තනතුර අවභාවිතාවේ යොදවමින් ආණ්ඩුවේ ඉහළ තැන්වල නිලධාරීන්ට කතාකොට ඇති බවට චෝදනාවක් එල්ලවීමය.

මහින්දට චෝදනාව ආවේ උවිදුගෙන්

සාමාන්‍යයෙන් මහින්ද දේශප්‍රිය සැලකෙන්නේ සිය පවුලේ කටයුතුවලට වඩා රාජකාරියට මුල්තැන දී කටයුතු කරන අවංක රාජ්‍ය නිලධාරියකු ලෙසය. එවැන්නකු සම්බන්ධයෙන් හිටි හැටියේම මෙවැනි ආන්දෝලනයක් මතුවන්නට පටන් ගත්තේ පසුගිය සඳුදා (04දා) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාලවල පැතිරී ගිය එක්තරා විශේෂ පෝස්ටුවක් සමඟය. එම පෝස්ටුව යොමුකර තිබුණේ ලන්ඩනයේ සිට ‘කොලම්බු ටෙලිග්‍රාෆ්’ නමැති වෙබ් අඩවිය පවත්වාගෙන යන උවිඳු කුරුකුලසූරිය විසිනි. ඒ වන විටත් ලන්ඩනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මඟින් ශ්‍රී ලාංකික සිසුන් 215කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමට සැලැසුම් කර තිබූ පසුබිමක් යටතේ උවිඳු සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ ප්‍රකාශයකින් කියැවුණේ “අද ලන්ඩන් ඉඳන් එන ප්ලේන් එක හෙට කොළඹ බහිනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කෙනෙක් එනවා. තාත්තාට තමයි ප්‍රශ්නය ඇතිවෙන්නෙ…” යනුවෙනි.

ලන්ඩන් ෆ්ලයිට් එකේ ආපු පුතා…

උවිඳු මෙම සටහන සඳුදා රාත්‍රියේ සිය ෆේස්බුක් පිටුවේ සටහන් කිරීමත් සමඟ මෙරට සිටින ඔහුගේ හිතවතුන්ද, මාධ්‍යවේදීන්ද දේශපාලනඥයන්ද ලන්ඩනයේ සිට පැමිණෙන මේ විශේෂ පුත්‍රයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වහ වහා සොයා බලන්නට වූහ. ඇතැමුන් කීවේ එම යානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා ඇමෙරිකාවේ සිට පැමිණෙනවා යැයි කියාය. තවත් සමහරුන් කීවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුතකු මේ යානයේ පැමිණෙනවා යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා තම තමන්ට හිතවත් දේශපාලකයන්ටත්, මාධ්‍යවේදීන්ටත් කතාකොට විමසන්නට වූයේ මෙසේ පැමිණෙන විශේෂ පුත්‍රයා කවුරුන්ද යැයි කියාය. නමුත්, ඒ කිසිවකුටත් දෙන්නට හරිහමන් පිළිතුරක් තිබුණේ නැත.

‘කලම්බු ටෙලිග්‍රාෆ්’ හෙළිදරව්ව

නමුත්, මීට නිවැරැදි පිළිතුර ලැබුණේ ඊට පසු දින උවිඳු විසින් පවත්වාගෙන යනු ලබන ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියෙනි. එදින එහි එක්තරා විශේෂ පුවතක් පළකෙරුණු අතර එමඟින් කියා තිබුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් උදව් ලබාගෙන ඇතැයි කියාය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මේ ආකාරයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රටේ ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගෙන් තම පෞද්ගලික කාරණයක් සඳහා උපකාර ඉල්ලා සිටීම විශාල ගැටලුවක් බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

පුතා ආවේ නෙදර්ලන්තයෙන්

මේ සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රියගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාටත්, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත ආරියසිංහ මහතාටත්, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතාටත් ලිපි යොමුකර තිබූ අතර, ඔහු එමඟින් දැනුම්දී තිබුණේ තමන් ඇතුළු නෙදර්ලන්තයේ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා පැමිණ සිටි ඉන්ජිනේරුවන් හතරදෙනකුට ඍජුවම හෝ එංගලන්තය හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ගමන් පහසුකම් ලබාදෙන ලෙසය. එම සිවුදෙනාගේ නම්ද, විදෙස් ගමන් බලපත්‍රද, දුරකතන අංකද එම ලිපියේ සඳහන්ව තිබුණු අතර, එහි පිටපත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා වෙත යැවීමටද විදුර කාශ්‍යප මහතා පියවර ගෙන තිබිණ.

ඉහළින් මහින්දට ඇමතුම් ඇවිත්

කෙසේ වෙතත් මෙම ලිපිය ආණ්ඩුවේ ප්‍රධාන තැන්වලට ලැබීමත් සමඟ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙන්ම අගමැතිවරයාගේ ලේකම්වරයා වන ගාමිණී සෙනරත් මහතාද මහින්ද දේශප්‍රියට දුරකතන ඇමැතුම් ලබාදී පුත්‍රයාව නැවැත ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එමෙන්ම ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාද මේ සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව එම සිවුදෙනාගේ නාමලේඛනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඊට අවශ්‍ය අනුමැතියද එසැණින් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ. ඒ අනුව ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා වෙත විද්‍යුත් පණිවුඩයක් යවමින් දැනුම් දී සිටියේ මහින්ද දේශප්‍රිය මහතාගේ පුත්‍රයාත් ඇතුළුව තවත් සිවුදෙනකුගේ නම් පස්වැනිදා ලන්ඩනයේ සිට පැමිණෙන ශ්‍රී ලංකන් මගී ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසත්, ඔවුන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසත්ය.

‘කලම්බු ටෙලිග්‍රාෆ්’ එකට මහින්ද දුන් උත්තරේ

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය මැයි මස 04 වැනි දින මහින්ද දේශප්‍රිය මහතාට විද්‍යුත් පණිවුඩයක් එවමින් මෙම කතාවේ සත්‍යතාවය පිළිබඳව තොරතුරු විමසීමක් කිරීමට කටයුතු කර තිබිණ. ඊට මහින්ද දේශප්‍රිය මහතා කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට පිළිතුරු යවා තිබුණේ මේ අයුරිනි.
“මගේ පුත්‍රයා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවෙකි. ඔහු හා රාජ්‍ය සේවයේ තවත් ඉන්ජිනේරුවන් සිවුදෙනකු නෙදර්ලන්තයේ රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධි පාඨමාලා හදාරා අවසන් වී ලංකාවට නැවැත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ලදී. ඉන් එක් අයකුගේ අධ්‍යාපන කටයුතු අවසන් නොවූ නිසා මාගේ පුත්‍රයා හා අනෙක් තිදෙනා නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හරහා විදේශ අමාත්‍යාංශයේද, එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේද ලියාපදිංචි වී ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රී ලංකන් ගුවන් සේවාව අමතා ලිපි ලියා ලද අවසර මත අද (මැයි 05) දින ලන්ඩන් නුවර සිට පැමිණෙන ගුවන් යානයේ පැමිණේ. එය ඔවුනට වෙන්කළ විශේෂ යානයක් නොවේ. මොහු විශේෂ යානයකින් ගෙන්වා දෙන ලෙස හෝ මොහු සම්බන්ධයෙන් විශේෂයක් කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නැත…’ යන්න එහි සඳහන් විය.

ඉල්ලා අස්වෙන්න තීන්දුවක්

මේ ආකාරයට මහින්ද දේශප්‍රිය තමන්ගේ නිදොස් බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වෙත දන්වා යැවුවද පුතාගේ සිදුවීමත් සමඟ තමන් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනයක් මතුවන බවක් ඔහුට වැටහී ගොස් තිබිණ. විශේෂයෙන්ම මහින්ද දේශප්‍රිය යනු බොහෝ හිතවතුන් පිරිසක් ආශ්‍රය කරන පුද්ගලයකු වීම නිසා මෙම ආන්දෝලනය මතුවීමත් සමඟ බොහෝ දෙනකු ඔහුගෙන් මේ සම්බන්ධව විමසීමට කටයුතු කිරීම ඊට එක් හේතුවක් වී තිබිණ. ඒ අනුව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එක් අවස්ථාවකදී මෙම ආන්දෝලනය මුල්කරගෙන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පවා යොමු කිරීමට සූදානමින් සිටි බවකි. නමුත් ඔහුගේ පවුල ඇතුළෙන්ම එසේ නොකරන ලෙසට මහින්ද දේශප්‍රියට දැනුම් දී තිබූ බවද මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

මැකො දාපු දීර්ඝ උත්තරය

කෙසේ වෙතත් මෙම ලිපිය පළවීමත් සමඟ සහ ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා තමන්ගෙන් කළ විමසීම්වලටත් පිළිතුරු ලබාදීමට අවසානයේ මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන තිබිණ. ඒ අනුව පළමුව උවිඳු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනට පිළිතුරු ලබා දුන් මහින්ද දේශප්‍රිය ඉන් අනතුරුව එම පිළිතුරු ලිපියම තම ෆේස්බුක් පිටුවේද පළකිරීමට පියවර ගත්තේය. එම ලිපිය මඟින් මහින්ද දේශප්‍රිය අවධාරණය කර තිබුණේ සිය නිල තත්ත්වය භාවිතා කර තම පුත්‍රයා වූ විදුර දේශප්‍රිය ලංකාවට ගෙන්වා ගැනීමට තමන් කිසිදු අයතු බලපෑමක් කර නොමැති බවත්, එසේ වුවද තම පුත්‍රයා විසින් එවන ලද ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසීමෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මා නොකළ යුතු දෙයක් කර ඇත්නම් සියල්ලන්ටම ආයුබෝවන් යනුවෙන් පවසා මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් පසෙකට වීම හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවත්ය. ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ පළකළ සම්පූර්ණ පිළිතුර කිසිදු සංස්කරණයකින් තොරව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙසේ පළකරමු.
“අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මගේ නිල තත්ත්වය භාවිතා කර මා අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් මට චෝදනාවක් එල්ල කර තිබේ . ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියකට (කලම්බු ටෙලිග්‍රාෆ්) පෝස්ටුවකට මා ලියූ සටහන පහත අලවමි .
නෙදර්ලන්ත රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත මාස 18ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන් වීමෙන් පසු, ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකුවූ මාගේ පුත්‍රයා විදුර කාශ්‍යප දේශප්‍රිය අද 2020 මැයි 06 දින අලුයම කටුනායකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.

ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවුදෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළද ඉන් අයකුගේ අධ්‍යයන කටයුතු අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි.
මාගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සදහා මවිසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ යානයක් වෙන් කරවා ගෙන තිබේ දැයි මැයි 04 දින පෙරවරුවේ, පුද්ගලයින් තිදෙනකු වෙන වෙනම අවස්ථා තුනකදී අපගේ පවුලේ මිතුරකු වූ රජයේ නිලධරයකුගෙන් විමසූ බව, විදුර 05දා ඇම්ස්ටර්ඩෑම්හි සිට ලන්ඩන් වෙත ගොස් එහි සිට මෙහි පැමිණෙන බව මා විසින් ඔහුට දැන්වූ විට මා සමග ප්‍රකාශ කළේය .
එමෙන්ම අද දින ඉ- පුවත්පතක මාධ්‍යවේදියකු, මාගේ පුත්‍රයාගේ පැමිණීම ගැන ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කළ විටදී එය පළ කිරීමට පෙර ඒ ගැන මා විමසීම මැනවි යයි මේ සටහන ලියන මාගේ මිතුරා ඔහුට දන්වනු ලදුව ලිපිය සැකසීමට අපේක්ෂිත එම මාධ්‍යවේදී මහතා විසින් ඒ හා සබැදි කරුණු මගෙන් ඉ- තැපැල් ලිපියකින් විමසන ලදී. මගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා ගරු ජනාධිපතිවරයා වෙතින් යම් ඉල්ලීමක් කළේද යන්න සහ ඒ වෙනුවෙන් විශේෂ ගමනක් සංවිධානය වූයේද යන්න එයින් විමසා තිබිණි . මම එයට පිළිතුරු දුනිමි.

එමෙන්ම මා දන්නා හඳුනන සැලකිය යුතු මිතුරන් සංඛ්‍යාවක් ද මේ ගැන සාකච්ඡා කරන බව, ඉන් සමහර දෙනකු සෘජුවම මගෙන් මේ ගැන විමසන හෙයින් නිරීක්ෂණය වේ .
එහෙයින් මේ සිද්ධියට අදාළ කරුණු මතු සදහන් කරමි .

නෙදර්ලන්ත තානාපතිටත් කතා කරලා

  1. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ . මා දන්නා පරිදි එංගලන්තයද ඇතුළු මහා බි්‍රතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකාා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය/නිලධාරීන්ටද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබුණි .
  2. අධ්‍යයන කටයුතු අවසන් වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ තානාපති කාර්යාලයේ හා එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේද විදේශ කටයුතු අමාත්‍යාංශයේද ලියාපදිංචි වී තිබිණි
  3. ඔවුනට ලංකාවට පැමිණීම සදහා පහසුකම් සලසා දෙන ලෙස තානාපති කාර්යාලය හරහා ද සෘජුවද මේ පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී
  4. මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකථනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කරගැනීමයි. එමෙන්ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේද යන්න ද මවිසින් විමසන ලදී
    ඒ අතරතුර ලන්ඩන්හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබා ගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ ඖෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයාටද මම කතා කළෙමි.

ජනාධිපතිට කෝල් කළේ මෙහෙමයි…

  1. මැයි 05 දිනයේදී මා , ගරු ජනාධිපතිවරයාට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වා ගැනීම ගැන මා කිසිවිටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමාද මේ ගැන විමසා නැත. එසේ වුවද මාවිසින් එතුමාගේ විශේෂ සහායක් ලබා ගෙන අපගේ පුත්‍රයා ගෙන්වා ගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි. මාගේ පුත්‍රයා ගෙන්වා ගැනීම සදහා සහාය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වා ගැනීම ගැන කතා නොකළ බවද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේදී එතුමා දැන්වීය.
  2. එබැවින් මාගේ නිල තත්ත්වය භාවිතා කර මාගේ පුත්‍රයා වූ විදුර දේශප්‍රිය ගෙන්වා ගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත .
  3. මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන්, මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගත යුතුද යන්න හා මා මැකොස සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි. අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළබැදියා අතර ගැටුමක් බව ඔහුගේ මතයයි. ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි .
  4. මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාටද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාඨමාලා අවසන් වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය ඇති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි. මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටක මාගේ නිල තත්ත්වය, ඔවුන් හඳුන්වා දීමට හෝ භාවිතා නොකරන බව හෝ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිතා කර නැති අප ගැන දන්නා සැවොම දනිති.
    එසේවුවද සැමවිටම අපට අවලාද හා විවේචන එල්ල වේ.
    ඒ සෑම අවලාදයක්ම ප්‍රශංසා මෙන්ම එකම ආකාරයෙන් සැලකීමට උත්සාහ කරමින් සිටිමි.
    එනමුත් මේ කරුණ බරපතළ ලෙස සලකා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ යයි සිතන අපේ සමාජ ක්‍රියාකාරීහු රැසක් සිටිති එහෙයින් මේ ගැන යමක් කළ යුතු යයි සිතමි. මක්නිසාද යත් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසමද ජනතා පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදයද, අම්බලන්ගොඩ නගරය හා ධර්මාශෝක විද්‍යාලයද, මිත්‍රත්වයද පවුලේ සබඳතාවලට වඩා ඉහළින් සලකමින් මුලු දිවිය පුරාම කටයුතු කළ මට, විශේෂයෙන්ම පුත්‍රයා 2010/2011 වර්ෂවල බරපතළ ලෙස රෝගාතුරව දින ගණනාවක් රෝහල්ගතව සිටියදී ඔහුගේ සාත්තුව සදහා දිවා කාලයේ යෙදවීමට අන් කිසිවකු නොමැතිව සිටියදී පවා රෝහලේ රැඳී නොසිට රාජකාරි ඉටු කළ මට ඔහු වෙනුවෙන්, මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණක් බැවිනි.

    පසුගිය අප්‍රේල් 25 දින ඡන්ද විමසීම පැවැත්වීමට නියම කළ වහාම මට වයස අවුදු 65 සම්පූර්ණ වන 2020 ජුනි 05 දින සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැයි 05 දා ගරු ජනාධිපතිවරයා වෙත යැවීමට මාර්තු මුල් සතියේ මා සකස් කළ බවත්, එසේ නොකරන ලෙස මාගේ සමීපතයන් ඉල්ලා සිටි බවත් දන්නා සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම අප්‍රේල් මස මුලදීද මා ඒ යෝජනාව ගැන නැවත අවධානය යොමු කළ අතර එසේ කිරීම සුදුසු නැති බව අපගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මතය විය. ඉන් අනතුරුව මට එරෙහිව දරා ගැනීමට බැරි තරම් අභූත චෝදනා අපගේ තවත් මිතුරකුගේ සහාය ඇතිව මෑතදී, මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදීද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් මට තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා මම මේ තනතුරෙන් ඉවත් වීමේ යෝජනාව ගැන අප්‍රේල් අගද, මැයි පළමු සති අන්තයේද මා අපගේ සගයන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.
    එබැවින් මිතුරනි, දේශපාලන ක්‍රියාකාරීනි, සිවිල් සමාජ ක්‍රියාකාරීනි, මාධ්‍යවේදීනි, පුරවැසියනි,
    මා සැමවිටම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය, විගණනය හා හෘදය සාක්ෂිය ඉදිරියේ වරදකරුවකු නොවන සේ ක්‍රියා කළ යුතු වෙමු. මාගේ මෙම කාර්යය ඒ කිසිදු අයුරකින් වරදක් නෙවේ යයි මම සිතමි.
    එසේවුවද මා, අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ, මැකොස සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතැයි හඟිමි.
    කෝවිඞ් 19ට පරාජය – ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි.

උවිදුත් උත්තර දෙයි

කෙසේ වෙතත් මහින්ද දේශප්‍රිය මෙසේ පිළිතුරු ලබාදීමෙන් පසුව උවිඳුද නිකම් සිටියේ නැත. උවිඳු සිය ෆේස්බුක් පිටුවේම තවත් පිළිතුරු සටහනක් තබමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය ඇතුළත සත්‍ය තොරතුරු හෙළි කරමින් පිළිතුරු ලබාදීමට තමන් සූදානමින් සිටින බවය. රාජ්‍ය රහස් තීරය ලියැවෙන සිකුරාදා වන වටත් උවිඳු එම පිළිතුරු ලිපිය නම් පළ කොට තිබුණේ නැත.

මැකො හිටපු කතානායකට පැමිණිලි කරයි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රියද නිකම් සිටියේ නැත. ඒ අනුව මහින්ද දේශප්‍රිය කළේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම ව්‍යවස්ථාදායක සභාව වෙත පැමිණිලි කිරීමය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත්තේ ලබන සඳුදා (11දා) දිනයේ විශේෂ ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (07දා) දිනයේදී ව්‍යවස්ථාදායක සභාවේ සියලුම නියෝජිතයන්ට මේ බව දැනුම්දුන් හිටපු කතානායකවරයා, ස්වාධීන කොමිසම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එහිදී කටයුතු කරන බවද සියලු දෙනාට දැනුම් දී තිබිණ.

අගමැතිත් කරුට කතා කරයි…

මේ ආකාරයට කරු මහින්ද දේශප්‍රියගේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව සඳුදා දිනයේ කැඳවා ඇති බවට මොහොතක් යෑමට මත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කනටද වැටිණ. ඒ අනුව වහාම කරුට ඇමැතුමක් ලබාදුන් මහින්ද එම කතාවේ ඇත්ත, නැත්ත විමසා සිටීමට පියවර ගත්තේය. නමුත් කරු කියා සිටියේ එය මහින්ද දේශප්‍රියගේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ එකක් නොවන බවත්, පොදුවේ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කැඳවූ එකක් බවත්ය.
“ආ එහෙමනම් කමක් නෑ. හැබැයි එක එක්කෙනාගේ ප්‍රශ්න කතා කරන්න ව්‍යවස්ථාදායක සභාව කැඳවනවා නම් මම ඒකට විරුද්ධයි” යන්න එහිදී මහින්ද කරුට ලබාදුන් පිළිතුර විය.

කරුගෙ ගෙදර සාකච්ජා යළි ඇරඹේ

මේ අතර මේ දිනවල කරු ජයසූරිය මහතාටද කාර්යබහුල කාලපරිච්ඡේදයක් උදාවී ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ දිනපතාම පාහේ ඒ මහතාගේ අමරසේකර මාවතේ පිහිටි පෞද්ගලික නිවෙසේ දේශපාලන සාකච්ඡා පැවැත්වීම ආරම්භ වී ඇති නිසාය. සාමාන්‍යයෙන් කරු ජයසූරිය මහතාගේ අමරසේකර මාවතේ පිහිටි නිවෙස සැලකෙන්නේ රහස් දේශපාලන සාකච්ඡා පැවැත්වීමට ප්‍රසිද්ධ ස්ථානයක් ලෙසටය. එකල සිටම දේශපාලනයේ විශේෂ අවස්ථාවකදී රහස් සාකච්ඡා පැවැත්වීමට තෝරාගත්තේ ජයසූරිය මහතාගේ මෙම අමරසේකර මාවතේ පිහිටි නිවෙසය. ඒ අනුව පසුගිය සතිය කරුගේ මෙම නිවෙස කාර්යබහුල වූයේ එජාපයේ රනිල්ගේ පිල මෙන්ම සජිත්ගේ පිලද නියෝජනය කරන ප්‍රබලයන් කිහිපදෙනකුම කරුගේ නිවෙසට පැමිණ සාකච්ඡා ආරම්භ කර තිබීම නිසාය. එහිදී එක් අවස්ථාවක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි අතර සජිත්ගේ පැත්තෙන් රන්ජිත් මද්දුමබණ්ඩාර මෙන්ම, රන්ජිත් අලුවිහාරේ මහතාද අවස්ථා කිහිපයකදීම කරුගේ ගෙදරට පැමිණ කරු සමඟ සාකච්ඡා කර තිබූ බවක්ද දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

නිරෝෂා ජපන් ජාතිකයෙක් බැඳලද?

Next Post

මහාභාණ්ඩාගාරයට අලුත් ලේකම් කෙනෙක්!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.