• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරෝෂා ජපන් ජාතිකයෙක් බැඳලද?

May 9, 2020
in Heart
Reading Time: 1 min read
A A
නිරෝෂා ජපන් ජාතිකයෙක් බැඳලද?
Share on WhatsAppShare on Facebook

නිරෝෂා පෙරේරා කියන්නේ මීට කාලෙකට පෙර කලා ක්ෂේත්‍රයේ විවිධ පැති කිහිපයක් හරහාම ජනතා ආදරයට ලක් වුණු තැනැත්තියක්. නිවේදිකාවක් ලෙසත්, නිරූපණ ශිල්පිනියක ලෙසත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක ලෙසත් ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. කොහොම වුණත් පසුගිය කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇය ජපන් ජාතික පිරිමියකු සමඟ විවාහ වූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකුත් මේ අතරේ ප්‍රචාරය වුණා.

ඇය මේ දිනවල වැඩිය පේන්න නැත්තේ ඇයි කියන එක කොයි හැටි වෙතත් ඇය සහ ජපන් ජාතිකයා සම්බන්ධ ඡායාරූපවල ඇත්ත කතාව හොයා ගන්න නම් අපිට පුළුවන් වුණා. ඒ තමයි නිරෝෂා පෙරේරා රඟපාන අලුත්ම චිත්‍රපටය. ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත සම්මානලාභී නවකතාවක් වන “කන්දක් සේ මා” ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

විවාහ ඒජන්සිකරුවෙක් හරහා වයස්ගත ජපන් ජාතිකයකු සමඟ විවාහ වී ජපානය බලා පිටත් වන “නූපා” නැමැති චරිතයට තමයි එහි නිරෝෂා පණ පොවන්නේ. තම උපන් රටින් බැහැරව නොදන්න දේශයක ආදරය සහ ජීවිතය අතර තනිවන තරුණියක පිළිබඳ දිග හැරෙන අනුවේදනීය කතාවක් තමයි “කන්දක් සේ මා”.

සුන්දර ජපානයේ දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අශෝක අතාවුදහෙට්ටි විසින්. එහි තිර රචනය සහ දෙබස් සුමිත්‍රා රාහුබද්ධ විසින් සිදු කරලා තියෙනවා. නිරෝෂා පෙරේරාට අමතරව බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, වසන්ත කොටුවැල්ල, වීනා ජයකොඩි, පුබුදු චතුරංග, කෞශල්‍ය ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න, සිරිල් වික්‍රමගේ ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.
මීට ටික කලකට පෙර නිෂ්පාදනය අවසන් කළත් “කන්දක් සේ මා” ප්‍රදර්ශනය කිරීම් විවිධ හේතු හින්දා ප්‍රමාද වුණා. අන්තිමේදී කොරෝනා වසංගතය රට තුළ ඇති කෙරුව ව්‍යවසනය හේතුවෙන් එය තවත් ප්‍රමාද වුණා. කොහොම හරි මේ අවුරුද්ද අවසානයේදිවත් මේ අපූරු චිත්‍රපටය නරඹන්න අපිට වාසනාව ලැබේවි කියලා හිතනවා.
දසුන් ප්‍රිය

SendShareShare
Previous Post

සන්ෆලවර් කැඩුණු හැටි රුවන් බණ්ඩාර කියයි

Next Post

මහින්ද දේශප්‍රියට ගෙදර යන්න වෙයිද?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.