• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවෙ අන්තිම රජ බිසවට මොකද වුණේ?

August 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලංකාවෙ අන්තිම රජ බිසවට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේ ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවකින් පිරී ඉතිරී ගිය මහනුවර නගරය මේ වන විට නැවතත් සුපුරුදු තත්ත්වයට පත් වී ඇත. එහෙත් පෙරහැර අවසන් වූවාට මහනුවරට හෝ දළදා මාලිගයට පැමිණෙන පිරිසේ කිසි දිනෙකවත් අඩු වන්නේද නැත. මේ සටහන කියවන ඔබද ජීවිතයේ එක් වරක් හෝ මහනුවර දළදා මාලිගයට ගොස් ඇති බව නිසැකය. ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද අනිවාර්යයෙන්ම යා යුතු තැනක් ලෙස මහනුවර තෝරා ගන්නේ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාමය. ඇතැම් විට ඔබ මහනුවරට කිහිප වරක්ම ගොස් තිබෙනවා වන්නට පුළුවන. මහනුවර අවට පවතින ඓතිහාසික, ආගමික සහ සංචාරක ආකර්ෂණය දිනාගත් සියලුම ස්ථාන පිළිබඳ ඔබ හොඳින් දැන සිටින්නටද පුළුවන. එහෙත් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට සහ සංචාරකයන්ට මඟහැරෙන, මහනුවර දළදා මාලිගය ආසන්නයේම පිහිටි සුවිශේෂ ඓතිහාසික ස්ථානයක් ලෙස මැද වාසල ගොඩනැඟිල්ල හැඳින්විය හැකිය.
වර්තමානය වන විටත් මැදවාසල කෞතුකාගාරය නැරැඹීම සඳහා පැමිණෙන්නේ දළදා මාලිගයට පැමිණෙන පිරිසෙන් අතළොස්සක් බව එහි යන ඕනෑම කෙනකුට පැහැදිලිව දැකගත හැකිය. ඒ සඳහා ප්‍රධානම හේතුව වන්නේ මහනුවරට පැමිණෙන බොහෝ දෙනකු මේ පිළිබඳ දැනුවත් වී නොසිටීමය. දළදා මාලිගය වැඳපුදා ගනිමින් පසු පල්ලේ වාසල කෞතුකාගාරය සහ උඩ වාසල කෞතුකාගාරය නැරඹීමට කටයුතු කරන බොහෝ දෙනකුට ඒ ආසන්නයේම පිහිටා ඇති මැද වාසල කෞතුකාගාරය මඟහැරෙන්නේ ඒ නොදැනුවත්කම මතය. මැද වාසල කෞතුකාගාරය ජනතා ප්‍රදර්ශනයට විවෘත වූයේ මීට වසර තුනකට පෙර එනම් 2016 වසරේ වීමද ඒ සඳහා එක් හේතුවක් වී ඇත.
මැද වාසළ කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව ජීවත් වූ මාළිගය ලෙස හඳුනාගෙන ඇත. මෙරට බිසවක වෙනුවෙන් ඉදිකළ එකම මාළිගය වන්නේද මේ මහනුවර මැද වාසලය. මහනුවර මැද වාසල ඓතිහාසික වටිනාකම අතින් සුවිශේෂ ස්ථානයක් වන්නේද ඒ නිසාමය. 1798 වසරේ සිට 1815 වසර දක්වා මෙරට රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව ලෙස සඳහන් වන්නේ වෙන්කත රංග ජම්මාල් බිසවය. වෙන්කත රංගමාල්, වෙන්කත රංගම්මා යන නම්වලින්ද හැඳින්වෙන ඇය මලබාර් ජාතික කාන්තාවක් බව ඉතිහාස වාර්තාවන්හි සඳහන්ය. උඩරට රාජධානියේ මහ රජුගේ අග මෙහෙසිය වුවද, මෙරට තුළදී රංගමාල් බිසව ගතකර ඇත්තේ එතරම් සුවපහසු දිවියක් නොවන බව මැද වාසලට යන ඕනෑම කෙනකුට පහසුවෙන් සිතාගත හැකිය. විශාල දැව කඳන් යොදා නිමවා ඇති මැද වාසලට ඇතුළු වන දොරටුව විශාල එකක් වුවද, එහි කවුළුව ඉතා කුඩා එකකි. චන්ද්‍රවංකය සහිතව නිමවා ඇති මෙම දොර සඳහා සරනේරු භාවිත කර නැති අතර ඒවා පිළියෙළ කර ඇත්තේ ලීවලින්මය. එමෙන්ම දොර අගුලු නිර්මාණය කර ඇත්තේද ලීවලින් වීම මෙහි තවත් විශේෂවත්වයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ එය ඇතුළතින් පමණක් අගුලු දැමිය හැකි පරිදිය. ඇතුළතින් අගුලු ලූ පසු එය පිටතින් කිසිවකුට විවෘත කළ නොහැකිය.
මැද වාසල ලෙස හැඳින්වුවද, මේ තුළ දක්නට ඇත්තේ එකම එක කාමරයක් පමණක් වීමද තවත් විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකිය. රංගමාල් බිසව ගතකළ ජීවිතයේ දුක්ඛිත බව තවත් තේරුම් යන්නේ එම කුටිය තුළදීය. ඇඳක් තැබීම සඳහා භාවිත කළ කැපුම් හතරක් කුටිය තුළ දක්නට ලැබෙන අතර එයට නුදුරින් දක්නට ඇත්තේ කුටිය තුළදී භාවිත කළ කැසිකිළි ගලය. ඇඳ තබා තිබූ ස්ථානය වටා නිදන් කර තිබූ මන්තර කොටා තිබූ පත් ඉරු කිහිපයක්ද එහි තිබී හමුවී ඇත. මැද වාසල කුටිය නිරීක්ෂණය කරන විට එය වර්තමාන සිර කුටියක තත්ත්වයේ වූ බව තේරුම් ගියද ඇතැම් විට එය සනීපාරක්ෂක පහසුකම් සහිතව නිමවා තිබූ සුවපහසු කුටියක් ලෙස අතීතයේ පැවැතෙන්නට ඇති බවද සිතිය හැකිය. කැණීම් කටයුතු අතරතුර මතුවූ කුටිය පුරා ඇඳි මහනුවර යුගයේ සිතුවම් කිහිපයක් අදටත් මැද වාසල තුළදී දක්නට ඇත. ලී කැටයම්, කැණිමඬල, පද්ම බොරදම් සහිත මැදමිදුල සහ ඒ වටා ඉදිව ඇති කාණු පද්ධතිය වැනි මහනුවර යුගයේ උසස් වාස්තු විද්‍යා ලක්ෂණ රැසක්ද අදටත් මැද වාසල තුළ දක්නට ඇත.
කුටිය තුළ කොයි ආකාරයේ ජීවිතයක් ගත කළද, රාජසිංහ රජු විසින් වෙන්කත රංගමාල් බිසව සැමගෙන් වසන් කර තිබූ බව මහනුවර යුගයේ ඉතිහාස වාර්තා අනුව සොයාගත හැකිය. ඒ වාර්තාවල සඳහන් වන්නේ බිසව දැකගැනීමේ අවස්ථාව උදාවී ඇත්තේ ඇයගේ කිට්ටුම සේවිකාවන්ට පමණක් බවය. මහනුවර යුගයේ තොරතුරු අනාවරණ කෙරෙන වැදගත් මූලාශ්‍රයක් ලෙසින් සැලකෙන රොබට් නොක්ස්ගේ වාර්තාවන්හිද, රංගමාල් බිසව පිළිබඳ සඳහන්වී ඇත.
“ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නීත්‍යනුකූල බිසව මලබාර් දේශයෙන් මෙරටට ගෙන්වාගත් කාන්තාවකි. මා දැන සිටි විසි අවුරුද්දක කාලය තුළ ඇය රජු සමඟ නොවසන බව මම දැනසිටියෙමි. මහ රජු තම ඇසුරින් ඇය ඈත් කොට ඇත්තේය. ඇගේ වාසස්ථානය වූයේ මහනුවර නගරයේ මාලිගාවකි. ඇය කිසි දිනෙක ඇය වසන මාළිගයෙන් පිටතට නොයන්නීය. වංශවත් පවුල් කිහිපයක දූවරු මේ බිසවගේ සේවාව සඳහා කැපවී සිටිති.” ඇය පිළිබඳ රොබට් නොක්ස් සඳහන් කර ඇත්තේය. එලෙස ඇය රඳවා තිබූ කුටිය අද අප කතාකරන මැද වාසල බවට නිශ්චිතව නිරීක්ෂණය කර ඇත්තේ 1815 දී එච්.ටී. කැප්පෙටිපොළ අඳින ලද මහනුවර නගරයේ එවකට සැකැස්ම ඇතුළත් සිතියමක් හරහාය. එබැවින් නොක්ස්ගේ වාර්තවන්හි සත්‍ය අසත්‍යතාව තේරුම්ගැනීමට හොඳම ස්ථානය වන්නේද මැද වාසලමය.
රාජාධිරාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරියගේ පුතකු වූ කන්නසාමි කුමාරයා වයස අවුරුදු 16 දී ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රජකමට පත්වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසටය. හිරිමල් කුමාරයෙක් වෙත රජකම ලබාදෙමින් ඔහු තමන්ට අවශ්‍ය පරිදි නම්මවා ගැනීම එම කුමන්ත්‍රණය මෙහෙයවූ පිළිමතලව්වේ මහාධිකාරම්ගේ අරමුණ විය. නමුත් රජකම භාරගෙන ටික කලකින් මෙම කුමන්ත්‍රණය වටහාගත් රාජසිංහ රජු ඔවුනට අවනත නොවී තමන්ට රිසි සේ කටයුතු කරන්නට විය. ශ්‍රී වික්‍රම රාජසිංහ යනු මතට ළොල්වූ සල්ලාල රජ කෙනකු ලෙසින්ද හැඳින්වෙන අතර ඉංග්‍රීසීන්ට යටත් කරගැනීමට හැකි වූ ප්‍රධාන හේතුව වූයේද රජු සහ සිංහල ප්‍රධානීන් අතර පැවැති අමනාපකම්ය.
මහනුවර රජකම දැරූ වසර 17ක කාලසීමාව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහ සිදුකළ අකටයුතුකම් රාශියක් ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, රජුගේ අගමෙහෙසිය වූ රංගමාල් බිසව ගැන ඒ එක් තැනක හෝ සඳහන් නොවීමද විශේෂත්වයකි. රොබට් නොක්ස් පවසන ආකාරයට රජු ඇයව වෙන්කර තැබීමද ඒ සඳහා හේතු වන්නට ඇත. රජකම දරන අවදියේ රජු සමඟ නොසිටියද ඉතිහාසයේ රංගමාල් බිසව ගැන නැවත සඳහන් වන්නේ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුවය.
සිංහල ප්‍රධානීන් කිසිවකුගේ සහාය මහරජුට නොලැබීම මත උඩරට රාජධානිය පහසුවෙන් අත්පත් කර ගැනීමේ අවස්ථාව ඉංග්‍රීසීන්ට හිමි විය. සිංහාසනය ඉංග්‍රීසීන් අතට පත්වීමට පෙර මාලිගයෙන් පැනගත් රජු සැඟව සිට ඇත්තේ මහනුවරට නුදුරු රහසිගත ප්‍රදේශයකය. එලෙස සැඟව සිටි රජු ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට උදවුකර ඇත්තේ එක්නැළිගොඩ නිළමේ විසිනි. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ රංගමාල් බිසවද රජු සමඟ සිටි බව ඉතිහාස තොරතුරුවල සඳහන්ය. මහ රජු වශයෙන් සිටියදී තමන්ව වෙන්කර තැබුවද, අසරණ වූ රජු සමඟ ජීවත්වීමට රංගමාල් බිසව කටයුතු කර ඇති බව ඒ අනුව තේරුම් ගත හැකිය. එමෙන්ම අත්අඩංගුවට පත් රාජසිංහ රජු සහ රංගමාල් බිසවට සිංහල ප්‍රධානීන් නොයෙක් වධ හිංසා පමුණුවා ඇත. රංගම්මා බිසව පැළඳ සිටි කන් ආභරණ ඔවුන් ගලවා දමා ඇත්තේ ඇයගේ කන් පෙති ඉරීයන ලෙසටය. නමුත් රජු වෙනුවෙන් ඒ සියල්ල විඳදරාගත් රංගමාල් බිසව, රජු මෙරටින් පිටුවහල් කිරීමෙන් පසුවද ඔහු සමඟ ජීවත්වී ඇත්තේ සැබෑ ආදරවන්තියක් ලෙසටය. ඇය එලෙස වධ හිංසනයට ලක්වන අවස්ථාවේ ඇඳ සිටි ලේ තැවරුණු හැට්ටය කොළඹ කෞතුකාගාරය තුළදී අදද දැකගත හැකිය.
සිංහල රාජාවලියේ බිසෝවරුන් පිළිබඳ අපමණ සාහිත්‍ය නිර්මාණ බිහිවී තිබුණද, සැබෑ ආදරවන්තියක් වූ රංගමාල් බිසව පිළිබඳ ලියවුණු සාහිත්‍ය නිර්මාණ සොයාගැනීම අසීරුය. මැද වාසලේ තනිවුණු රංගමාල් බිසව පිළිබඳ තොරතුරු සොයායන අතරතුරේදී ඇය සම්බන්ධයෙන් ලියැවුණු ගී පද වැලක් නෙත ගැටුණේ අහම්බෙනි. නූතන පරපුරේ දක්ෂ පද රචකයකු වන අසංක රුවන් සාගර විසින් රචිත එම ගීතය ගායනා කරන්නේ ශානිකා සුමනසේකර විසිනි. රංගම්මා පිළිබඳ සොයාගිය මේ කතාබහ නිමාකරන්නට පෙර ඒ පද වැලද සටහන් කරන්න අදහස් කළේ තමන්ට කොතෙක් කුරිරුකම් කළද රාජසිංහ රජු පිළබඳ රංගමාල් බිසව සතු වූ නොනිමි සෙනෙහස ඒ හරහාද මනාව පිළිඹිබුව ඇති බැවිනි.

නාගසින්නම් හඬ අහන්නට
රන්දෝලි මහ පෙරහැරේ ..
රන් තෝඩු නැති පාලු රෑ කන් පෙති
අතගගා ඔන්න මං ආවා..
තරහ අවසර ශ්‍රී වික්‍රම පෙම්බරාණනේ…

කාත් කවුරුත් නොමැති නුවරක
මට ඔබම විතරයි ඒ මගේ ප්‍රාණේ…
පිටුවහල් කොට යන්න කී දා
කොහොම අතහැර යම්ද නැව් නැඟ
පල්ලෙ වාහල මිහිරිතම මතකේ….

බිසෝ මාලිග රහස් දොරකඩ
ඔබේ රුව ඇඳුනයි ඒ මගේ රාත්‍රී…
ඇතොවුරෙන් මට යන්න වෙනදා
ඔබට දෙන්නට තිබුණ වස්තුව
කාට උදුරාගත නොහුණු ස්නේහේ…

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අවසන් රහතන් වහන්සේ හොයා වට්ටාරමට

Next Post

දේශපාලන ඉතිහාසයේ නරකම කාලපරිච්ඡේදය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.