• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා අස්සේ රටම කළඹපු ‘බොඩිබෑග්’ දහසේ ලියුම

May 4, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
කොරෝනා අස්සේ රටම කළඹපු ‘බොඩිබෑග්’ දහසේ ලියුම
Share on WhatsAppShare on Facebook

නමුත් වර්තමානයේ ඇතිවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. කොරෝනා හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය බොහෝ දෙනකු තුළ මරණ බියක් දක්වාම වර්ධනය වී ඇත. ඉහත සිද්ධීන් මෙන් නොව කොරෝනා හේතුවෙන් ඇති වී තිබෙන බියට සීමා මායිම් නොමැත. වර්ග භේද, ජාති භේද කිසිවක් එයට අදාළ නැත.
ලෝකයේ අනෙක් රටවල් සමඟ සන්සන්දනය කර බැලීමේදී ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති ආකාරය ඉතාම සතුටුදායකය. ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ හතක් පමණක් වීම එයට ඇති හොඳම උදාහරණය ලෙස සැලකිය හැක. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි නාවුක හමුදා නිලධාරීන් පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඞ් 19 ආසාදිතයන් ගණන පසුගිය සතියේදී ඉතාම වේගයෙන් වර්ධනය විය. කොරෝනා පාලනය කර ඇතැයි ජනතාව තුළ ඇති වෙමින් තිබූ සැහැල්ලුව එක මොහොතකින් විනාශ කර දැමීමට එම සිදුවීමට හැකි විය.

ඒ අතරතුරේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වූ එක්තරා ලිපියක් ජනතාව තුළ ඇතිව තිබූ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත් විය. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් රට පුරා ව්‍යාප්ත වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අස්සනින් යුතුව යොමු කරන ලද ලිපියකි. එම ලිපිය යොමු කර තිබුණේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙතය :ෂක්‍ඍක්‍*. එහි අධිකරණ වෛද්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කරන ලද එම ලිපියේ අඩංගුව තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මෘත දේහ බහාලන කවර 1000ක් ලබා දෙන ලෙස කරන ඉල්ලීමකි.
එම ලිපිය දුටු බොහෝ දෙනකු දැඩි කලබලයට සහ වික්ෂිප්තභාවයට පත් වූවා යැයි කිවහොත් එය නිවැරැදිය. රට තුළ කොරෝනා අසාදිතයන් වේගයෙන් ඉහළ යන පසුබිමක එවැනි ලිපියක් දකින ඕනෑම කෙනකු කලබලයට පත් වීම පිළිබඳ පුදුම විය යුතුද නැත. එයට එක් හේතුවක් වන්නේ මෘත දේහ බහාලුම් කවර සහ එවැනි කවර තුළ දමා මෘත දේහ ආදාහනය අපේ රටට අලුත් අත්දැකීමක් වීමය. එම අත්දැකීම අපේ රටේ ජනතාව අත්වින්දේ කොරෝනා වසංගතයත් සමඟය. එබැවින් මෘත දේහ බහාලුම් දහසක් ඉල්ලා යොමු කළ ලිපිය දුටු බොහෝ දෙනකු එය තේරුම් ගත්තේ තම තමන්ගේ සිතුවිලි අනුවය. නමුත් ඒ සියලු දෙනාගේ පොදු අදහස වූයේ රජය විශාල ව්‍යසනයකට සූදානම් වන බවය. එම ලිපිය ප්‍රචාරය වීම රට තුළ විශාල කැලඹීමක් ඇති කිරීමට හේතු වූයේ ඒ අනුවය.

කොරෝනා අසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් පමණක් නොව වෙනත් හේතූන් මත මිය යන සැක කටයුතු පුද්ගලයන්ගේ සිරුරුද මේ වන විට බහාලුම් තුළ දමා ආදාහනය කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කරන බවද මේ අතර අනාවරණය විය. කොරෝනා ආසාදනය නොවූවද, දිනකදී රට පුරා සැක කටයුතු මරණ රාශියක් සිදු වන බැවින් මෘත දේහ බහාලුම් විශාල ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය වී ඇත. රතු කුරුස කමිටුවෙන් මෘත දේහ බහාලුම් ඉල්ලා ඇත්තේ ඒ සඳහා බවද ඇතැමුන්ගේ මතය විය.
කෙසේ වෙතත් රතු කුරුස කමිටුව වෙත යොමු කළ රහසිගත ලිපිය සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට එම ලිපිය යොමු කළ සුනිල් ද අල්විස් මහතා කටයුතු කර ඇත. එහිදී ඒ මහතා ඉල්ලා ඇත්තේ එම රහසිගත ලිපිය සමාජ මාධ්‍ය වෙත නිකුත් වූයේ කොයි ආකාරයෙන් දැයි පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
මේ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ මාධ්‍ය තොරතුරු නිලධාරිනියගෙන් අදහස් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ ඕනෑම කාර්යයක රහසිගත බව සුරැකීම තම ආයතනයේ ප්‍රතිපත්තිය බැවින් එවැනි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බවය.
“සාමාන්‍යයෙන් අපේ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක ගොඩක් අවස්ථාවලදී සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒත් ඒ හැම අවස්ථාවකම රහසිගත බව සුරකින්න අපි බැඳිලා ඉන්නවා. ඒ කිසිම දෙයක් ගැන තොරතුරු අපි කාටවත් දෙන්නේ නැහැ. ඒක අපේ ආයතනයේ ප්‍රතිපත්තියක්.” ඇය අදහස් පළ කළේ ඒ ආකාරයෙනි.

මෘත දේහ බහාලුම් සම්බන්ධයෙන් රට පුරා දැඩි ආන්දෝලනයක් ඇති වද්දී, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණි. එහිදී ඒ මහතා සඳහන් කර තිබුණේ මෘත දේහ බහාලුම් යනු කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ සඳහා පමණක් යොදා ගන්නා දෙයක් නොවන බවය.
“ඇත්ත වශයෙන් මේ බොඩි බෑග් කියලා කියන්නේ කොවිඞ් 19 සඳහාම අලුතින් නිර්මාණය වුණු දෙයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර වශයෙන් එදා ඉඳලම තිබුණු දෙයක්. උදාහරණයක් හැටියට ආපදා අවස්ථාවල මේ බොඩි බෑග් භාවිතා කරනවා. අපේ රටේ සිදුවූ කනගාටුදායක පාස්කු ප්‍රහාරයේදීත් මේ බොඩි බෑග් භාවිතා කළා. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව සෑම දෙයකම ගබඩා මට්ටම් පවත්වා ගත යුතුයි. මම දන්න විදියට ඒ සඳහා ෂක්‍ඍක්‍ එකෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම තමයි ඔය සිදු වෙලා තියෙන්නේ. අපි රෝගය පාලනය කරන්න අවශ්‍ය හැමදේම කරලා තියෙනවා. අපේ රටෙන් තාම මරණ 07යි වාර්තා වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කිසිසේත්ම ඔය වගේ මරණ ගණන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ කියන කතා පිළිගන්න බැහැ.” ඒ අනිල් ජාසිංහ මහතාගේ අදහස්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෘත දේහ බහාලුම් ඉල්ලුම් කළේ කුමන කරුණක් සඳහා වුවද, ඒ පිළිබඳ අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැත. මේ මොහොතේ ජනතාවගේ ප්‍රධාන වගකීම විය යුත්තේ මෘත දේහ බහාලුම් අවශ්‍ය නොවන තැනට සෞඛ්‍ය බලධාරීන් පත් කිරීමය. එනම් කොරෝනා වෛරසයේ ආසාදිතයකු බවට පත් නොවී සිටීමට හැකි තරම් උත්සාහ කිරීමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලංකාව අරින්න යන හැටි මෙන්න…

Next Post

ලංකාවේ කොරෝනා 700 පන්නයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.