• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මරණින් පසුව ප්‍රේතයකු නොවී සිටින්නේ කොහොමද?

May 2, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මරණින් පසුව ප්‍රේතයකු නොවී සිටින්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

කාම ලෝකය, කාම සුගතිය හා කාම දුගතිය ලෙස දෙයාකාරයකි. කාම සුගතිය ලෙස මිනිස් ලොව හා සදෙව් ලොව ධර්මයේ සඳහන් වන අතර, කාම දුගතිය ලෙස දැක්වෙනුයේ සතර අපායයි. දුගති යන්නෙහි වචනාර්ථයෙන්ම දුක් සහිත බව පසක් වනු ඇත. ‘දු’ යන්නෙන් දුක් සහිත යන්නත්, ‘ගති’ යන්නෙන් ස්වභාවය යන්නත් අර්ථකථනය වෙයි. යම් පුද්ගලයෙක් දුගතිගාමී වීම සඳහා කරුණු තුනක් බලපානු ඇතැයි සඳහන්ය. ඒ වැරැදි දේ වැරැදි යැයි නොදැකීම හෙවත් දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටිය, නිවැරැදි දේ නිවැරැදි යැයි නොදැකීම හෙවත් දශ වස්තුක සම්‍යක් දෘෂ්ටියෙන් තොර වීම හා සම්‍යක් දෘෂ්ටියෙන් තොර වීමත්ය.
සදෙව් ලොව හා සතර අපාය සාමාන්‍ය ජන වහරේ හය, හතර ලෙස හඳුන්වයි. මෙම හය, හතර පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම මෙන්ම, මේවා සංකල්ප යැයි තර්ක කිරීම තුළින් උතුම් මිනිසත් බව ලැබුවත් මරණින් මතු බොහෝ දුක් කරදරවලට ගොදුරු වනු ඇත. අකුසල කර්මවලට අනුරූපව සත්වයෝ උත්පත්තිය ලබන ස්ථාන 4කි. ඒ නරක, තිරිසන්, ප්‍රේත හා අසුර ලෙසය. මෙම ස්ථාන හතර තුළ උත්පත්තිය ලබන සත්වයන් අනන්ත දුක් පීඩාවලට ගොදුරු වෙති. සතර අපාය තුළ උත්පත්තිය ලබන සත්වයන් ඕපපාතිකව උත්පත්තිය ලබන අතර, තිරිසන් අපායේ පමණක් එසේ නොවේ. නමුත් තිරිසන් අපායේ ඇතැම් ජීවීන් ඕපපාතිකව උත්පත්තිය ලබනු ඇත. මෙලෙස නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපාය තුළ උපදින සත්වයන්ට අවශ්‍ය වුවද පින් රැස් කිරීමට නොහැකිය. මොවුන් දුකින් දුකටම පත්වන්නෝ වෙති.
සතර අපායේ උපදින්නන්ගේ ආයු කාලය සත්‍ය සත්‍ය ලෝකයේ ආයු කාලය හා සැසඳීමේදී ඉතා දීර්ඝය. සත්‍ය ලෝකයේ පරම ආයුෂ අවුරුදු 100ක් වුවද සතර අපාය තුළ උපදින්නන්ගේ ආයු කාලය අකුසල කර්මවල සත්‍ය පවතින තාක්කල් දීර්ඝ වෙයි. එය කල්පයක්, කල්ප සිය දහස් ගණනක් වුවද විය හැකිය.
මෙලෙස දුක් විඳින සතර අපායන් අතර කර්ම ලෝකය ප්‍රමුඛ ස්ථානයක් ගනී. කළ අකුසල කර්මවල විපාකය පවතින තාක් දීර්ඝ වෙයි. එය කල්පයක්, කල්ප සිය දහස් ගණනක් වුවද විය හැකිය.
මෙලෙස දුක් විඳින සතර අපායන් අතර, ප්‍රේත ලෝකය ප්‍රමුඛ ස්ථානයක් ගනී. කළ අකුසල කර්මවල විපාක ලෙස අනන්ත දුක් ගැහැටවලින් බැටකන සත්ව නට්ටාංශයක් ලෙසද ප්‍රේතයන් හැඳින්විය හැකිය. තව ලෙසකට අර්ථකථනය කළහොත් කිසිදු සැපත් නොලබා එවන් මිනිස් ලොව සිටියදී කළ කී දෑ සිතමින්, පසුතැවෙමින්, හඬා වැළපෙමින්, පශ්චාත්තාපව වෙමින් අනන්ත දුක් විඳින සත්ව කොට්ඨාසයකි. ප්‍රේත යන වචනයේ අර්ථයද ඉවත් වූ යන්නයි. මොවුන් ඉවත් වී ඇත්තේ සැපයෙනි. සුළු හෝ සැපයක් මොවුන් අහලකටවත් නොපැමිණෙනු ඇත.
ප්‍රේත ආත්මයක් ලැබීමට කළ යුතු අකුසල කර්ම ගණනාවක් ධර්මයේ සඳහන් වෙයි. ඒ අතරින් සත්ව ඝාතනය හා සත්ව හිංසනය, අධික මසුරෙකු ලෙස ජීවත් වීම, ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, කාමය වරදවා හැසිරීම, සඟසතු දේ විනාශ කිරීම ආදිය කිහිපයකි. මෙම අකුසල කර්ම කළ මනුෂ්‍යයෝ මරණින් මතු අටමහා නිරයේ හෝ ඔසුපැන් ශාකයන්හි උත්පත්තිය ලබා අනන්ත දුක්විඳ එයින් පසුව ප්‍රේත ලෝකයෙහි උත්පත්තිය ලබති. අටමහා නිරයේ උපන් ඔසුපැන් නිරවල උත්පත්තිය ලැබීමට තරම් අකුසල කර්මය ප්‍රබල නොවේ නම් මරණින් මතු ප්‍රේත ලෝකයේම උත්පත්තිය ලබති.
ධර්මයේ සඳහන් පරිදි ප්‍රේතයෝ පරදන්තුප හා චුප්පිපාසික, නිජ්ඣාමාතණ්හිත හා කාලකන්ජික ලෙස ප්‍රධාන කොටස් 4කි. මීට අමතරව තවත් ප්‍රේත කොටස් දොළහක් සම්බන්ධවද ධර්මයේ සඳහන් වෙයි.
ඒ මෙසේය.

  1. වත්තාය 2. කුණපාය 3. ගුථබාධක 4. අග්නිජාලා මුඛ 5. සුචි මුඛ 6. කණහට්ටික 7. සුනිජ්ඣාමක 8. සත්‍ථයා 9. පබ්බතංග 10. අජහරංග 11. වේමාංනික 12. මහිධික
    මෙම ප්‍රේතයන්ගේ ශරීර ස්වභාවය, ඔවුන් විඳිනා දුක් ගැහැට මෙන්ම ආහාරයට ගන්නා ද්‍රව්‍යය යනාදියද ත්‍රිපිටකයේ මොනවට පැහැදිලි කර ඇත. ඒ අනුව වත්තාස නම් ප්‍රේත කොට්ඨාසය සෙම්, සොටු, වමනය ආහාරයට ගනී. කුණපාය නම් ප්‍රේත කොට්ඨාසය මිනිසුන්ගේ හා සත්තුන්ගේ මළකුණු ආහාරයට ගන්නා අතර, ගුථ බාධක නම් ප්‍රේත කොට්ඨාසය අසූචි ආහාරයට ගනී. අග්නිජාලා මුඛ නම් ප්‍රේතයන්ගේ මුඛයෙන් ගිනිදැල් පිට වන බවත්, සුචි මුඛ නම් ප්‍රේතයන්ගේ මුඛය ඉදිකටු මලක් සේත්, උදරය මහා සැලියක් සේත් පිහිටා ඇති බවක් ධර්මයේ සඳහන්ය. කණ්හට්ටික නම් ප්‍රේතයන් සාගින්නෙන් හා පිපාසාවෙන් පෙළෙන ආහාර පානවලට ඉතා ගිජු පිරිසකි. සුනිජ්ඣාමක නම් ප්‍රේතයන් ගින්නෙන් දැවී, පිලිස්සී ගිය වියළි ශරීරයක් දරයි. සත්වයා නම් ප්‍රේත කොට්ටාසය ශරීරය ආයුධ වැනිය. ඉතා තියුණුය. පබ්බතංග නම් ප්‍රේතයන්ගේ ශරීර පර්වත තරම් විශාලය. අප්හරංග නම් ප්‍රේතයන්ගේ ශරීර පිඹුරකුගේ හැඩය ගනී. වේමානික නම් ප්‍රේත කොට්ඨාසය විමානවල ඉපිද දවසේ එක් වරුවක් සැපද, අනෙක් වරුව දුකද භුක්ති විඳියි. මහිධික නම් ප්‍රේතයන් කැලෑවල වාසය කරන අතර, ඔවුන්ට මහත් ඍධි ප්‍රාතිහාර ඇත.
    ඉහත සඳහන් ප්‍රේතයන් වර්ග 12ට අමතරව ලක්‍ෂණ සංයුක්තයේ ලක්ඛන හිමියන් ගිජුකුළු පව්ව අසලදී දුටු තවත් ප්‍රේතයන් 21 දෙනකු පිළිබඳව ලක්වන සංයුක්තයේ සඳහන් වෙයි. මෙම ප්‍රේතයන්ගේ ශරීර ස්වභාවය උන්වහන්සේ මෙසේ පැහැදිලි කළහ.
    ඇතැම් ප්‍රේතයන් ලේ, මස්, වියළී ගිය ඇටසැකිලි ද්‍රව්‍ය ඇතැමුන් ඇට නැති මස් වැදැල්ලක් වැනි ශරීරයකින් යුක්තය. ඇට ඇති මස් වැදැල්ලක් වැනි ප්‍රේතයන්, ශරීරයේ තැනින් තැන සම නැති ප්‍රේතයන්, ශරීරය පුරා තියුණු ලොම් ඇති ප්‍රේතයන් මෙන්ම ශරීරයේ කඩු වැනි තියුණු ලොම් ඇති ප්‍රේතයෝද ඒ අතර වෙති. මෙයිට අමතරව ශරීරයේ ඇනෙන බනු ලොම් ඇති ප්‍රේතයන්, ශරීරයේ ඇනෙන ඉදිකටු වැනි ලොම් ඇති ප්‍රේතයන්ද වෙයි. විශාල තලයක් බඳු වූ කාණ්ඩයක් ඇති ප්‍රේතයෝද, හිස ඇතුළු ශරීර අවයව අසූචි වළක එරී ඇති ප්‍රේතයෝද, අසූචි වළක එරී දෑතින් අසූචි අනුභව කරන ප්‍රේතයෝද සිටිති. ශරීරයේ කිසිදු තැනක හම නැති ප්‍රේතයෝද, දුර්ගන්ධ වූ විරූපී ශරීර ඇති ප්‍රේතයෝද, ගිනි අඟුරු මැද දැවෙමින් හඬන ප්‍රේතයෝද, හිස ඇති ළයෙහිම කට හා ඇස් ඇති ප්‍රේතයෝද, ගිනිගෙන දැවී දිලිසෙන සිවුරු දරා සිටින භික්‍ෂු ප්‍රේතයෝද, ගිනිගෙන දැවී දිලිසෙන සිවුරු දරා සිටින භික්‍ෂුණී ප්‍රේතයෝද, ගිනිගෙන දැවී දිලිසෙන භික්‍ෂු මාතා ප්‍රේතියෝද, සාමණේර ප්‍රේතයෝද, සාමණේර ප්‍රේතියෝද, ඉතා දිගු ඉදිකටු වැනි ලොම්වලින් ගහන ප්‍රේතයෝද උන්වහන්සේ දුටු සේක.
    මෙම සියලුම ප්‍රේතයන් මිනිස් ලොව ඇසුරු කොට ගෙනම උත්පත්තිය ලබයි. තම තමා සිදු කළ අකුසල කර්මයන්ට අනුරූපව විපාක හිමිවනු ඇත. ප්‍රේතයන්ගේ මුහුණ අවලස්සන වුවද මරණයට පත්වීමට පෙර සිටි මුහුණට සමාන බවක් දක්වන බවද ධර්මයේ සඳහන් වෙයි. ප්‍රේතයන් හට අව පාර්ශ්වයේදී අපමණ දුක් දැඩි වී භුක්ති විඳීමට ලැබෙන බවද, පුර පාර්ශ්වයේදී තරමක හෝ … මද බවක් ඇති වන බවද ධර්මයේ සඳහන්ය.
    මිනිස් ලොව ජීවත් වන අප, අපගේ මළගිය ඥාතීන් උදෙසා පින් පෙත් දීම සිදු කරයි. ඒ අතර ප්‍රේත ආත්ම ලබා ඇති ඥාතීන් උදෙසා විශේෂ පින්කම් සිදුකර පින් දීම සිරිතයි. නමුත් එම දෙන අනුමෝදන් පින් ලබාගත හැකි වන්නේ පරදන්තුව නම් ප්‍රේත කොට්ඨාසයට පමණි. ඔවුන් සිය ඥාති මිත්‍රාදීන් දෙනු ලබන පින් හේතුවෙන් ඔවුන්ගේ දුක් අවම කර ගනියි. අකුසල කර්ම අඩු පින් බලවත් ප්‍රේතයන් සුඛ සහිත ආත්මවල ප්‍රාණිසංදිය ලබනවා මෙන්ම සෝවාන් ඵලයට වුවද පත්විය හැකි බව පැහැදිලිව දීඝ නිකායේ මෙන්ම සංයුක්ත නිකායේද, අටුවා පොත්වල සඳහන් වෙයි.
    පරදත්තුප විවී ප්‍රේතයන් නිවෙස්වල බිත්ති සන්ධිවල හතරමං හන්දිවල, තුන්මං හන්දිවල, නගර ද්වාර, ගෘහ ද්වාර වලද, අඳුරු, අපිරිසුදු ස්ථානවලද වාසය කරයි. මෙම ප්‍රේතයන්ගේ ශරීරයෙන් ඉතා අපිරිසුදු දුර්ගන්ධයක් වහනය වන බවද, මහත් වූ වේදනාවක් විඳදරා ගන්නා බවද ධර්මයේ තවදුරටත් සඳහන් වෙයි.
    කාලකංජික, බුප්පිපාසික, නිජ්ඣාමතණ්හිත නම් ප්‍රේත කොට්ඨාස 3ට තම ඥාති, හිතමිත්‍රාදීන් දෙන පින් පෙත් අනුමෝදන් විය නොහැකිය. කාලකංජක ප්‍රේතයන්, ප්‍රේත ලෝකය තුළ සිටින ප්‍රේතයන් අතර පහත්ම කොටසයි. මොවුන්ට ලේ, මස්වලින් තොර වූ සිරුරක් හිමිය. මොවුන් අඩි 18ක් පමණ උසය. මොවුන්ගේ දෑස් පිටත නෙරා ඇත. මුඛය ඉදිකටු මලක් මෙන් කුඩාය. මොවුන් දුටු අයෙකුට ඇටසැකිල්ලක් සිහියට එනු නොවනුමානය. මොවුන් දැඩි අඳුරක මෙන්ම දැඩි සීතලක දිවි ගෙවයි. ධර්මයේ සඳහන් පරිදි මෙවන් ප්‍රේතයන් උත්පත්තිය ලබනුයේ චක්‍රාවාට තුනක් මැදය. පින් අනුමෝදන් විය නොහැකි චුප්පිපාසික ප්‍රේතයන්ට ආහාර පාන කිසිවක් නොලැබේ. මොවුන් දැඩි සා පිපාසාවෙන් පෙළෙන මහා අවාසනාවන්තයන්ය. මොවුන් බුද්ධන්තරයක් දුක් විඳින බව ත්‍රිපිටකයේ සඳහන්ය. ගිජ්ඣමාතණ්හික යනු දිය පිපාසාවෙන් පෙළෙන ප්‍රේතයන්ය. මොවුන්ගේ මුළු සිරුරමෙ ගිනියම් දැවිල්ලකින් යුක්තය. මොවුන්ද කල්ප ගණනින් අපමණ දුක් භුක්ති විඳියි.
    ප්‍රේත ලෝක සම්බන්ධ කරුණු ඉතා දුක්ඛිත සංවේදී කරුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. උතුම් දුර්ලභ මිනිසත් බව ලැබූ අප කිසිවිටක එවන් ප්‍රේත ආත්ම භවයක උත්පත්තිය නොලැබීමට වගබලා ගතයුතුය. අප ලද පමණින් අපට හැකි පමණින් දන් දීම, පින් රැස් කිරීම කළ යුතුමය. බුදු දහමේ සියලුම පුද්ගලයන් කොටස් 4කට බෙදා වෙන් කර ඇත. ඒ එළියෙන් අඳුරට යන පුද්ගලයන්, අඳුරෙන් එළියට එන පුද්ගලයන්, අඳුරෙන් අඳුරට යන පුද්ගලයන් හා එළියෙන් එළියට එන පුද්ගලයන් යනුවෙනි. එය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වන්නේ මෙසේය.
    ජෝති පරායනෝ
    ජෝති තොමෝ පරායනෝ
    තොමො තොමෝ පරායනෝ
    ජෝති ජෝති පරායනෝ
    ඒ නිසා ඔබත් අඳුරෙන් එළියට යන පුද්ගලයෙක් හෝ එළියෙන් එළියට යන පුද්ගලයෙක් වීම තුළින් මරණින් මතු ආත්මය කාම දුගතියේ නොවැටී කාම සුගතියේම උත්පත්තිය ලැබිය හැකි බවද මතක තබාගන්න.
    ජ්‍යොතිෂවේදී මංජුලා පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

දන්න වෙසක් ගැන නොදන්න කතා

Next Post

හෙළ සිනමාවේ මහා ඇලෙක්සැන්ඩර්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.