දෙදෙනකු විවාහයක් සඳහා එළැඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රම රාශියකි. ඒ අතර, සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විiාත්මක පැතිකඩ පිළිබඳ සරල විග්‍රහයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණයි.
පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රම වේදයන් ඇත. එහෙත් අප රටේ විශාල වශයෙන් ප්‍රචලිතව ඇත්තේ මෙම විසි පොරොන්දම වෙයි. එහි අංග 20ක් ඇති බැවින් එම නම අන්වර්ථ වෙයි. එසේ වුවද විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් නිවැරැදි තීරණයකට එළැඹීමට නොහැකි බැව් පළපුරුදු ජ්‍යොතිර්වේදීන්ගේ අදහස වෙයි. දෙදෙනාගේම ජන්ම පත්‍රවල ග්‍රහ ගැළපීම් මෙන්ම කුජ දෝෂ, ශනි මංගල දෝෂ ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒවා ගැළපනෙවා නම් පමණක් පොරොන්දම් ගැළපීම සිදුකළ යුතුය. මෙම විවිධ පොරොන්දම් විශ්ලේෂණය කිරීමේදී නිවැරැදි තීරණයක් ගැනීමට හැකි වන අංග මොනවා දැයි තෝරා බේරා ගැනීම අපහසු නොවේ. දැනට ප්‍රචලිතව ඇති තවත් පොරොන්දම් වර්ග කිහිපයක්ද පහතින් දක්වා ඇත.
* විසි පොරොන්දම
* අෂ්ටකූටය
* සුදර්ශන චක්‍රය (මෙය ග්‍රහ ගැළපීම සැසඳීමකි)
* ඒක දින පොරොන්දම
* දශ පොරොන්දම (මෙය විසි පොරොන්දමට අමතරව බලනු ලැබේ)
විසි පොරොන්දමට අමතරව පොරොන්දම් 25ක් පමණ බලන අය වර්ග පොරොන්දම, යෝගිනි පොරොන්දම, චන්ද්‍ර යෝග පොරොන්දම, යුජි වර්ග විභාගය, නක්‍ෂත්‍රාධිපති පොරොන්දම, අය-වැය පොරොන්දම ආදී විවිධ අංග නොයෙකුත් ගුරු කුල විසින් පරිශීලනය කරනු ලබන බැව් පෙනේ.
කෙසේ වුවද අපට විසි පොරොන්දම, අෂ්ටකූටය, සුදර්ශන චක්‍රය යන අංග 3 භාවිතයෙන් ඉතාම නිවැරැදි අන්දමේ විවාහ පොරොන්දම් ගැළපීමේ තීරණයකට පැමිණිය හැකිය. අප දැන් සම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විiාත්මක පැතිකඩ පිළිබඳ සරලව විමසා බලමු.
විසි පොරොන්දම
* නැකැත් පොරොන්දම – දෙදෙනාගේ පෞරුෂය සහ පවුලේ අත්‍යාවශ්‍යම අංග ගැළපේදැයි බැලීම
* ගණ පොරොන්දම – පුද්ගලයාගේ ස්වභාවය පරීක්‍ෂා කෙරේ
* මහේන්ද්‍ර පොරොන්දම – විවාහ දිවියේ ආයුෂ හා දරු සැප බැලේ
* ස්ත්‍රී දීර්ඝ පොරොන්දම – පුරුෂයාට ස්ත්‍රිය සතුටු කළ හැකි හෝ නොහැකි බව පරීක්‍ෂා කෙරේ
* යෝනි පොරොන්දම – ලිංගික ජීවිතයේ ගැළපීම පරීක්‍ෂා කෙරේ
* රාශි පොරොන්දම – අභ්‍යන්තර ගති පැවතුම් හා සිතුම් පැතුම් ගැළපේදැයි පරීක්‍ෂා කෙරේ
* රාශා්‍යාධිපති පොරොන්දම – දෙදෙනාගේ අදහස්, උදහස් හා ජීවන ප්‍රතිපත්ති පරීක්‍ෂා කෙරේ
* වශ්‍ය පොරොන්දම – අන්‍යොන්‍ය බැඳීම පරීක්‍ෂා කෙරේ
* රජ්ජු පොරොන්දම – කායික සම්බන්ධතා පරීක්‍ෂා කෙරේ
* වේධ පොරොන්දම – විවාහ ජීවිතයේ පලුදු ඇති නැති බව හා බාධක කම්කටොලු ඇති නැති බව පරීක්‍ෂ කෙරේ
* වෘක්‍ෂ පොරොන්දම – දෙදෙනාගේ කායික හා දරුඵල පරීක්‍ෂා කෙරේ
* ආයුෂ පොරොන්දම – දෙදෙනාගේ ආයුෂ අඩු – වැඩි බව පරීක්‍ෂා කෙරේ
* පක්‍ෂි පොරොන්දම – දෙදෙනාගේ විශ්වාසවන්ත බව හා මිත්‍රත්වය පරීක්‍ෂා කෙරේ
* භූත පොරොන්දම – තුන්දොස් ගැළපීම පරීක්‍ෂා කෙරේ
* ගෝත්‍ර පොරොන්දම – භූත පොරොන්දමට සමාන වෙයි
* වර්ණ පෙරොන්දම – දෙදෙනා අතර පවතින හීන මානය හෝ අධිමානය පරීක්‍ෂා කෙරේ
* ලිංග පොරොන්දම – පුරුෂත්වය හා ස්ත්‍රීත්වය ප්‍රමුඛ හැසිරීම් රටාව පරීක්‍ෂා කෙරේ
* නාඩි පොරොන්දම – දෙදෙනාගේ රුධිර තත්ත්වය හා ජාන පරීක්‍ෂා කෙරේ
* දින පොරොන්දම – ධනවත් වීම හා දියුණුව පරීක්‍ෂා කෙරේ
* ග්‍රහ පොරොන්දම – නැකැත් පරීක්‍ෂාව මෙන්ම දෙදෙනාගේ සමස්ත ගැළපීම පරීක්‍ෂා කෙරේ
මෙකී 20 පොරොන්දමට අයත් ගණ, යෝනි, ලිංග, නාඩි, පක්‍ෂි, ගෝත්‍ර, වර්ණ, රජ්ජු, භූත යන අංක 10 කෙනකුට ලැබෙනුවේ ඔහුගේ හෝ ඇයගේ මෙම කේන්ද්‍රයට අනුවය. කේන්ද්‍ර ගැළපුම පරීක්‍ෂා කැරුමට භාජන කරනු ලබන ස්ත්‍රී – පුරුෂ දෙදෙනාම එකම තැනක උපත ලැබුවේ නම් දෙදෙනාම ඉහත කී අංග 10ට එක හා සමාන වෙයි. එබැවින් පොරොන්දම් ගැළපීමේදී ඉතා වැදගත්ම පොරොන්දම වන්නේ නැකැත් පොරොන්දමයි.
දෙදෙනාම එකම තැනක එකම පාදයක ඉපදී ඇතොත් එම දෙදෙනා විවාහයට නොගැළපේ. ඉතා අසුබයි. දෙදෙනා එකම තැනක ඉපදී පුරුෂයා 1 වැනි පාදයටත්, ස්ත්‍රිය පසු පාදයකට අයත් වේ නම් සුබයි. දෙදෙනාගේම චන්ද්‍ර රාශිය එකක්ම වෙයි නම් ඉතාම සුබයි.
එකම තැනක උපන් දෙදෙනාගේම තත්ත්වය මීට වඩා වෙනස් නම් අසුබ වේ. නමුත් චන්ද්‍ර රාශිය ගැළපීම හා ග්‍රහ පිහිටීම පරීක්‍ෂා කර බලා මධ්‍යම තත්ත්වයේ ගැළපීමක්ද සොයාගත හැකි අවස්ථාවන්ද පවතී.
ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේම උපන් නැකැත රෙහෙන, අද, පුෂ, මා, හත, සුවන, උත්‍රපුටුප හෝ රේවතී යන නැකැත් නම් දෙදෙනා අවාහ විවාහ වීම ඉතා සුබ යැයි කිව හැකිය.
බෙරණ, අස්ලිස, පුවපල්, සා, විසා, දෙට, මුල, පුවසල, දෙනට, සියාවස හෝ පුවපුටුප නැකැතක නම් අසුබ බවටත්, ඉහත කී දෙවර්ගයට අයත් නොවන නැකැත් මධ්‍යස්ථ බවටත් මතයක් පවතී. තවදුරටත් එම මතයට අනුව පුරුෂයා පුරට පාදයක, ස්ත්‍රිය පසු පාදයකද වීමෙන් මධ්‍යම තත්ත්වයේ නැකැතක් සුබ වීමටත් අසුබ නැකැතක් මධ්‍යම තත්වයටත් පත්වීමටත් හේතු වන බවක් පැවසේ.
සුදර්ශන චක්‍රය
ස්ත්‍රි – පුරුෂ කේන්ද්‍රවල නවග්‍රහයන්ගේ තත්ත්වයන් සහ ජන්ම අවස්ථාවන්වල සතුරු හෝ මිතුරු බව රාශි වශයෙන් පරීක්‍ෂා කර බැලීම මින් සිදුවෙයි. රවි ග්‍රහයාගෙන් දෙදෙනාගේ පෞරුෂයද, චන්ද්‍රයාගෙන් දෙදෙනාගේ රුචි – අරුචිකම්ද, කුජගෙන් දෙදෙනාගේ ආකර්ෂණය හා කාම ජීවිතයද බුධගෙන් දෙදෙනාගේ ඥාන ශක්තියද, ගුරුගෙන් දෙදෙනාගේ ධාර්මික භාවයද, සිකුරුගෙන් දෙදෙනාගේ කාලාත්මක වින්දනය හා රසඥතාවයද, ශනිගෙන් ශ්‍රමිකත්වයද, සිකුරගෙන් දෙදෙනාගේ කාලාත්මක වින්දනය හා රසඥතාවයද, රාහුගෙන් සංචාරක රුචිය හා අදූර්දර්ශීව කටයුතුවල නියුතු වන ආකාරයද, කේතුගෙන් අලසභාවයද විග්‍රහ කර බැලේ. අන්‍යොන්‍ය වශයෙන් පරීක්‍ෂා කර බැලීමකි. ඒ අනුව දෙදෙනාගේ එක්වීම හිතකර වේද අහිතකර වේද පිළිබඳ මෙමඟින් විමසා බැලේ.
අෂ්ටකූට චක්‍රය
මෙමඟින් පොරොන්දම් 8කට ලකුණු දී එම ලකුණුවල එකතුව පරීක්‍ෂා කරනු ලැබේ. අෂ්ටකූට චක්‍රයට හිමි මුළු ලකුණු ප්‍රමාණය 36කි. ඉන් සියයට 50කට වැඩියෙන් ලැබුනොත් සුබදායක වෙයි. පොරොන්දමක් මධ්‍යම වූ විට ලකුණු භාගයකි.
- නාඩි පොරොන්දම
ලකුණු 8 - රාශි පොරොන්දම
ලකුණු 7 - ගණ පොරොන්දම
ලකුණු 6 - රාශ්‍යාධිපති පොරොන්දම ලකුණු 5
- යෝනි පොරොන්දම
ලකුණු 4 - නැකැත් පොරොන්දම
ලකුණු 3 - වශ්‍ය පොරොන්දම
ලකුණු 2 - වර්ණ පොරොන්දම
ලකුණු 1
ඉහත සඳහන් විසි පොරොන්දම අෂ්ඨකයෙහි සුදර්ශන චක්‍රය (මෙය ග්‍රහ ගැළපීම සැසඳීමකි.) ප්‍රධාන ක්‍රම තුන අනුගමනය මඟින් විද්‍යාත්මක පොරොන්දම් පරීක්‍ෂාවක් තුළින් සාර්ථක විවාහ දිවියක් අපේක්‍ෂා කළ හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











