• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අපේ ජාතියට වැරදුණා; දැන්වත් හිටවපියව්…

April 25, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අපේ ජාතියට වැරදුණා; දැන්වත් හිටවපියව්…
Share on WhatsAppShare on Facebook

“ලංකාවෙ මිනිස්සුන්ට මම කියන්නෙ දැන්වත් මේ කෑමවලට කෙළ හල හල ඉන්නෙ නැතුව තමන්ගෙ වත්තෙ එළියට පහළියට ගිහිල්ල උදැල්ලක්, අලවංගුවක් අරගෙන සුද්ද කරල, ඇට ටිකක් ඉන්දල, පෝර ටිකක් දාල හිටවපල්ල. දැන් මගේ මේ කෑම ටික දැක දැක මේකට ලෝභකමේ, තණ්හාවෙන් ඉන්න ඕනෙ නෑ. මෙහෙම දෙයක් අනාගතේ වේවි කියල අපිට හිතුණ. ඊට පස්සෙ අපි කල්පනා කළා ඇයි අපි ස්වයංපෝෂිත වෙන්නෙ නැත්තෙ කියල. අපි ඒකට වැඩපිළිවෙළ හැදුව. ඒ අස්සෙ කොරෝනාව ආව. අපි ජාතියෙන් ඉල්ලන්නෙ මේ වෙලාවෙ අරයට මෙයාට බැන බැන ඉන්නෙ නැතුව, නින්දා කර කර ඉන්නෙ නැතුව වැඩක් කරන්න කියලයි.”

ඔබට එකපාරටම හිතාගන්න බැරිවෙන්න ඇති මෙහෙම කියන්නෙ කවුද කියල. විටින් විට ඉතා ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කරමින් උණුසුම් පුවත් මවන හිමිනමක් වෙච්ච සිරි සමන්තභද්‍ර හිමියන් මෙසේ ඉතා ඍජුව අදහස් ප්‍රකාශ කරල තිබුණෙ යූටියුබ් නාළිකාවක් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවකින්.

මුළු ලෝකයම ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වසංගතයෙන් බේරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද ඒ සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ සඳහා බොහෝ රටවල් අනුගමනය කරන ප්‍රධානතම උපක්‍රමය වන්නේ රටවල් අතර සංචරණය සීමා කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් තොටුපොළවල්, වරායවල් මේ වන විට හුදකලා ස්ථාන බවට පත්කර තිබෙන අතර, ශ්‍රී ලංකා රජයද එම ක්‍රමය අනුගමනය කරමින් ගුවන් තොටුපොළවල් හා වරායවල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙසේ භාණ්ඩ හා සේවා ආනයනයට පැනවුණ සීමාත් සමඟ එය සාමාන්‍ය ජනතාවට දැඩි ලෙස බලපෑම් කරන තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් බොහෝදෙනා ගෙවතු වගාවන් සඳහා උනන්දු වී තිබෙනවා. මෙසේ ගෙවතු වගාවන් සඳහා යොමුවී සිටින ජනතාව දිරිගන්වමින් රජය විසින් විශේෂ බීජ හා පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් පවා මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙසේ බොහෝදෙනා ආහාර අර්බුධයකට මුහුණදී සිටින සමයක සිරි සමන්තභද්‍ර හිමියන් කුරුණෑගල, පොල්පිතිගම අක්කර 70ක භූමි ප්‍රමාණයක පිහිටි ‘උමන්දාව’ නම් ආශ්‍රමයේ ඉතා සශ්‍රික ලෙස වගා කටයුතු සිදුකරමින් එය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරසමින් තිබෙනවා. මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් විසින් මෙහෙයවූ එම වැඩසටහන මෙසේ ඔබ වෙත ගෙන එන්නේ මේ මොහොතේ එහි ඇති වැදගත්කම නිසාය.
අපේ හාමුදුරුවන් රටේ ගොඩක් තැන්වල ආහාර පානවලට අඟහිඟකම් තිබ්බ කිව්වට ඔබ වහන්සේට දාන වේලට අඟහිඟකමක් නෑ වගේ?
කිසිම අඟහිඟකමක් නෑ. ‘උමංදාව’ හැමදාමත් සියලු සැප සම්පතින් සමෘද්ධිමත් වෙච්ච තැනක්. අනික මම ඉන්න කොතැනත් මේ හෝ මීට වඩා වැඩි මිසක් මීට වඩා අඩු වෙලා නෑ.
ඒක සංසාරගත ලැබීමද?
නැත්නම් වෙන මොකක්ද? ඒක සසරෙ කරපු පිනක්. මේක ‘සීවලී’ල වගේම ‘ලෝසක’ලත් ඉන්න සාසනයක්. මම සිවලී කෙනෙක්.
දැන් මේ ඇඳිරි නීතිය කාලෙ කිසිම කෙනෙක්ට එළියට බහින්න බැරුව ඉන්නකොට කොහෙන්ද ඔබ වහන්සේලාට දානෙ ලැබෙන්නෙ?
අපි කවුරුවත් දානෙ ගේනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න ඕනෙ නෑ එළියට වෙලා. අපි මෙවැනි තත්ත්වයක් රටට පත්වේවි, මෙවැනි විපතක් අනාගතේ ඇතිවේවි කියල තේරුම් අරගෙන ඒ විපතට අවුරුදු ගාණක් තිස්සෙ ලෑස්ති වුණා. මේ ‘උමංදාව’ උද්‍යානය හදල, පන්සල හදල, වගා බිම් හදල සමාජයට ලොකු ආදර්ශයක් දුන්න. ඒ ආදර්ශ ප්‍රතිඵල තමයි මේ.
මේ දාන වේලට හදල තියෙන හැම කෑම වේලක්ම ‘උමංදාවෙන්ම’ හොයාගත්ත කෑමද?
නැත්නම් මේ අඳිරි නීතිය වෙලාවෙ සැමනුයි, පරිප්පුයිනෙ මේ දාන වේලට තියෙන්න ඕනෙ. නමුත් මේක එහෙම දුප්පත් දානෙ වේලක් නෙමෙයිනෙ. මේක පෝසත් දානෙ වේලක් වුණේ මේක තියෙන සියලුම කෑම මේ වත්තෙ තැන් තැන්වල හැදිච්ච ඒව නිසා.
මේ බත්, එළවළු, පලතුරු, යුෂ වර්ග, සුප් වර්ග ඔක්කොම ‘උමංදාවෙ’ හැදිච්ච ඒවද?
අපි මෙහෙ පාට දෙකකින් හාල් වපුරනව. රතු හාල් එක කුඹුරක වපුරනව. අනිත් ඒවයෙ මේ සුදු වපුරනව. ‘උමාදාව’ටම ආවේණික බත තමයි නිල් බත. නිල්බත හදන්නෙ හාල්එකට නිල් කටරොඩු මල් කපල දාල. ඕක ඖෂධීය ආහාරයක්.
මං කියන්නෙ මේ ලංකාවෙ මිනිස්සුන්ට දැන්වත් මේ කෑමවලට කෙළ හල හල ඉන්නෙ නැතුව තමන්ගෙ වත්තෙ එළියට පහළියට ගිහිල්ල උදැල්ලක්, අලවංගුවක් අරගෙන සුද්ද කරල, ඇට ටිකක් ගෙනල්ල, පෝර ටිකක් දාල හිටවපල්ල. දැන් මේ කෑම ටික දැක දැක මේක ලෝභකමේ, තණ්හාවෙන් ඉන්න ඕනෙ නෑ.
මෙතන පලතුරු වර්ග ගොඩක් තියෙනව මේවත් මෙහෙම හැදෙන ඒවද?
මෙතන තියෙන ඔක්කොම පලතුරු උමංදාවෙ හැදෙන ඒව. අපි පිට රටින් ඇපල් නැව එනකන් ඉන්නව. මිදි නැව එනකන් ඉන්නව. දොඩම් නැව එනකම් බලාගෙන ඉන්නව. ඒවට ලෝකෙ තියෙන ඔක්කොම විෂ බෙහෙත්, පිළිකාකාරක ඔක්කොම ගහල ගහල කුණු වෙලා අපිට එන්නෙ. දැන් බලන්න මේ පලතුරු කොච්චර අලුත්ද, නැවුම්ද කියල. ඉතින් ඇයි මේ වගේ එකක් හිටවන්නෙ නැත්තෙ.
මං කියන්නෙ අපේ ජාතියට වැරදුණා. වැරදිච්ච එකේ අපිට කුණුහරුප කියල හරියන්නෑ දැන්. දැන් අපි කරන්න ඕනෙ මේ වගේ කෑම මේසයක් එළියට බැහැල හදන්න පටන් ගන්න එක.
අපි බන කිව්ව ලොකු ගැඹුරු දහමක් කිව්ව. ඒ දහම මිනිස්සුන්ට සසර දුක නිවාගන්න කැමැති කෙනකුට සියල්ල අතහැරල දාල සසර දුක නිවන්න. ඒ වගේම අපි මිනිස්සුන්ට පෙන්නුවෙ දහම විතරක් නෙමෙයි. දුප්පත් වෙන්න ඕනෙ නෑ. ජීවත් වෙලා ඉන්නකම් හොඳට කාල බීල සතුටින් සන්තෝසෙන් ජීවිතය විඳින්න ඕනෙ. ඒකට මාර්ගයකුත් පෙන්නව. භෞතික මාර්ගයකුත් පෙන්නුව. ලෝකෝත්තර නිවන් මාර්ගයකුත් පෙන්නුව. සරස්වතියි, ලක්ෂ්මිවයි එක ගේකට වැඩැම්මුව.
හාමුදුරුවනේ මේ ඇඳිරි නීතිය කාලෙ මේ වැඩ කරන්නෙ කොහොමද?
අපි ඇඳිරි නීතිය තිබ්බ කියල කිසිම වැඩක් නැවැත්තුවෙ නෑ. මම මේ අමුඩ ගහගෙන කුඹුරට බහින්නෙ නෑ. මං එහෙම කරන්න අවශ්‍ය නෑ. මම ඒ සඳහා ජනතාව සංවිධානය කරන්නෙක්. මං භික්ෂුන් වහන්සේලාට කියනව ඒ අය කරන්න ඕන දේවල්. ඒව මේ මොහොතෙත් මෙහි ක්‍රියාත්මක වෙනව.
මෙතන පිරිස ලක්ෂ ගාණක් නෑ. මෙතන සීයකට අඩු පිරිසක් ඉන්නෙ. ඒ සීයකට අඩු පිරිස මෙතන ලස්සනට මැනේජ් කරනව. අපි ඇඳිරි නීතිය වෙලාවෙ බත් ගහල ගහල නිදියගන්නෙ නෑ.
තණකොළ උගුල්ලන ගමන්, අතුගාන ගමන් මොකක්ද වඩන්න පුළුවන් විපස්සනාව?
ඔබ යම් යම් ක්‍රියාවක් කරයිද, ඒ ඒ ක්‍රියාව තුළ සිහිය පවත්වන්න. එය විපස්සනාවයි. ඉතින් එච්චරයි. ඉතින් දැන් අපි කරන ක්‍රියාව සිහියෙන් කරනව. එතකොට විපස්සනාව. අමුතු වැල්වටාරම් ඕනෙ නෑ. ඒව ඔක්කොම බොරු කතා. ලෝකයක් රවට්ටන්න ගොතපු පච. ඔය කුටිවලට වෙලා භාවනා කරනව කියන සීයට අනූනවයි දශම නමයක්ම කරන්නෙ දෙවේල කාල බුදියන එකනෙ. ඊට වඩා අපි බලන්න කොච්චර ප්‍රායෝගිකද කියල.
නිවන් දකින්න මේ වැඩපිළිවෙළ බාධාවක් නෙවෙයිද?
නිවන කියන්නෙ කැලේකට වෙලා දාරමණ්ඩිය ගොතාගෙන උදේ ඉඳල හවස් වෙනකම් මයිනහම අදිනව වගේ හුස්ම ඇද ඇද ඉන්න එක නෙමේ. නිවන කියන්නෙ ප්‍රායෝගික ජීවිතය.
පන්සලකට ගිහාම කවුරුත් දකින්න කැමැති ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන, සන්සුන්ව වඩින, මල් පහන් පුදන දසුන්නෙ? මෙහෙ එහෙම පේන්නෙ නෑනෙ?
මෙහෙ චිත්‍රපට රඟපාන්නෙ නැහැනෙ. ඒක තමයි වෙනස. මේ අපේ ඇත්ත ජීවිතේ. මේ තමයි ඇත්ත. කවුරු ආවත්, මොන ලොක්ක ආවත් මේ තමයි පේන්න තියෙන්නෙ. අපි කාටවත් පේන්න සිල් රකින්නෙ නෑ. උජුපටිපන්නෝ සාවක සංගෝ. අපි හරි ඍජුයි. අපි දෙකක් කරන්නෙ නෑ. අපි එකයි කරන්නෙ. මේ අපේ ඇත්ත ජීවිතේ.
මං හිතන්නෙ රටම උමන්දාවක් වෙන්න ඕනෙ. එතකොට තමයි අපි හුස්ම ගන්න පන එන්නෙ. නැතුව අපි මේ බොරු කතන්දර කිය කිය, මිනිස්සු රවට්ටන බණ කිය කිය ඉඳල වැඩක් නෑ. ඒ කියන එකා නිවන ගැන දන්නෙත් නෑ. ඒ අහන එවුන්ට නිවන ගැන තේරෙන්නෙත් නෑ. උණුත් අපායෙ යනව. මුණුත් අපායෙ යනව. අන්තිමට දෙගොල්ලො එහෙදි හම්බුවෙනව.
චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කොහොමද මේ වගාව තුළින් සිද්ධ වෙන්නෙ?
චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කොහොමද භාවනා කුටියක් තුළ සිද්ධ වෙන්නෙ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නෙ බාහිර පරිසරය, අහස, පොළොව තුළ මිසක් කෘත්‍රිම තැනක නෙමෙයි. අනික මිනිහෙක්ගෙ හිතේ තියන කාමය, වෛරය කොහොමද එක පාර නිවන්නෙ. ඒව නිවන්න ප්‍රායෝගික ක්‍රම තියෙන්න ඕනෙ. ඒ ක්‍රම තමයි අපි පාවිච්චි කරන්නෙ. පරිසරය තුළ සිහිය පුහුණු කිරීම. ඒක තමයි නිවන් දැකීමේ ලේසිම හා හොඳම ප්‍රායෝගික ක්‍රමවේදය.
දැන් මේ කොරෝනා බය දුරු වෙච්ච ගමන්ම වගාවට තියෙන උන්නදුව අඩුවෙලා යයිද?
මේ වැඩපිළිවෙළ අපි හැදුවෙ කොරෝනාවක් නිසා නෙමෙයි. මෙහෙම දෙයක් අනාගතේ වේවි කියල අපිට හිතුණ. ඊට පස්සෙ අපි කල්පනා කළා අපි කාගෙන්වත් හිඟාකන්නෙ නැතුව, කාටවත් අතපාන්නෙ නැතුව අපිට මෙච්චර ඉඩ තියෙද්දි ඇයි අපි ස්වයංපෝෂිත වෙන්නෙ නැත්තෙ කියල. අපි ඒකට වැඩපිළිවෙළ හැදුව. ඒ අස්සෙ කොරෝනාව ආව. අපි ජාතියෙන් ඉල්ලන්නෙ මේ වෙලාවෙ අරයට මෙයාට බැන බැන ඉන්නෙ නැතුව, නින්දා කර කර ඉන්නෙ නැතුව වැඩක් කරන්න කියලයි. අපි යන්න ඕනෙ ගමන ගියා. භෞතිකවත් ගියා. අධ්‍යාත්මිකවත් ගියා. මට කියන්න තියෙන්නෙ පුළුවන් නම් ඔබේ ගෙවත්තත් උමංදාවක් කරගන්න කියලයි.
මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් ‘හරි ටීවී’ වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අසුරිනි…
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ඉතිහාසයේ සැඟවුණු රහස් යාපහුවෙන් මතුවෙයිද

Next Post

අලියාන්ස් ලංකා කොවිඩි-19ට එරෙහි සටනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා අත්වැල් බැඳගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.