අලියාන්ස් ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් කොවිඞ්-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා (High Performance Real Time Quantitative PCR
(RT-qPCR)යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.
මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “මේ ආකාරයේ අභියෝගාත්මක අවස්ථාවන්හිදී කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒ වෙනුවෙන් කැපවන ආයතනයන් වෙත පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලබාදීම අතිශය වැදගත් බයයි. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයනට වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සියලු වෘත්තිකයන්ගේ නිරන්තර කැපවීම අප ඉතා ඉහළින් අගය කර සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින ගෝලීය රක්ෂණ සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොවිඞ් 19 පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ කාර්ය සාධනයකින් යුත් Real Time Quantitative PCR
(RT-qPCR) යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට හැකි වීම අප මහත් ගෞරවයක් කොට සලකන්නෙමු.” යනුවෙනි.











