• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉතිහාසයේ සැඟවුණු රහස් යාපහුවෙන් මතුවෙයිද

April 25, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඉතිහාසයේ සැඟවුණු රහස් යාපහුවෙන් මතුවෙයිද
Share on WhatsAppShare on Facebook

දහතුන්වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාද්වීපයේ අග නගරයක් වශයෙන් භාවිතා කළ පර්වතාශ්‍රිත පැරණි නගරයකි යාපහුව. මෙය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහව මංසන්ධියට කිලෝ මීටර් හතරක් පමණ වයඹ දිශාවෙනි. මෙම ප්‍රදේශයේ අඩි 400කට නොවැඩි උසැති කඳුගැට දුලභ වශයෙන් දැකගත හැකිය. මොනරකන්ද, දියබැටේ, යාපහුව වැනි කඳුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. ඓතිහාසික යාපහුව රාජධානියේ තොරතුරු අද දැන ගනිමු.
යාපහුව රාජධානියේ ඉතිහාස කතාව.
සුභ නම් සෙනවියාගේ වාසස්ථානය වූ මෙම පර්වතය සුභ පබ්බත නමින්ද ව්‍යවහාර වී ඇත. අයෝ පබ්බත, සුන්දරගිරි යන පාලි නම්වලින්ද යපහව්ව, යාපහුව යන සිංහළ නමද මෙම පර්වතයට භාවිතා වී ඇත. යාපහුව ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ දහතුන්වැනි සියවසේදී පමණය. එකල රජ කළ මාඝ නැමති කාලිංග රජුගේ සේනාව වෙහෙර විහාර කඩා එහි වස්තුව පැහැරගෙන යෑමත් පොත් පත් විනාශකරමින් බුදුසසුන වැනසීමටත් ක්‍රියාකරමින් සිටියෙදී සිංහල රාජ කුමාරවරු අධිපතියන් ලක්වැසියන් හා ශාසනයත් හැකි තරම් දුරට ආරක්ෂා කළහ. මේ අතර සුභ නම් සෙනවිතුමා යාපහුවෙහි පුරයක් කරවා ඒ ප්‍රදේශ පාලනය කළ බව ඉතිහාස පත පොතේ සඳහන්වේ. මේ කාලයේ විජයබාහු නම් රාජ කුමාරයෙක් වන්නියේ රජ වී සිංහල අමාත්‍යයන් සමග දෙමළ සතුරන් වනසා දඹදෙණි පව්ව මත සිට රාජ්‍ය කර තිබේ. ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු දඹදෙණි නුවර අගනුවර ලෙස භාවිතයට ගෙන රට පාලනය කර ඇත. උතුරු දෙසින් එන සතුරු උවදුරැ වළක්වාලීම සඳහා ඔහුගේ පුත් බුවනෙකබාහු කුමරාට පවරාදී ඒ කුමාරයා යාපව්වේ නවත්වා ඇත. පියා වෙනුවෙන් රාජ්‍ය කිරීම භාරගත් පණ්ඩිත පරාක්‍රමබාහුගේ දෙටු පුත් 4 වන විජයබාහු කුමාරයා ගම් නියම්ගම් සංවර්ධනය කරමින් සිය සේනාව සමග යාපහුවට පැමිණ ඇත. මීට පෙරත් යුද වැදී පැරදී පලාගිය චන්ද්‍රභානු නම් ජාචකයා නැවත යුද වැදී යාපහු නුවර කඳවරු බැඳගත්තේය. චන්ද්‍රභාණු සමග සටන් වැදි විජයබාහු කුමාරයා ඔහු පරදා යාපහුව උස්වූ පව්රින් දිග අගල් යොදා ශක්තිමත් බලකොටුවක් බවට පත්කර එහි රජ මාලිගයක්ද ඉදිකර එහි ආධිපත්‍යය සිය සොහොයුරා වූ බුවනෙකබාහු කුමාරයාට පවරා තිබේ.

බුවනෙකබාහු රජතුමා විදේශ සබඳතා දැඩිකර ගැනීමේ විශේෂ රුචිකත්වයක් දැක් වූවෙකි. රජු 1283 වසරේදී ඊජිප්තුවේ සුල්තාන්තුමා වෙත පිරිසක් පිටත්කර හරිමින් මිත්‍ර ගිවිසුමක් ඇතිකර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. යාපහුව සහ චීනය අතර පැවති සබඳතා පිළිබඳ ලිඛිත මූලාශ්‍ර සහ පුරාවිද්‍යා සාධක හමුවී තිබේ. මේ රජුගේ රාජ්‍ය සමයේදී (1284) චීනයේ කුබ්ලායි ඛාන් අධිරාජයා පාත්‍රධාතුව ඉල්ලා දූත පිරිසක් එවීය. නමුත් මේ පුජාර්භ වස්තුව ලබාදීමට නොහැකිවිය. චීන ජාතික බෞද්ධයන් දන්ත ධාතුන් හා පාත්‍ර ධාතුව කෙරෙහි දැක්වූ ශ්‍රද්ධාව නිසාදෝ ඔවුන් යාපහුවට ආගිය බව සාධක හමුවී තිබේ. 1912 වසරේදී කළ කැණීම්වලදී චීන කාසි 10ක් සොයාගෙන ඇත. මෙම කාසි ක්‍රි.ව. 995 සිට ක්‍රි.ව. 1205 දක්වා කාලය තුළ නිකුත් කළ ඒවාය. 1945දී යාපහුවේ නැගෙනහිර දොරටුව අසලින් චීනකාසි 1352ක් සොයා ගන්නා ලදී. දිවයිනේ මෙතෙක් සොයා ගෙන ඇති වැඩිම චීන කාසි එකතුව එයයි. ඉහතින් සඳහන් කළ කාසිවලට වඩා පැරණි කාසි මේ කාසි අතර විය. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු හතරවැනි විජයබාහු රාජ්‍යත්වයට පත්විය.
පියාගේ අභාවයෙන් පසු දෙවසරක් ගතවීමටත් පෙර ඔහුගේ ඇමැතිවරයෙකු වූ මිත්‍ර නම් ද්‍රරුහියා විසින් ඔහුව මරවන ලදී. ඒ පුවත ඇසූ 4 වන විජයබාහු රජුගේ සහෝදර බුවනෙකබාහු මිත්‍ර නම් ද්‍රරුහි සෙනවියා මරවා දඹදෙණියට ගොස් එහිදී අභිෂේක ලැබීය. ඉන් පසුව දෙමළ සතුරන් නසා වන්නි රජුද යටත් කොට ගෙන රටේ සාමය පැතිරෙව්වේය. එහෙත් උතුරින් ආ දෙමළ සතුරන් නිරන්තරයෙන් මායා රට ආක්‍රමණය කරන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසා බුවනෙකබාහු රජතුමා දඹදෙණියට වඩා යාපහුව සුරක්ෂිත බලකොටුවක් වූ බැවින් එහි ගොස් විසිතුරු රාජධානියක් කරවා රට පාලනය කළේය. නැවතත් පාඬි දෙමළුන් ගෙන් එන ආක්‍රමණය පාලනය කිරීමට තම බලය මදි බව සිතා මිසර රජුගෙන් ආධාර අපේක්ෂා කොට දූත පිරිසක් එහි යවන ලදී. එහෙත් මොවුන් නැවත ලංකාවට පැමිණෙන්නට මත්තෙන් බුවනෙකබාහු රජු මරුමුවට පත්විය. වසර එකොළහක් වූ මොහුගේ රාජ්‍ය කාලය තුළ යාපහුව ලංකාවේ අගනුවර වශයෙන් භාවිතා කර ඇත. පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු සාගතයක් ඇතිවූ හෙයින් රට බොහෝ දුබල තත්ත්වයට පත්ව ඇත. මේ අවස්ථාවේදී ආර්ය චක්‍රවර්තී නම් වු ද්‍රවිඩ අධිපතියා යාපහු පුරයට පිවිසි බව මහාවංශයේ සඳහන් වේ. මහාවංශයේ ආර්ය චක්‍රවර්තිගේ ආක්‍රමණය සහ සාගතය පිළිබඳ සඳහන් වන්නේ බුවනෙකබාහුගේ මරණය ගැන දැක්වීමෙන් අනතුරුවයි. නමුත් දළදා සිරිතෙහි දැක්වෙන්නේ බුවනෙකබාහු රාජ්‍ය සමය තුළම මෙම ආක්‍රමණය සිදුවූ බවයි. බොහෝ විචාරකයින්ගේ අදහස වන්නේ පාණ්ඩ්‍ය ආක්‍රමණයෙන් අනතුරුව යාපහුව අතහැර දමන ලද බවයි. කෙසේ වෙතත් යාපහුව තවදුරටත් ජනාවාසයක් ලෙස භාවිතා වූ වගට සාධක නොමැත.
කේ.ඒ. මෛත්‍රිපාල

SendShareShare
Previous Post

ලෝකයේ කුඩාම ඩයිනෝසර් මතුවෙයි

Next Post

අපේ ජාතියට වැරදුණා; දැන්වත් හිටවපියව්…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.