කොළඹ රොටිකඩේ වත්තේ කොරෝනා රෝගය පැතිර යාම සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමා විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මෙසේය.
මේවන විට රොටීකඩේ වත්තේ සියලුම මුස්ලිම් වැසියන් පමණක් නිරෝධායනය සදහා රැගෙන යන බවට වැරදි තොරතුරක් සමාජගත වෙමින් තියෙනවා. ඒක එසේ පතුරවන්න එපා.
බණ්ඩාරනායක මාවතේ කෝවිල ඉදිරිපිට ඇති රොටීකඩේ වත්තේ නිවෙස් 46කි. එයින් 5ක් සිංහල සහ 3ක් ද්‍රවිඩ සහෝදරයන්ගේ වන අතර ඉතිරි සියල්ල මුස්ලිම් අයගේ නිවෙස් වේ.
මෙයින් එක් සිංහල පවුලක මව, පියා සහ පුතා පෙබරවාරි මස සිට දඹදිව වන්දනාවේ නිරත වෙලා මාර්තු 12 නැවත පැමිණියා. ඒ වන විටත් ඉන්දියාවෙන් පැමිණෙන අය නිරෝධායනය කිරීමකට උපදෙස් නොතිබූ අතර ඒනිසාම ඔවුන් කිසිදු පරීක්ෂණයක් නැතිව ගෙදරට ආවා.
පැමිණීමෙන් පසු ඔවුනට විශේෂයෙන් එම මවට උණ ගතියක් තිබුණත් ඒ පිළිබද කිසි දැනුම්දීමක් නොකර තොරතුරු සගවා සිටියා. පසුව පොලියෙන් තොරතුරු සොයා ආ අවස්ථාවාවේදීත් උණ වැනි ලක්ෂණ පිළිබද තොරතුරු වසංකරලා තියෙනවා.
අප්‍රෙල් 15දින වන විට දැඩිලෙස අසාධ්‍ය වීම හේතුවෙන් එම පුතුන් විසින් IDH රෝහලට ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව රෝහලෙන් ඔවුන් පරීක්ෂා කිරිමේදී 16 දින ඔවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව 17වන දින අසල්වැසි නිවැසියන් 12ක් පරීක්ෂා කිරිමේදී එයින් 6ක් එනම් අසල්වැසි මුස්ලිම් සහ සිංහල අය 3දෙනා බැගින් ආසාදිතයින් බව තහවුරු වුණා.
ඉන්පසු එම වත්ත හුදෙකලා කරලා PHl ලා වත්තේඅයව පරීක්ෂා කිරීමේදී කිසිදු රෝග ලක්ෂණ නැති තවත් 12දෙනෙක් හමු උනා. මාධ්‍ය මුලදී කිසිදු ආවරණයක් නොකර පසු දිනයන්හි ආවරණය කිරීමෙන් මුස්ලිම් වැසියන් ගැන පමණක් වාර්තාවීමක් සිදු වුණා.
මේ තත්වය නිසා 19 දින එම වත්තේ නිවෙස් 46ටම අයත් සියලු දෙනා නිරෝදායනය සදහා රැගෙන යාමට පටන් ගත්තා. නිවෙස් 46න් 38ක්ම මුස්ලිම් අයගේ නිවාස නිසා බස් රථ රාශියක බහුතරය මුස්ලිම් වැසියන් ලෙස පෙනුනා මිස එය මුස්ලිම්වරුන් පමණක් සැලසුම් සහගත ලෙස රැගෙන යන බව කීම වැරදි වාර්තා කිරීමකි.
සමහර මාධ්‍ය ඒ මුස්ලිම් අය ලෙසට පමණක් විදිහට දර්ශන වාර්තා කිරීම සාධාරණද නොවේ.
කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමාගේ පණිවිඩයේ අදහස් – 2020/04/19 පස්වරු 9.25යි.










