නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් අද (20) උදැසන වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව ගෙවුණු පැය 24 තුළ රෝගීන් 40ක් වාර්තා වීම විශේෂ සිදුවීමකි.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මෙලෙස කොරෝනා අසාදිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.
දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව මෙය වේ.










