ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙකකට අනුග්‍රහය දැක්වීමට TVS සමාගම ඉදිරිපත් වී සිටී. මේ යටතේ TVS සමාගම විසින් තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගයටත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයටත් අනුග්‍රහය ලබාදෙනු ඇත. මෙම ක්‍රිකට් තරග දෙකේදී තරගාවලියේ වීරයා සඳහා ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනා ඇති TVS NTORQ Race Editionයතුරුපැදිය බැගින් පිරිනැමීමට නියමිතය.
කලක පටන් ජාතික මට්ටමේ තරගාවලි සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇති TVS සමාගම 2019 වසරේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහාද අනුග්‍රහකත්වය ලබාදුන්නේය.
1963 වර්ෂයේදී ආරම්භවූ, තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ පැවත්වන්නේ 57 වන Battle of Brothers වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ක්‍රිකට් ගැටුමේ ඉතිහාසය 1933 වර්ෂය තරම් ඈතට දිවයන අතර, 70 වන Battle of Golds වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම වසරේ පැවැත්වේ.











