කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ සුවිශේෂ කාර්යභාරයක නිරත වී සිටින සෞඛ්‍ය අංශ වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත හිස්වැසුමක් නිපදවීමට HHCO හෙල්මට් ආයතනයට හැකිවී තිබෙනවා.
මෙම හිස්වැසම මගින් හිස සහ දෑස් මනාව ආවරණය වන අතර, යම් ආසාදිතයකුගෙන් කෙළ බිඳිති ස්පර්ශ වීමේ අවදානම අවම කරනවා. එමෙන්ම මෙහි ඇති ආරක්ෂිත පටිය නිසා හිස්වැසුම එහාමෙහා ගමන් නොකරන අතර, ඇතුළත රඳවන පටි නිසා හිසට මනාව සවිවී තිබෙනවා. එක්වරක් භාවිතයෙන් පසු විෂබීජනාශක දියරයකින් සෝදා සෞඛ්‍යාරක්ෂිත ලෙස නැවැත නැවතත් භාවිතා කරන්නට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම වසංගත තත්ත්වය හමුවේ සුවිශේෂී කාර්යභාරයක නිරත වී සිටින පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මෙම හෙල්මටය නොමිලේ ලබාදීමට HHCO හෙල්මට් ආයතනය කටයුතු කර තිබෙනවා.
කළමනාකාර අධ්‍යක්ෂ චින්තක සංජීව ගනේගොඩ 0703458907
අලෙවි කළමනාකරු සාරංග වෙලගෙදර 0705000101











