මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අවසන් නැකත් චාරිත්‍රය වූ පැල සිටුවීමේ නැකතට ඖෂධීය පළතුරු ශාකයක් වන කටු අනෝදා පැලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය විසින් අද (19) රෝපණය කරන ලදහ.
පෙරවරු 11.38 යෙදී තිබූ පැළ සිටුවීමේ සුභ නැකතට කොළඹ 07, විජේරාමයේ පිහිටි නිල නිවාස භූමියේ මෙම පැලය රෝපණය කරන ලදි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආගමික කටයුතු ලේකම් අග්‍රහැර කස්සප හිමිපාණන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියාත් බන්දු වික්‍රම ද සහභාගී වූහ.











