ලෝක බැංකුවට අනුබද්ධ සමාගමක් සහ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වන IFC අර්බුදකාරී අවස්ථාවේදී PickMeහි ක්‍රියාශීලී බව සහ ඇඳිරි නීති තත්ත්වය යටතේ එහි ඵලදායි, ආරක්ෂිත සහ විශ්වාසදායක අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවයට ප්‍රශංසා කළේය. ඇඳිරි නීති අවස්ථාවේදී අපහසුතාවයට පත්වූ අය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට මූලිකත්වය ගත් ආයතන අතරින් ප්‍රමුඛස්ථානය ඡසජනඵැ වෙත හිමිවේ. PickMe ආයතනය අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ඔවුන්ගේ රියදුරන්ට අවශ්‍ය අවසරය ලබාගන්නා අතරම ඉතා දැඩි ලෙස ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් රියදුරන් සහ පාරිභෝගිකයන් යන සියලු පාර්ශ්වයන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමට තම රියැදුරන් ඉතා මැනවින් පුහුණු කරවන ලදී.
පවත්නා covid19 අර්බුදය තුළ ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේ සමාගමක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් දක්වා එක රැයකින් වෙනස් කිරීමට PickMe සිය තාක්ෂණය සවිබල ගැන්වූ ව්‍යාපාර ආකෘතිය භාවිතා කළේය. සමාගමේ සේවාවන් මුලදී රටේ වාණිජ අගනුවර වන කොළඹින් ආරම්භවූ අතර ඉතා ඉක්මනින් රට පුරා වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.











