මුදල් නැති බව කියමින් ආණ්ඩුව විසින් කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්, එදා මැතිවරණය අවශ්‍ය බව කී සියලු පාර්ශ්ව අද ඒ පිළිබද නිහඩව සිටින බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් නොමැති බවත්, ජනවරම හිමිවූ පුද්ගලයන් අද එම තනතුරුවල නොමැති බවත්ය.
කෙසේවෙතත් තම සභාපතීත්වයෙන් පත් කරනු ලැබූ සීමා නිර්ණය කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය මහතා කිසිත් ප්‍රකාශ නොකළ අතර ඇතමුන් චෝදනා කර තිබුණේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සීමා නිර්ණය කොමිසම පත්කරනු ලැබූ බවකි.
Sri Lanka Latest News