ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නොමැති බවයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියන්නේ. ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් තමන්ගේ සහය ඔහුට දෙන බවත් අමාත්‍යවරයා පවසනවා. මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් අවස්ථාවක් ලබා දීම පොහොට්ටුව ඇතුළු රටට ආදරය කරන සියලු පාර්ශවයන්ගේ යුතුකමක් බවයි ඔහු කියන්නේ.Sri Lanka Latest News
පොහොට්ටුව හැම විටම රට ගැන සිතා තීන්දු තීරණ ගත් පක්ෂයක් බැවින් නිවැරදි මොහොතේ සිය පක්ෂය එම තීරණය ගනු ඇතැයි තමන්ට විශ්වාස බවද ඇමතිවරයා සදහන් කරනවා.
“අපි අදටත් නියෝජනය කරන්නේ 69 ලක්ෂය තමයි. අපිට තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ ආවා. අපේ වෙලාවට කොරෝනා ආවා. රට වහන්න සිද්ධ වුණා. රටේ ආර්ථිකය කඩන් වැටෙන්න විවිධ හේතු මුල් වුණා. එදා ජනතාව කිවුවේ යුද්ධය දිනලා දෙන්න වෙන මුකුත් එපා කියලා. මහින්ද මහත්තයා ඒක කළා. දෙවෙනි පාර එතුමට කිවුවේ රට සංවර්ධනය කරන්න කියලා. ඒකත් කළා. ඊට පස්සේ යහපාලනය ගේන්න අවශ්‍ය වුණා. රටේ ආරක්ෂාව ගැන හිතලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එතුමා ඒක කළා වගේම මිනිසුන්ගේ ජීවිත බේරුවා. අද තියෙන්නේ රටේ ආර්ථික අර්බුදයක්. මේක භාර ගන්න කාටවත් කොන්දක් තිබුනේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මිනිහා වුනු රනිල් මහත්තයා ඇවිත් මේක භාර ගත්තා. කොන්දේසි විරහිතව අපි එතුමට උදව් කළා. ආපස්සට හැරිලා බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන්.
රට වෙනුවෙන් හරි දේ හැමදාම අපේ නායකයෝ කරලා තියෙනවා. මේ වෙලාවෙත් පොහොට්ටුවේ නායකයෝ නිවැරදි තීන්දුව නිවැරදි මොහොතේ ගනිවි” යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා.









