සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇත.Sri Lanka Latest News
සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරු ව අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම ඉල්ලීම අද සලකා බැලිණි.











