අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. (Sri Lanka Latest News)
එය උතුරුට බරව වයඹ දෙසට ගමන් කර අද (16) උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 – 45 පමණ වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වැඩි විය හැකියි.
මෙම හේතුවෙන් ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශතුළ යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි ද දැනුම් දෙයි.
lankadeepa










