LOLC, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් සහිත මුල් පෙළේ සමාගම් හඳුනා ගන්නා වඩාත් ප්‍රශංසනීය ශ්‍රේණිගත කිරීමක් වන “බිස්නස් ටුඬේ ටොප් – 30” 2018-2019 සංස්කරණයේ කඩඉමක් ඉදිරියට පැමිණෙමින් තුන්වැනි ස්ථානය හිමිකරගන්නා ලදී. “බිස්නස් ටුඬේ ටොප් – 30” තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඞ් බෝල්රූම්හිදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 30 ජයග්‍රහණයන් හා විශිෂ්ටත්වය සැමරීම සඳහා සංවිධාන කරන ලද උත්කර්ෂවත් සන්ධ්‍යාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
“බිස්නස් ටුඬේ ටොප් – 30” 2018-2019 සංස්කරණයට අනුව, දිගු කාලීන දැක්මක් සහිතව, උපායමාර්ගික ස්ථානවල සිදුකළ කාලෝචිත ආයෝජන හේතුවෙන් LOLC සමූහයට එහි තුන්වන ස්ථානය හිමිකරගැනීමට හැකිව තිබේ.LOLC ෆිනෑන්ස් පීඑල්සී, කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සහ LOLC ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන මූල්‍ය ආයතන තුනෙහි ස්ථාවර වර්ධනය, ශ්‍රේණිගත කිරීම්වලදී LOLC ලද වර්ධන ප්‍රවණතාවට දායක විය. කාම්බෝජය, මියන්මාරය, පාකිස්ථානය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල උපායමාර්ගික විදේශ ආයෝජනද, සමූහයේ අඛණ්ඩ විශිෂ්ට ක්‍රියාකාරිත්වයට හේතුවී තිබේ.











