ශ්‍රී ලංකාවේ රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ICC ස්මාර්ට් එකෝ සොලියුෂන් සමඟින් එක්ව පරිසරහිතකාමී තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම වැඩසටහනෙහි ආරම්භය සනිටුහන් කරන ලද අතර මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අළුත්ගම මහතා, ICC අධ්‍යක්ෂ නිෂාන් වීරසූරිය මහතා ICC අධ්‍යක්ෂ නිහාල්ද සේරම් මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගි විය.
මේ යටතේ ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ඉක්මනින් කොම්පෝස්ට් ජනනය කළහැකි යන්ත්‍රයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබෙන අතර මෙමගින් පැය 24ක් ඇතුළත ආහාර අපද්‍රව්‍ය කිසිදු ගන්ධයක්, ගෑස් හෝ දුමක් රහිතව අපද්‍රව්‍ය ප්‍රමාණය 80%කින් අඩුකරමින් කොම්පෝස්ට් බවට පරිවර්තනය කරයි.











