• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දුටුගැමුණු රජුගේ බිසවගේ රහස

March 14, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දුටුගැමුණු රජුගේ බිසවගේ රහස
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ශ්‍රේෂ්ඨ රජකෙනකු ලෙස අප හඳුනාගන්නා රජවරුන් අතර දුටුගැමුණු චරිතයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එතුමාණෝ ක්‍රිස්තු පූර්ව 161- 131 අතර කාලයේ රාජ්‍ය පාලනයේ නියුක්ත වී ඇත්තාහ. ඔහුගේ චරිතය පිළිබඳ මහාවංසය, ථූපවංසය ආදී වංසකථාවල මහ ඉහළින් වර්ණනා කර ඇත්තේ වී නමුදු ඔහුගේ මෙහෙසිය පිළිබඳ බිඳකුදු නොදැක්වීම පුදුමයට කරුණකි. ඊට හේතුව වන්නට ඇත්තේ ඔහුගේ මෙහෙසිය රාජවංශයට නොගැළපෙන සාමාන්‍ය කාන්තාවකැයි ජනයන් අතර යම් සැකයක් පවතී.

දුටුගැමුණු රජුගේ පරිවාර පුරස්ත්‍රීන් ප්‍රමාණය 16,000ක් බව ථූපවංසයේ දක්වා ඇත. දුටුගැමුණු නිරිඳුන් කලුරිය කළ පසු රජුගේ නාටිකාංගනාවන් රජුගේ ඔටුන්න ගැලවූ ස්ථානය ‘මකුටමුත්ත’ නම් වීය. ඔහුගේ මතු ජන්මය මහාවංසය දක්වන්නේ ‘කාවන්තිස්ස මතුකල මෙතේ බෝ සතුන්ගේ පියා වෙයි. විහාර දේවී මව වෙයි. ගැමුණු මෙතේ බෝසතුන්ගේ දකුණත් සව්වන අතර තිස්ස වමත් සව්වෙයි. සාලිය මෙතේ බෝසතුන්ගේ පුතා වන අතර අනුලා බිසව මෙතේ බෝසතුන්ගේ බිසව වෙයි’ යනාදී වශයෙනි.

ගැමුණු කුමරු පියාට කීකරු නොවී මලය රටට පලා ගිය බව මහාවංසය කියයි. ජනප්‍රවාද අනුව ගැමුණු කුමරු ගුත්තා නමින් වෙස් වළාගෙන අවුරුදු 12ක් කොත්මලේ කොටගේපිටියේ ජීවත් වීය. ගුත්තා නමින් ඔහු විසූයේ කොටගේපිටියේ ඌරුපැලැස්සේ ගම ගෙදරයි. ඔහු එකල අස්වැද්දු වෙල ‘රජතලා වෙල’යි. ඒ කුඹුරු යාය අසල කුමරු සිටි ‘වැඩසිටි ලෙන’ නම් ගල්ලෙන තවම ඇත. ඒ අසල පිහිල්ලකි. කුමරු සළුපිළි වැනූ තැන ‘සළුගල’යි. ඌරුපැලැස්සේ ගමරාලගේ වැඩිමල් දූ කුමරිය වූ කළුමැණිකා ගුත්තා නොරිස්සුවාය. එහෙත් බාල දූ රන්මැණිකා ඔහුට ළෙන්ගතු වූවාය. ඔවුන් දෙදෙනාගේ ආදරය ලියලා ගිය අතර කොත්මලේ ජනප්‍රවාද අනුව ගුත්තා නමින් සිටි දුටුගැමුණු කුමරු රන්මැණිකා පාවා ගන්නා ලදුව රජකම ලැබී මාගම යන විට රන්මැණිකා ගැබිනියකි. ගුත්තා එදා මාස්වෙල වෙල්යාය අස්වද්දා ඇය ගෙනා දවල් බත් කා වෙහෙසට දවල් ටිකක් උකුළ මත නිදද්දී තම බඩවැල් මුවින් එනු දුටු සීනය තේරුම් කළේ පොන්නා නම් තැනැත්තාය.

පොන්නා දක්ෂ නක්ෂත්‍රකරුවෙකි. පොන්නා දුටුගැමුණු කල විසූ බව බොහෝ දෙනා නොපිළිගනී. ඔහු ජීවත්වූ කාලය රාජාධිරාජසිංහගේ රාජ්‍ය කාලයේ බව මතයයි. මේ පොන්නා යනු පරම්පරාගතව පැවත එන එක්තරා පරම්පරාවක් බව සිතිය හැකිය. එහි මුල් සාමාජිකයා දුටුගැමුණු කල සිටි පොන්නා විය හැකිය. පොන්නා යනු මලයාලම් වදනක් වන අතර එහි අදහස ‘රත් රන්’ යන්නයි. පොන්නා නමැත්තා කොත්මලේ මාවෙල ගමේ පදිංචි වී සිටි අයෙකි. රජකම සඳහා කුමරුට ඇතා දණ ගැසුවේ පුසුල්පිටියේදීය. ජනකවිවලද කුමරු රන්මැණිකා මාගම් කැඳවාගෙන ගිය බව කියැවෙයි.

දුලගාමිණි කුමරු කරනට බාර සුබ
කළු මැණිකෝ පිං නොකළේ මන්ද නුඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැබ
රන්මැණිකෝ රජ කරනට නැඟෙනු නුඹ

දන් පින් කරන අයමය සොඳ රජවන්ඩ
අනේ බැරිවෙච්චි රන් මැණිකෙට යන්ඩ
ආලෙන් සිටිය සැමදා නුඹ සරි මෙමට
රන් මැණිකෝ නැඟපන් මාගම යන්ට

වංසකතා අනුව ගැමුණුගේ බිසවක් ගැන කියැවෙන්නේ නැත. ජනප්‍රවාදවලට අනුව ඔහුගේ බිසව වූයේ කොත්මලේ ඌරුපැලැස්සේ ගෙදර රන්මැණිකාය. කුමරු ඇය මාගම කැටිව යන විට ගැබිනියකව සිටි බව කියයි. රාජබිසවක් වීමට ක්ෂත්‍රිය වංශික විය යුතුය. ඒ නිසා වංසකතා ගැමි ගොවි තරුණියක වූ රන් මැණිකා ගැන නිහඬවූවා විය හැකිය. කැකිරාවේ කොස්ගම කන්ද ලෙන් ලිපියක දුටුගැමුණු රජුගේ බිසවක් ගැන කියැවෙයි. එහි ‘මහරඣහ ගමිණි අබයහ දෙවනපියශ බරියය මිලකිශ විහරෙ කාරිතෙ කතිය’ ආදී වශයෙන් දැක්වෙන තැන අදහස ගත් විට ‘දෙවනපියතිස් ගාමිණී අභය රජුගේ රම්‍ය වූ භාර්යාව වූ කතී මිලකතිශ නම් විහාරය කරවීය’ යන අදහස ගෙන දෙයි. එසේ නම් ලෙන්ලිපියෙන් කියැවෙන්නේ රන්මැණිකා ගැන නොවන බව පෙනෙයි.

ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි ග්‍රන්ථයේ අංක 194 ලෙස දක්වන කොස්ගම කන්ද ලෙන් ලිපිය විනාශ වී ඇත. කොස්ගම කන්ද ලිපියට අනුව ගැමුණු රජුගේ බිසව ‘කතී’ යනු විහාරමහාදේවිය විසින් කටියාව ජනපදය පාලනයට පත්කළ රාජවංශික කුමාරිකාවක් බව ‘ගැමුණු කුමරුගෙ දෙවන බිසව කතී’ නම් නූතන ඉතිහාසමය කවිපොතක කියැවෙයි. ඒ අනුව විහාරමහාදේවියගේ අනුමැතිය අනුව පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන කතී නම් කුමරිය සමඟ ගැමුණු කුමරු විවාහ වී ඇත. ඇය වාසය කළ ජනපදය ‘කටියාව’ නම් වීලු.

මොනරාගල පොතුවිල් පාරේ ලෙන් ලිපි දෙකක් අනුව දුටුගැමුණු රජුට ‘රජිතා’ නම් බිසවක් විය. පියන්ගල ලෙන් ලිපි දෙකෙහි එන ‘දෙවනපිය මහරඣ ගාමිණී අභය’ යනු දුටුගැමුණු රජු බව පරණවිතාන මහතා කියයි. පියන්ගල ලෙන් ලිපියක් අනුව ගැමුණු රජුගේ හෙවත් දෙවනපියතිස්ස ගාමිණි අභයගේ බිසව වූ රජිතාගේ නෑයකු වන දත සුමන භික්ෂූන්ට ලෙනක් පූජා කරයි. පියන්ගල දෙවන ලිපිය අනුව දුටුගැමුණු රජුට දුවක් වූ අතර ඇය පරුමක දාට දමග විවාහ විය. මහාවංසය සඳහන් කරනුයේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු ගැන පමණකි.

තවත් ජනප්‍රවාදයක් අනුව ගැමුණු රජුගේ බිසව වූයේ අනුරාධපුර රජකළ එළාර රජුගේ දියණියකි. ථූපවංසයේ ඇතැම් පිටපත් අග එන තොරතුරු අනුව ගැමුණු රජුගේ අකල් මරණයට හේතුව පෙම් හබයකි. ථූපවංසය ඇතැම් පිටපත් අනුව නාග ලොවින් රුවන්වැලිසෑය වැඳීමට එන නාග කන්‍යාවන් දැක දොරටුපාලයා ඒ බව රජුට දැන්වීය. රජු සැඟවී බලා සිටියදී නාග කන්‍යාවෝ හත්දෙනෙක් මතුවූහ. රජු පළමු නාග කන්‍යාව අල්ලා ගත් විට ඉතිරි හය දෙනා පැනයති. මහකෙළ නා රජුගේ බිසව බව කියා වරදක් නොකරන ලෙස කන්නලව් කළත් රජු ඇයගෙන් ආශා සංසිඳුවා ගනී. ඇය රජුට අවවාද කර පලායයි. මහකෙළ නා රජු පළිගත හැකි බැවින් රජු තිසා වැවේ නෑමට යෑම අත්හරියි. කාලයකට පසු රජුට කරුණු අමතක වී තිසා වැවේ දිය කෙළියට ගිය විට නාරජු සැඟවී සිට පහරදෙයි. සිහිමූර්ඡා වූ ගැමුණු රජු අඟුළුවලින් ගෙන යන විට මළ බව ථූපවංසය කියයි.

ථූපවංසය අග ඇතැම් පිටපත්වල එන මේ කතාව අනුව ගැමුණු කුමරු අකල් මරණයට ගොදුරු වූයේ නාග කන්‍යාවකට බැඳි ප්‍රේමයෙනි. ගැමුණු රජු ජයසේන නාරජුගේ බිසව ගැන ආශා වී ජයසේන මරවන ලදුව ඔහු නයකු වී ඉපිද ගැමුණු රජුට දෂ්ට කර මැරූ බව තවත් ජනප්‍රවාදයකි. තවත් කතාවක් අනුව රජුගේ මල් උයනට මල් කැඩීමට ආ නාග කන්‍යාවක් රජු තම මෙහෙසිය කර ගත්තේය. කවර වේලාවක දෂ්ට කළ හොත් විෂ උග්‍රවේ දැයි රාජ වෛද්‍ය කපුරුනාථගෙන් විමසා ඒ මර වේලාවට රජ දෂ්ට කළේය. කපුරුනාථ බේත්ගසකට අත දිගුකර මියගිය අතර ගැමුණු රජු තනකිරි ඔරුවක බහාලුවද නාග විෂ නිසා මරණයට පත් වීය.

පියන්ගල ලෙන් ලිපි දෙකක් අනුව ගැමුණු රජුට දුවක් වූවාය. මහාවංසය ඇතුළු වංසකතාවල ඔහුගේ පුත් සාලිය කුමරු ගැන කියයි. සාලියගේ මව ජනප්‍රවාදවල එන රන්මැණිකා විය හැකිය. ඔහුට රාජකාරි නොලැබීමේ හේතුව සාලිය කුමරු අශෝකමාලා පාවා ගැනීමම නොව සාලිය කුමරුගේ මව රාජවංශික නොවීම විය හැකිය. රජකම ලැබීමට මව්පිය උභයකුල පරිශුද්ධවිය යුතු බව සීගිරි කාශ්‍යප කුමරු කතාවෙන් පෙනී යයි. රන්මැණිකා රාජකීය කාන්තාවක නොවීම නිසා ඇය ගැන වංසකතා නිහඬ වූ අතර සාලියට රජකම ලබා ගැනීමටද එය බාධාවක් විය. කෙසේ වුවත් දුටුගැමුණු රජුගේ මෙහෙසිය පිළිබඳ පවතින ජනප්‍රවාද බොහෝ වන නිසා නිශ්චිතව ඇය කවුදැයි හැඳිනගැනීමට අසීරු වී ඇති බව පැහැදිලිය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

මෛත්‍රී අත්අඩංගුවට? (රාජ්‍ය රහස්)

Next Post

රවීට ‌‌මේ තරම් බය ඇයි?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.