• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රවීට ‌‌මේ තරම් බය ඇයි?

March 14, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ඉහළ උසාවියෙන් රවීට තීන්දුවක්
Share on WhatsAppShare on Facebook

“රවීට වරෙන්තු නිකුත් කරලා අදට සතියයි. රවීව අල්ලා ගන්න තවමත් සී.අයි.ඩී.යට බැරිවෙලා. රවී හැංගිලා ඉන්න තැනක් හොයාගන්නත් බැරිවෙලා….”
මේ පසුගිය දින කිහිපයේදී මේ රටේ මාධ්‍ය උදේ, දවල්, රෑ පට්ට ගහපු ප්‍රවෘත්තියයි. හැමදාම වගේ කැමරා කණ්ඩායම් රවීගේ බත්තරමුල්ලේ නිවෙස ඉදිරිපිටට යවා රවීගේ නිවෙසත්, ඊට රහස් පොලිසිය ඇතුඵ වන ආකාරයත්, පසුව හිස් අතින් ඔවුන් එන ආකාරයත් මේ මාධ්‍ය රටට උලුප්පා පෙන්වීමට කටයුතු කළේය. වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව දින ගණන් කරමින් රවී අදත් නෑ, රවී අදත් නෑ කියමින් පුවත් පළ කළේය. මේ වගේ මහින්දලාට ළැදි සියලුම මාධ්‍ය රවීව ඉලක්ක කර ගෙන පහර ගැසුවේ අද ඊයෙක සිට නොවේ. කාලයක් තිස්සේම මේ මාධ්‍ය කළේ රවීව අල්ලාගෙන මොකක් හෝ කරුණක් කියා රවීට මඩ ගැසීමය. 2015 බැඳුම්කර සිද්ධිය අල්ලාගෙන මේ මාධ්‍ය කොච්චර රවීට ගැහුවාද කියනවා නම් උසාවියකින්, කොමිසමකින් ඔප්පු වෙන්නත් කලින් මේ මාධ්‍ය රවී හොරකු කළේය. රවීව අල්ලා හිරේ දැමිය යුතු බව කියා සිටියේය. රවීගේ දේශපාලනය විනාශ කිරීමට එවකට විපක්ෂයේ මෙන්ම ආණ්ඩුව ඇතුළේත් සිටි කුමන්ත්‍රණකාරයන්ට හොඳ සපෝට් එකක් දුන්නේය. හැබැයි අන්තිමේදී මෛත්‍රි පත්කරපු බැඳුම්කර කොමිසම රවීව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය. එතකොට රවීව පට්ට ගහපු මාධ්‍ය කටවල් වහගෙන හිටියා විනා රවීට ගහපු එක මඩක්වත් සුද්ද කරන්නට කටයුතු කළේ නැත. අදත් මේ සිද්ධ වෙන්නේ ඒකය. ආණ්ඩුවත්, මාධ්‍යයත් අදත් කරන්නේ මහ ඡන්දයක් කටමුල තියා රවීව “හොරා” කොට රවීගේ කටවසා පැත්තකට කිරීමය. “රවීට ආණ්ඩු මේ තරම් බය ඇයි?” “රවීට නිකරුණේ මේ විදියට පන්න පන්න ගහන්නේ ඇයි?” මේ ගැන හොයා බලන්න නම් ටිකක් අතීතය හාරා අවුස්සන්න වුවමනාය. 2010 ජනාධිපතිවරණයේ වේදිකාවේ ජනප්‍රිය සින්දුවක් වූයේ හංසයාට බයයි මල්ලියේ යන සිංදුවය. සිංහබාහු නාටකයේ සිංහයාට හදපු සින්දුව හංසයාට වෙනස් කර ගයද්දී ෆොන්සේකා ගේ ආධාරකරුවෝ අත්පොළසන් දුන්හ. හංසයා ලංකාවේ දේශපාලනයේ විප්ලවීය ලාංඡනයකි. 2009 යුද්ධයේ ජයග්‍රහණයේ උරුමක්කාරයකු වූ මහින්ද සහ හමුදාපති ෆොන්සේකා වෙන් කොට දේශපාලන සටන් බිමට ඇද දැම්මේ හංසයාය. ඒ වගේම 2005 මහින්දගේ ජයග්‍රහණයේ උරුමක්කාරයන් වූ මහින්ද සහ මෛත්‍රිපාල වෙන්කොට දේශපාලන සටන් බිමට ගෙන ආවේත් හංසයාය. ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂ ලාංඡනය හංසයා විසින් අකාමකා දමනු ඇතැයි කවුරුත් හිතුවේ නැත. 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවාට පසු එහි ලාංඡනය වූ බුලත් කොළය එකදු මැතිවරණයක් වත් පරාජය වූයේ නැත. පරාජය කෙරුවේ හංසයාය. හංසයා වෙන කාගේවත් නොව රවී කරුණානායකගේය. රවී හංස ලාංඡනය හදාවඩා ගත්තේ අලියට තනියම ඡන්ද දිනන්න බැරි බව දැනගෙනය. තනියම ඡන්ද දිනපු අලියා කොර වුණේ ලලිත් සහ ගාමිණී හදපු රාජාලියා නිසාය. රාජාලියා සහ අලියා එකට එකතු කළේ රවීය. ඒ ශ්‍රීමනී ඇතුළත්මුදලිව සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යළි යූ.ඇන්.පී.යට ගෙනල්ලාය. 1994 ගාමිණී යළි යූ.ඇන්.පී.යට එක් වුණාට ලලිත්ගේ සහ රාජාලි ඡන්ද යූ.ඇන්.පී.යට ආවේ නැත. හේතුව ශ්‍රීමනී 1994 පොදු පෙරමුණට තරග කොට යූ.ඇන්.පී. ජන්ද පෙරමුණට ලබා දුන් නිසාය. ශ්‍රීමනීව යළි යූ.ඇන්.පී.යට ගෙන එන්න වැඩ කළේ රවීය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව රවී එක්ක වෛර බැඳ ගත්තේ ඒ නිසාය. එදා රවීගේ මවගේ ගෙදරට මිනී ඔඵවකුත්, රවීගේ බිරිඳට සහ දරුවන්ට මිනිස් අත් පා එව්වේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. රවීව බය කරලා දේශපාලනයෙන් අයින් කරන්න චන්ද්‍රිකාගේ ආණ්ඩුව කොයිතරම් වලි කෑවත් එය සාර්ථක නොවීය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න රනිල් සමඟ සාකච්ඡා කරන්න ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැති, එදා රවීට මිනී ඔඵ එවපු ඇමැතිය. ඔහු රවීගෙන් සමාව ඉල්ලුවේය. රවී කිව්වේ යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදලා දෙන්න, මම සමාව දෙන්නම් කියලාය. ඒ ඇමැති ඇතුඵ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිවරු එදා විශ්වාසභංගයෙන් ඇගේ ආණ්ඩුව පෙරළන්න ගියේ රවීගේ නිවෙසේ සිටය. 2002 යළි යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හිමි විය. ඒ වෙලාවේ චන්ද්‍රිකා ඇමැති මණ්ඩලයට ඇවිත් පාට් දමද්දී ඇයට ගැහුවේ රවී සහ රාජිත පමනය. ඇමැති මණ්ඩලයේ චන්ද්‍රිකාගේ කට වැස්සුවේ ඔවුන්ය. චන්ද්‍රිකාට දෝෂාභියෝගයක් ගෙනැවිත් ආණ්ඩුව බේරා ගමු කියලා රවීලා කියද්දී රනිල් ඇහුවේ නැත. 2004 චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා තියෙන ඡන්දයේදී රවීගේ ගෙදර ජ.වි.පෙ.ට අපහාස කරන පෝස්ටර් හංගල තියෙනවා කියා ජ.වි.පෙ. මන්ත්‍රිවරු පොලිසිය සමඟ රවීගේ කාර්යාලයට කඩා වැදී යකා නැටූහ. 2004 ආණ්ඩුව පිහිටවූ පසු රවීව අත්අඩංගුවට ගන්න චන්ද්‍රිකාත් ආණ්ඩුව රවීගේ ගෙදරට පොලිසිය යැව්වේ චෝදනාවක් හෝ වරෙන්තුවක් නොමැතිවය. රවී ගෙදරින් පැනල ගිහින් හැංගිලා සිට උසාවි ගොස් බේරුණි.
ඒ කාලේත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ලංකාවට ආ ජනප්‍රිය බොලිවුඞ් නඵ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැසූ විට බෝම්බ ගැහුවේ රවී කියා එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා දකුණේ ප්‍රසිද්ධ වේදිකාවක කීවාය. එකල ආණ්ඩුවේ සිටි මංගල සහ ශ්‍රීපති ගේ සතුරු ලැයිස්තුවේ අංක එක රනිල් නම් අංක දෙක රවීය. රවී ඇමැති කාලේ සතොස කෑවා කෑවා කීවත්, ඒවා හොයන්න කෝප් කමිටු පත් කළත් රවීට එරෙහිව එක් චෝදනාවක්වත් ගොනු කර ගත නොහැකි විය. මහින්ද 2005 ජනාධිපතිවරණය දින්නාට පසු ඉස්සෙල්ලාම අත තිබ්බේ රවීටය. රවීට එරෙහි විදේශ විනිමය වංචා නඩුවක් ගොනු කොට එය තද කළේය. රවී අද හෙට හිරේ යයි කියා මහින්දලා දවස් ගණන් හැදීය. මහින්දගේ ජයග්‍රහණයෙන් පසු මහින්ද චන්ද්‍රිකාට, මංගලට, ශ්‍රීපතිට ගහද්දී මොවුන් රනිල් ළඟට යන්න පෙර දුව ආවේ රවී ළඟටය. මහින්දව පරද්දන්න පොදු වේදිකාවක් හදන්න පුඵවන් ඔයාට විතරයි කියා පරණ තරහ මරහා අමතක කරලා එකට වැඩ කරමු යැයි චන්ද්‍රිකා කීවාය. රවී යළි යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න චන්ද්‍රිකාලා මංගලලා එක්ක එකට වැඩ කළහ. එකල ලසන්න වික්‍රමතුංගගේ සහ රාජපක්ෂලාට ගහපු මාධ්‍යවේදීන් දෙතුන් දෙනාට ආරක්ෂාව සහ හයිය දුන්නේ රවීය.
2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඕනෑය කියන මතය පක්ෂය තුළට ගෙන ගියේ රවීය. ෆොන්සේකා අපේක්ෂකයා වූයේ එලෙසය. ෆොන්සේකාට තරග කරන්න පක්ෂයක් නැති කොට අලියාගෙන් ඉල්ලනවා නම් සහාය දෙන්න බැරි යැයි ජ.වි.පෙ. කියද්දී හංසයා දුන්නේ රවීය. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ මැර තර්ජන මැද්දේය. 2010 මැතිවරණ පරාජයෙන් පසු රනිල්වත් පක්ෂයත් ආරක්ෂා කරන්න බෙල්ල දුන්නේ රවීය. ඒ නිසාම රනිල් විරෝධීන් ඔහුට පහර පිට පහර දුන්නේය. මහින්දව වට්ටනවා තියා හොලවන්නවත් බැරි ඒ කාලයේ එ.ජා.ප.යත් සෝභිත හිමිත්, එ.ජා.ප.යත් ෆොන්සේකාත් අතර එකඟතාවක් හදන්න රවී බැහැල වැඩ කළේය. රනිල් විරෝධීන් ෆොන්සේකා සහ කරු ජයසූරිය ඇතු`ඵ එ.ජා.ප. මන්ත්‍රි පිරිසක් එ.ජා.ප. ය කඩා අලුත් සන්ධානයක් හදන්න යද්දී කරුගේ නිවෙසට ගොස් එය වළක්වා ගත්තේ රවීය. සෝභිත හිමිගේ පොදු අපේක්ෂක න්‍යාය පත්‍රය එ.ජා.ප.ය තුළට ගෙන එන්නේත් රවීය. රනිල් ජනාධිපතිවරණය ඉල්ලිය යුතු යැයිද, අලියාගෙන් තරග කළ යුතු යැයිද මතයක් එද්දී පොදු අපේක්ෂකයෙක් ඕනෑ යැයි කියන මතය පක්ෂය තුළ ශක්තිමත් කරන්නේ රවීලාය. මෛත්‍රිපාල පොදු අපේක්ෂකයා වෙන්නේ ඒ මතය පක්ෂය පිළිගනිද්දීය. මෛත්‍රිට තරග කරන්න පක්ෂයක් නැතිව හතර වටින් හිර කරද්දී හංසයා දෙන්නේ රවීය. ඒ නව පක්ෂයක් ලියා පදිංචි කරගන්න බැරිව මෛත්‍රිලා රනිල්ලා හතර වටේ දුවද්දීය.
මෛත්‍රිව ජනාධිපති කරලා රනිල්ව අගමැති කොට යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න හංසයා පූජා කළ තමාට මෛත්‍රිව පරාජය කරන්න රාජපක්ෂලා වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කළ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන්ගේ කීමට ඇමැති ධුරය දමල යන්න වේ යැයි රවී හීනෙන්වත් නොහිතන්න ඇත.
රවීට රාජපක්ෂලා විශ්වාසභංගය 3ක් ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් ආණ්ඩුවක දුර්වල ඇමැතිවරයකුට, ආණ්ඩුවක් විනාශ කරන ඇමැතිවරයකුට විපක්ෂයක් විශ්වාසභංග ගෙන එන්නේ නැත. විපක්ෂය ගහන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන ආණ්ඩුවේ ශක්තිමත්ම චරිතවලටය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ශක්තිමත්ම චරිත වූ එස්.බී.ට, මංගලට, ජෙනරාල් රත්වත්තට එ.ජා.ප.ය විපක්ෂයේ සිටියදී විශ්වාසභංග ගෙන ආවේ ඒ නිසාය. රවීට රාජපක්ෂ මාධ්‍ය ගැහුවේත් ඔහු මහින්දව පන්නන්න වැඩ කළ නිසාය. නිල නිවෙසක් නැති රවී නිල නිවෙසක් ඉල්ලුවත් මේ රාජපක්ෂ මාධ්‍ය ඔහුට ගැසූහ. ඒ අනෙක් ඇමැතිවරුන් නිල නිවාස දෙක බැගින් තියාගෙන සිටියදීය. මංගල 2015 විදේශ ඇමැති වෙද්දී තමන්ට පාක්ෂිකයන්ට වැඩ කරන්න ඕනෑ කියා ටෙලිකොම් ආයතනය විදේශ අමාත්‍යාංශයට පවරා ගත්තේය. එහි වරදක් නැත. හැබැයි රවී ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට ගත් විට එය මෙරට රාජපක්ෂ මාධ්‍යයට ජාතික ප්‍රශ්නයක් විය.
රාජපක්ෂ මාධ්‍ය සහ මහින්දලා ගහල ගහල රවීගේ බෙල්ල ඉල්ලද්දී ආණ්ඩුව බේරා ගන්න රවී බෙල්ල දුන්නේය. ඒ තමන් හදන්න කැප වූ ආණ්ඩුව බේරා ගන්න රවී බෙල්ල දුන්නේය. ඒ තමන් හදන්න කැප වූ ආණ්ඩුවම පත් කළ කොමිෂන්වලින් පහර පිට පහර කාලාය. ඒ විතරක් නොව අන්තිමේදී මේ බැඳුම්කර චෝදනා නිසා රවීව 2018 පුංචි ඡන්දයේදී එ.ජා.ප.යේ එතෙක් දැරූ උපනායක තනතුරෙන්ද ඉවත් වන ලෙසට පක්ෂය ඇතුළෙන්ම බල කෙරිණි. එහිදී පිරිසක් පෙන්වා දුන්නේ බැඳුම්කර චෝදනා සියල්ල රවී පිටින් තබා ඔහුව උපනායක තනතුරෙන් ඉවත් කළහොත් පක්ෂයට පුංචි ඡන්දය දිනාගත හැකි යැයි කියාය. රනිල්ද ඒ කතාව විශ්වාස කොට රවීගේ උපනායකත්වය අත්හිටුවීමට ක්‍රියා කළේය. අන්තිමේදී රවීට උපනායකකම පමණක් නොව එ.ජා.ප.යට පුංචි ඡන්දයේදී අන්ත පරාජයකට මුහුණදීමට සිදුවිය.
මේ විදියට හැමදාම රවීව ඉලක්ක කර විරුද්ධවාදීන් විසින් කළේ චෝදනා ඉදිරිපත් කොට, කුමන්ත්‍රණ කොට රවිගේ ගමන අඩාළ කිරීමට කටයුතු කිරීමය.
හැබැයි රවී කියන්නේ ෆීන්ක්ස් කුරුල්ලකු වගේ දේශපාලකයෙක්ය. ෆීනික්ස් කුරුල්ලා යනු ගින්නෙන් දැවී ගිය අලු මතින් යළි ඉපදෙන සත්වයකු බව කියවේ. ඒ වගේ රවීද දේශපාලන යෙන් ගුටිකන්න ගුටිකන්න යළි ඉපදෙන දේශපාලන සත්වයෙකි.

බුද්ධික බණ්ඩාර

SendShareShare
Previous Post

දුටුගැමුණු රජුගේ බිසවගේ රහස

Next Post

ගාමිණීගේ පුතා වළපනේ ‌‌හේරත්ගේ දුවට ‌මේ පාරත් පරදියිද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.