• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පවන ධූත හනුමාන්

March 9, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පවන ධූත හනුමාන්
Share on WhatsAppShare on Facebook

මහාබල හනුමාන්ගෙ ජීවිත කතාව

හනුමාන් අධ්‍යාපනය ලැබුවේ සූර්ය දිව්‍ය රාජයා සමඟ එකට ධාවනය කරමිනි. රාම රාවණා සටනේදී තුවාල වූවකුට අවශ්‍ය සංජීවනී ඖෂධය හිමාල වනාන්තරයෙන් ගෙනැවිත් ආපසු තබා ආවේ සුළු කාල පරාසයක් තුළදීය. ඒ ගමන් වේගය චණ්ඩ මාරුතයද පරදන්නකි. ඒ නිසා හනුමාන් පවන ධූත, පවන කුමාර සහ මාරුත නාමධාරි වේ.
ලංකා තරණයට පාලම ඉදිකරන අවස්ථාවේ හනුමාන්ට ඇති වූ විඩා ගතියක් නිවා ගැනීම සඳහා ඔහු ඒ සමීපයේ තිබූ ගංගාවක් අසලට ගියේය. ඒ අවස්ථාවේ එහි රූමත් අප්සරාවක් සිටියාය. ඇය “ස්වයං ප්‍රභා”ය. ඕ ඒ ආසන්නයේ වාසභවනයට හනුමාන් කැඳවා ගෙන ගොස් ආහාරපානාදියෙන් සංග්‍රහ කළාය. ඒ වන විට අඳුර වැටෙමින් තිබිණි. එදින රාත්‍රිය තම වාසභවනයේ ගෙවන ලෙසට අප්සරාව කළ ඉල්ලීමට අනුව හනුමාන් තෙමේ යහන් ගැබකට ගොස් නිදා ගත්තේය. අධික වෙහෙස නිසා හනුමාන් තද නින්දකට ඇද දැම්මද සිරුරට දැනුණු අමුතු ස්පර්ශයක් නිසා ඔහු උඩ ගොස් බිම වැටී අවදි වූවේය. ස්වයං ප්‍රභාවෙන්ම සියලුම ස්ත්‍රී ලාලිත්‍යනු අංගෝපාංග ප්‍රභාස්වර කෙරෙන අන්දමේ සිනිඳු දුහුල් සළුවකින් සැරසී “ස්වයං ප්‍රභා” සයනය අසල හිට ගෙන සිටියාය. ඇගේ සිරුර රත් වූ යවටක් මෙන් විය.
‘ඔබ මා ළඟ නවතින්න. හැකි සියලු සම්පතක්ම දෙන්නම්” ඈ මිමිණුවාය.
“බෑ මම බ්‍රහ්මචාරියෙක්” හනුමාන් කීය.

රාවණාගේ අන්තඃපුර ස්ත්‍රීන්ටත් හනුමාන් ඔය පිළිතුරම දුන්නේලු. කායික සහ මානසික යන දෙආකාරයෙන්ම බ්‍රහ්මචාරී හෙයින් හෙතෙම “පරම් බ්‍රහ්මචාරී” නම් වූවේය.

හනුමාන්ට තිබුණේ නම්‍යශීලී ශරීරයකි. ඒ නිසා හෙතෙම අවශ්‍ය විටෙක ඉතා කුඩා සතකුගේ වේශයකට පත් වූවේය. එසේ කළ හැකි වූයේ ඔහු යෝග අභ්‍යාස ප්‍රගුණ කර තිබූ හෙයිනි. ඒ නිසා හෙතෙම යෝගියෙකි. ළය යෝගි, හත යෝගි, ග්යාන යෝගි, කර්ම යෝගි සහ භක්ති යෝගි ආදී නම් යෙදී ඇත්තේ එහෙයිනි.

වානර වර්ගයා කිසිදින මාංශ භක්‍ෂක නොවූවේය. ඔවුහු නිර්මාංශකයෝය. බුදින්නේ පලවැල පමණි. එබැවින් හනුමාන්ද ඒ පොදු ධර්මතාවට යටත් කෙනෙකි. එහෙයින් හේ නිර්මාංශ භක්‍ෂකයෙකි.
වානර යෝනියේ උපන්නෝ ගාරික නොවෙත්. (නිවාස නැත) උහු (ඔවුහු) ගස් උඩ පමණක්ම වෙසෙත්. ඒ ධර්මතාවට අනුව හනුමාන් “අනාගාරික හනුමාන්” වේ.

අයෝධ්‍යා පුරයේ දශරථ රජතුමාට බිසෝවරු තිදෙනෙක් වූහ. රජුගේ අග බිසව කෞශල්‍යාය. ප්‍රියතම බිසව කෛකෙයි නමි. තුන් වැනි බිසව සුමිත්‍රාය. තිදෙනාටම දරුපල නොවූයෙන් රජු පුරෝහිත උපදෙස් අනුව ඍෂාශෘංග මුනිවරයා වෙනුවෙන් පැවැත්වූ යාගයක ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණු දිව්‍යමය පානයක් පානය කිරීමෙන් බිසෝවරු තිදෙනාම ගැබ් ගත්හ. රාම කෞශල්‍යාටත්, භරත කෛකෙයිටත් ලක්‍ෂ්මණ සුමිත්‍රාටත් දරුවෝවී උපන්හ. යාගයෙන් ලද දිව්‍යමය පානයෙන් ස්වල්පයක් සොරාගත් වායු දේවයා තමා මිත්‍රත්වයක් පවත්වන එහෙත් දරුපල නැති අංජානා (අංජනා) වැඳිරියට දුන්නාය. දිව්‍යමය පානය පානය කිරීමෙන් බිසෝවරුන් ගැබ් ගත්තා සේම අංජනාද ගැබ් ගත්තී වඳුරු පැටවකු ප්‍රසූත කළාය. ඒ පැටවා හනුමාන්ය. භරත සහ ලක්‍ෂ්මණ යන දෙදෙනා රාමගේ සොහොයුරන් සේම හනුමාන්ද ඒ අනුව ඔහුගේ (රාමගේ) සොහොයුරෙකැයි වේදයේ දක්වා ඇත.

දශරථ රජුගේ පුත්‍ර රාම සහ විදේහ රාජ්‍යයේ මිථිලා පුරයේ ජනක රජුගේ දියණිය වූ සීතා (ජානකී) විවාහ කරගත් දිනයේම දෙදෙනා පරිසරය නැරඹීමට මනස්කාන්ත වනාන්තරයකට ගියාහුය. නෙළඹු වැනි ජලජ පුෂ්පයන්ගෙන් සජ්ජිත පොක්ඛරණියක (පොකුණක්) දුටු සීතාට ජලස්නානය කරන්නට සිත් ඇතිවිය. ඇය රාමා සමඟ වඳුරු වෙස් ගෙන පොකුණට බැස ස්නානය කරද්දී වඳුරු පැටවකු ප්‍රසූත කළාය. ඉන් පසු ආපසු අයෝධ්‍යා පුරයට යෑමට මිනිස් වෙස් ගත්තද වඳුරු පැටියාට මිනිස් වෙස් ගැන්වීමට නොහැකි විය. වඳුරු පැටියා සිය වාස භවනයටද ගෙනයා නොහැකි බැවින් එම වනයේ විසූ කේසරී සහ අංජානි යන වඳුරු යුවළට දරුකමට හදා ගන්නට දුන් බව ඇතැම් ග්‍රන්ථයක සඳහන්වේ. ඒ අනුව හනුමාන් රාම සීතා යුවළට දැඩි බැඳීමක් ඇත්තේ ඔහු සීතාවගේ දරුවා නිසා බව කියත්.

දාහතර (14) වැනි සියවසේදී මුස්ලිම් භක්තිකයෝ හින්දු භක්තිකයන්ට හිරිහැර කරමින් තළන්න පෙළන්න වූහ. රාම රාවණා යුද්ධයේදී මහා වික්‍රම පෑ යෝධ බල යෝධ ශක්තිය ඇති හනුමාන්ට පමණක් තමන් ආරක්‍ෂා කළ හැකි බැව් සිතූ හින්දු භක්තිකයෝ ඔහු වෙනුවෙන් කන්නලව් කළහ. පුද පූජා පැවැත් වූහ. යාග හෝම කළහ. දේවාල ස්ථාපනය කරන්නට වූහ.

ජානකී (සීතා) සොයා ලංකාවට ආ ගමනේදී රාවණාගේ අත්අඩංගුවට පත් හනුමාන්ට දඬුවමක් වශයෙන් වල්ගයෙහි පාංකඩ ඔතා ගිනි තැබූ කල්හි ඒ ගිනි නිවා ගත්තේ මුහුදට පැනීමෙනි. පසුව අමතක වීමකින් වල්ගයෙන් මුහුණ පිස දැමීමෙන් වල්ගයේ තිබූ දැලි ගෑවී මුහුණ කළු පැහැ වූයේලු. එවක් පටන් මුහුණ කළු හනුමාන් “ලංගූර්” නමින් හඳුන්වනු ලබත්.

කුඩා හනුමාන්ට තිලකයක් තියන්නට ගිය සීතා අතින් සාදිලිංගම් බඳුන ප්‍රමාද දෝෂයකින් පෙරළී හැලීමෙන් ඔහුගේ සිරුර රත් පැහැ ගත්තේලු. එදා සිට හනුමාන්ගේ සිරුර රත් පැහැ වී තිබේ. රත් පැහැය ශක්තියේ සහ පෞරුෂත්වයේ සංකේතයයි. ඒ නිසා හනුමාන් “බණ්ඩාර” නම් වූවේය.
නිගමනයක් නොවරදින්නට හොඳින් සිතාමතා සැලසුම්කර කරන හෙයින් හනුමාන් “චිත්ත්‍යාමාස වානර” නමින්ද හැඳින්වේ.

උපනිෂද් ග්‍රන්ථවල හනුමාන් බ්‍රහ්මඤාණි, එකොළොස් වැනි රුද්‍ර, වේදාන්ත ආචාර්ය ලෙසින්ද දැක්වේ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙන හෙයින් හෙතෙම “සංකට් මෝචන්” නම් වන්නේය.
සටන් කලාවේ නෛපුණ්‍යත්වයක් ඇතිව සටන් ජය ගත් හෙයින් සටන් අධිපතිය.
දූත මෙහෙවරෙහිද කිසිවකුට නොදෙවැනි බැවින් හෙතෙම “දූතාධිපතිය”

ජෛන ග්‍රන්ථවල කාමදේවයන් විසි හතර (24) දෙනකු සඳහන් වන අතර ඉන් දහඅට (18) වැන්නා හනුමාන්ය.
සංගීතයේ ආරම්ය පිළිබඳ සටහන් පාරිජාත. සංගීතයේ සමාරම්භක ආචාර්යවරුන් අර (8) දෙනාගෙන් කෙනකි හනුමාන්.

කිෂ්කින්ද නම් ප්‍රදේශය වඳුරු රාජධානියකි. එහි විසූ වානරයනට කතා කිරීමේ හැකියාව තිබියේලු. එම වානර පරම්පරාව පුලස්ති හෙවත් පුලතිසි ඍෂිවරයාගෙන් පැවැතෙන්නෝය. ඒ ගණයා අතර ප්‍රධානියෝ දෙදෙනෙක් වූහ. ඉන් එකෙකු සූර්ය දිව්‍ය රාජයාට (හිරු දෙව්ට) දාව උපන් “සුග්‍රීව”ය. අනෙකා ඉන්ද්‍ර දෙවියන්ට දාව උපන් “වාලි”ය. මේ දෙදෙනා (සුග්‍රීව සහ වාලි) පියවරුන් දෙදෙනකුගේ වුවත් එකම වඳුරු මවකගේ කුස උපන්නෝ බැවින් සහෝදරයෝය. එක කුස උපන්නද දෙදෙනා නයි පොළඟුන් මෙන් එකිනෙකා වෛරී වූහ. ඒ රජකමට (නායකත්වයට) තිබූ කෑදරකම නිසාය. සුග්‍රීව සාමකාමී සුශීලවන්තයෙක් වුවද “වාලි” ඉතා නපුරෙකි. අංජානි නම් වැඳිරියගේ කුසින් උපදින වඳුරකුගෙන් නායකත්වයට අභියෝගයක් අනාගතයේදී එල්ලවන බව ඍෂි භාෂිතයෙන් දැන ගෙන සිටි වාලි අංජානි ගැබ් ගන්නේ කවරදා දැයි මාන බලමින් උන්නේය. අංජානි ගැබ් ගත්තීය. වාලිගේ වාරය උදාවිය. රන් රිදී තඹයකට සහ බෙලේ යන් පස්ලෝ (ලෝහ) යොදා ගනිමින් වාලි සකස් කර ගත් අවියෙන් සිය නූපන් සතුරා (හනුමාන්) නසන්නට දරු ගැබට ඇන්නේය. කුසේ වැඩුණේ ශිව දෙවියන්ගේ දරුවෙකි. මහ දෙවියන්ගේ ආනුභාව නිසා අවිය උණුවී කුණ්ඩලාභරණයක් නිර්මාණය විය. එසේ නිර්මාණය වූ කුණ්ඩලාභරණය ගර්භාෂයේ සිටි හනුමාන්ගේ දෙකනට ආභරණ වූවේය. ඔහු ලොවට බිහිවුණේද දෙකනේ කුණ්ඩලාභරණ ඇතිවිය.

හනුමාන්ගේ ගෙල වටා මුතු පොටක් තිබේ. එය සීතාගේය. හනුමාන් සීතා සොයා ලංකාවට පැමිණ ඇය හමුවූ බව රාමාට පසක් (සනාථ) කිරීමට සංකේතයක් වශයෙන් ඇගේ කරේ තිබූ මුතු පොට ඔහුට දුන්නේය. හනුමාන් පැලැඳ සිටින්නේ එසේ ලද මුතු පොටයි. හනුමාන්ගේ නළලේ ඇති තිලකය ඔහුගේ මව් අංජානි විසින් තබන ලද්දකි.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අල හා කොළ සමාන ගුණයෙන් යුතු මඤ්ඤොක්කා

Next Post

සිහසුන් දරා වාර්තා තැබූ ලංකාවේ කාන්තාවෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.