• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අල හා කොළ සමාන ගුණයෙන් යුතු මඤ්ඤොක්කා

March 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අල හා කොළ සමාන ගුණයෙන් යුතු මඤ්ඤොක්කා
Share on WhatsAppShare on Facebook

බහුවාර්ෂික ශාකයක් වන මඤ්ඤොක්කා හෙවත් මයියොක්කා ‘මැනිහොට් එස්කියුලන්ටා’ යන උද්භිද විiාත්මක නාමයෙන් හඳුන්වයි. මඤ්ඤොක්කා එක් විශේෂයක් පමණක් නොව විශේෂ 150ක් පමණ ලොව පුරා ව්‍යාප්තව පවතී. මඤ්ඤොක්කා වර්ගීකරණය සිදු කරනුයේ උස අනුවය. කුරු මඤ්ඤොක්කා හා උස මඤ්ඤොක්කා ලෙසය. කුරු මඤ්ඤොක්කාවල උස අඩි 3ක් හෝ 4කි. උස මඤ්ඤොක්කාවල උස අඩි 8ක් හෝ අඩි 9කි. මීට අමතරව මඤ්ඤොක්කා කඳන් හා පත්‍රවල නැටි අනුවද ප්‍රභේද වෙනස් වෙයි. මෙහිදී කඳන් හා පත්‍රවල නැටි, ළා කොළ මිශ්‍ර සුදු අල, ළා රතු, තද රතු හෝ දුඹුරු පැහැ ගනී.

වියළි කාලගුණයක් තිබුණද, තෙත් සහිත කාලගුණයක් තිබුණද මඤ්ඤොක්කා වගා කළ හැකිය. නමුත් සූර්යාලෝකය අඩු වූ විට මඤ්ඤොක්කාවල ඵලදාව අඩු වෙයි. එබැවින් මඤ්ඤොක්කා ශාකයට සූර්යාලෝකය ලැබිය යුතුය. තවද මඤ්ඤොක්කා ශාකය පසේ ස්වභාවය එනම් ආම්ලික, මැටි සහිත බව, වැලි පස් ආදී කොයි ආකාර වුවද හොඳින් වර්ධනය වෙයි. මඤ්ඤොක්කා පළිබෝධ හානි අවම ශාකයක් වීමද විශේෂය.

මඤ්ඤොක්කා ශාකය ප්‍රධාන වගාවක් ලෙසත් ඇතැමුන් අතුරු වගාවක් ලෙසත් යොදා ගැනීම දැකිය හැකිය. මඤ්ඤොක්කා අලයේ රසය අනුවද මඤ්ඤොක්කා ප්‍රභේද 2කි. එනම් පැණිරස මඤ්ඤොක්කා හා තිත්ත රස මඤ්ඤොක්කා ලෙසය. මෙයින් වැඩිපුරම වගාව සඳහා යොදා ගන්නේ පැණිරස මඤ්ඤොක්කා වර්ගයය. මේවා මෙසේ වුවද මඤ්ඤොක්කා වගාවට රජයෙන් නියම කර ඇති ප්‍රභේද ගණනාවක්ද වෙයි. ඒ අතර ‘එම්.යූ.’ කාණ්ඩයේ 10, 21, 44, 51, 71 හා කිරිකවඩි යන ප්‍රභේද විශේෂ කොට සලකයි.

හොඳ ආර්ථික මෙන්ම පෝෂණ ගුණයෙන් පිරිපුන් මඤ්ඤොක්කා ශාකය වගා කිරීම ඉතා පහසුය. අංකුර 4 – 5 අතර ඇති අඩි 8ත්, 9ත් අතර දිග මඤ්ඤොක්කා දඬු කැබැලි ලෙස කපා අඩියක් පමණ පස බුරුල් කර, පස පෙරලූ පොළොවේ සිටුවිය යුතුයි. මෙය සිටුවීමේදී සිරස්, තිරස් හෝ ඇලව සිටින ලෙස සිටුවීම සිදුකරයි. සිටුවන මඤ්ඤොක්කා දඬු කැබැලි දෙකක් අතර පරතරය අඩි 3×3 හෝ මීටර් 1×1 වෙයි. මඤ්ඤොක්කා දඬු 1ක් හෝ 2ක් එක වළක සිටුවන අතර, මඤ්ඤොක්කා දණ්ඩෙන් 2/3ක් පසෙන් යට විය යුතුය.

මාස 3ක් හෝ 4ක් හෝ 5ක් යන විට හොඳින් වැඩුණු මඤ්ඤොක්කා ශාකයේ කොළ ඉදී හැලී යෑම සිදුවෙයි. එම කාලයේදී අස්වනු නෙළාගත හැකි අතර, සාරවත් ඵලදාවක් සඳහා කාබනික පොහොර මඤ්ඤොක්කා ශාකය කුඩා කාලයේදී යෙදීම හා වල්පැළ අතින් උදුරා මර්ධනය කිරීම අනිවාර්ය වෙයි. ඊට අමතරව හොඳ අස්වැන්නක් සඳහා පසේ තෙතමනයද ආරක්‍ෂා කරගත යුතුයි. සාරවත්ව වැවී ඇති මඤ්ඤොක්කා අල ගැලවීමේදී සිදුරු නොවන සේ ගැලවිය යුතුයි. පස බුරුල් කර හෝ පස හොඳින් තෙත් කර මඤ්ඤොක්කා ගැලවීම සිදු කළ යුතු බව තරයේ සිත තබා ගන්න. මඤ්ඤොක්කා සිදුරු නොවන සේ ගැලවිය යුතු වන්නේ මඤ්ඤොක්කාවල ඇති හයිඩ්‍රජන් සයනයිඞ් මිනිස් සිරුරට විෂ බැවිනි.

මඤ්ඤොක්කා අලය පසෙන් ගලවා දින 3කට වඩා කල් ඉකුත් වූයේ නම් පරිභෝජනය සඳහා නොගත යුතුය. එමෙන්ම දුර්වර්ණ වූ අලද පාවිච්චියට නොගත යුතුය. මඤ්ඤොක්කා ආහාරය සඳහා තැම්බීමේදී පොත්ත ඉවත් කර සෝදා කුඩා කැබැලිවලට කපා වතුර පිරෙන්න දමා භාජනයේ කට විවෘත කර තැම්බිය යුතුයි. මෙහිදී මඤ්ඤොක්කා තැම්බීමත් සමඟ මිනිස් ශරීරයට විෂ ගෙන දෙන හයිඩ්‍රජන් සයනයිඞ් වායුවක් ලෙස පිටවී යයි. මඤ්ඤොක්කා හොඳින් තැම්බුණු පසු ඉතිරි වතුරද පෙරා දැමිය යුතුයි.

මඤ්ඤොක්කා අලය මෙන්ම කොළද ඉතා පෝෂ්‍යදායී මෙන්ම ඖෂධ ගුණයෙන්ද යුක්තය. මඤ්ඤොක්කාවල අර්තාපල්වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක් හා කාබොහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇත. අධික කැලරි ප්‍රමාණය නිසා නිතර මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ශරීරය මහත් වීමට හේතුය. සෑම අල වර්ගයකම මෙන්ම ලවණ වර්ග, විටමින් වර්ග ඇතුළු ක්‍ෂුද්‍ර පෝෂක බොහෝමයක් මඤ්ඤොක්කාවල ඇත. කෙඳි සහිත බව නිසා ආහාර ජීර්ණ පද්ධතියටද හිතකර වෙයි. අල වර්ගවල ඇති සීනි ශරීරයට අවශෝෂණය වන්නේ ඉතා සෙමිනි. ඒ නිසා මඤ්ඤොක්කා ‘ග්ලයිසෙමික්ඞ්’ දර්ශකයේ පහළ අගයක් ගන්නා ආහාර අතරට එක්වී ඇත. එමෙන්ම මඤ්ඤොක්කා අලය තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස හෝ සිහින් පෙති ලෙස බැද හෝ ආහාරයට ගැනීම තුළින් ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරයි. නරක කොලෙස්ටරෝල් (ඛෘඛ) අඩුකරයි. මානසික ආතතිය අඩු කරයි. දියවැඩියාව පාලනය මෙන්ම ‘ඇමගඞ්ලීන්’ එන්සයිමය නිසා පිළිකා සෛල නැසීමද සිදුවෙයි.

මඤ්ඤොක්කා ආහාරයට ගත්පසු ඉඟුරු කෑම හෝ ඉඟුරු යොදා තේ බීම හෝ කසාය වර්ග බීම නොකළ යුතුයි. එවිට ආසාත්මිකතා ඇති වීම වළක්වා ගතහැකිය. තවද මඤ්ඤොක්කා තැම්බීමේදී හෝ ව්‍යංජනයක් ලෙස පිළියෙල කිරීමේදී ඊට කහකුඩු එක්කිරීම තුළින්ද මඤ්ඤොක්කාවල විෂ මර්ධනය වෙයි. මඤ්ඤොක්කා තම්බා ආහාරයට ගැනීමේදී පොල් වැඩි ප්‍රමාණයක් සමඟ ආහාරයට ගැනීමට වගබලා ගන්න. එහිදී මඤ්ඤොක්කාවල ඇති විෂ හරණය වී ආසාත්මිකතා ඇති වීම වළකී. පොල් යනු විෂ නැසීමේ ශක්තියක් ඇති ද්‍රව්‍යයකි. මඤ්ඤොක්කා තම්බන විට එහි ඇති විෂ නැසීමට මුරුංගා කොළද මිශ්‍ර කිරීම දැකිය හැකිය.

මඤ්ඤොක්කා අලය පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම මඤ්ඤොක්කා කොළයද ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තය. මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිය. එම කොළ මැල්ලුමේ ප්‍රෝටීන් හා විටමින් බහුල වශයෙන් අන්තර්ගත වෙයි. මෙම ඉහළ පෝෂණ ගුණයෙන් යුතු මඤ්ඤොක්කා අල හා කොළ ගැබිනි කාන්තාවන්ට, කිරිදෙන මවුවරුන්ට හා කුඩා දරුවන්ට ආහාරය සඳහා සකස් කර දීම ඉතා වටී. එමෙන්ම තරුණකම රැක ගැනීමට වෙර දරන පිරිස්වලට මඤ්ඤොක්කා ඉතා ප්‍රයෝජනවත් වෙයි. මන්ද මඤ්ඤොක්කා කොළ හා අල ආහාරයට ගැනීම තුළින් වයසට ගියද, වයසක පෙනුම අඩුකර තරුණ බව ඉස්මතු කරවන අතර, වයසට යෑමේදී ඇති වන අමතක වීමේ රෝගයද අවම කරයි. ස්මරණ ශක්තිය හෙවත් මතකය තීව්‍ර වනු ඇත. පාසල් යන ඉගෙන ගන්නා දරුවන්ටද මෙම මඤ්ඤොක්කා කොළ මැල්ලුම නිතර සාදා ආහාරයට දීම ඉතා වටී.

මෙලෙස ඖෂධීය ගුණයෙන් හා ආර්ථික වටිනාකමින් පිරිපුන් මඤ්ඤොක්කා ශාකයත් ඔබත් ඔබේ ගෙවත්තේ වගා කරන්න. එවිට ඔබේ පවුලේ නිරෝගී සුවය මෙන්ම ඔබේ පසුම්බියේ සාරවත් භාවයට මහඟු පිටිවහලක් වනු ඇත.
ජ්‍යොතිෂවේදී මංජුලා පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

අදින් පසු ලකුණු මාරු බෑ: අලියද-හංසයාද 4ට කලින්

Next Post

පවන ධූත හනුමාන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.