“කපිලගේ ගරාජ් එකේ වාහනයක් හැදුවොත් හැදුවා තමයි. කාලාන්තරයකට දුවන්න පුඵවන්.” එහෙම තමයි මිනිස්සු කිව්වේ. කපිලගේ තාත්තා ලෙඩ දුක් හින්දා ගරාජ් එක අයියට භාර දුන්නා. අවුරුදු දෙකක් යනවිට හොඳට හිටිය අය්යා සූදුවට ඇබ්බැහි වෙලා ගරාජ් එක බංකොලොත් වන තත්ත්වයට පත්වුණා. කපිල ගරාජ් එක කරන්න පටන් අරන් තාත්තාගේ කාලේ වගේ නැවැත දියුණුවට පත් කළා. රජයේ නිවාඩු දවසක් ගරාජ් එක වහලා තිබුණා. එදා කපිලගේ යාඵවෙක් කතා කරලා ඔහුගේ වාහනය ආපදාවකට ලක්ව ඇති බව පවසනවා. කපිල ආපදා රථයක් එළවා ගෙන එම ස්ථානයට යන්න පිටත් වෙනවා. ඔහුට කිලෝමීටර් 3ක් වත් යන්න හම්බ වෙන්නේ නැහැ. යතුරු පැදියක් ආපදා රථයේ මුහුණට මුහුණ ගැටෙනවා. බීමතින් සිටි යතුරු පැදියේ ආ දෙදෙනාම එතැනම මිය යනවා. ඒ සිදුවීමට කපිල බන්ධනාගාර ගත වෙනවා. මරණ තර්ජනවලට, නින්දා අපහාසවලට, නඩු කටයුතුවලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. ආයෙත් ගරාජ් එක වසා දමන තත්ත්වයට පත්වෙනවා. ආර්ථිකව සහ මානසිකව බින්දුවට වැටී බියෙන් සහ සැකයෙන් ජීවත් වීමට සිදුවූ නිසා තමයි ඔවුන් නිවෙසේ වාස්තු පරීක්ෂා කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ එක් කෙළවරක පිහිටි කපිලගේ නිවෙසේ වාස්තු පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ඇදවැටීමට හේතු සාධක මා හට සොයා ගැනීමට හැකිවුණා. පැවැති වාස්තු දෝෂ ඉවත්කොට සාර්ථකත්වයට පත්වීමට මා උපදෙස් ලබා දුන්නේ මෙසේය.
- ද්වාරාන්තර වේධය
ද්වාරාන්තර වේධය ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන දොර ඉදිරිපිටින් සිට ගත්විට කුස්සියේ දොරින් එළිය පෙනීමයි. නිවෙසක ප්‍රධාන දොරේ සිට බලනවිට ප්‍රධාන පරිවාර දෙරකින් මිදුල පෙනීමෙන්ද මෙම දෝෂ ඇතිවෙයි. මෙම නිවෙසේද ද්වාරාන්තර වේධ දෝෂය පැවැතිණි. මෙය ප්‍රධානම ධන හානි ගෙන දෙන ජීවිත හෝදා පා`ඵවට ලක්කරන ප්‍රබල වාස්තු දෝෂයක් . ප්‍රධානදොර සුබ පාදයක තිබුණත්, ද්වාරාන්තර වේධ දෝෂය භංග නොවන අතර සමහරු දෝෂය භංගවීමට යැයි කියා තිර රෙදි යෙදීම, කුස්සියේ දොරෙන් එළිය නොපෙනෙන සේ කබඞ් වැනි දෙයකින් ආවරණය කිරීම සිදු කරනවා. මෙවැනි ක්‍රියාකාරකම්වලින් මෙම දෝෂය කිසිදු විටෙක ඉවත් කිරීමට බැහැ. පරිවාර දොර ගලවා ඉවත්කිරීමෙනුයි මෙම දෝෂය ඉවත් කළ යුත්තේ. - බ්‍රහ්ම පාදය මිදුලේ තිබීම.
මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය පිහිටියේ මිදුලේය. එනම් වැරෙන්ඩාවක බිත්තියේ ආසන්නයේය. එමගින් බ්‍රහ්ම පාදය පීඩාවට පත්විය. බ්‍රහ්ම පාදය මිදුලේ පිහිටීම ජීවිත එළියට විසි කිරීමට සමාන වේ. හදවත් නැත්තවුන් සේ දිවි ගෙවීමට සිදුවේ. දිනෙන් දින සෞභාග්‍යය පිරිහී කිසිදු සැනැසීමක් නොමැතිව ජීවිත පාරට විසිවෙන තත්ත්වයට පත්වෙයි. නින්දා අපහාසයට ලක්වෙයි. බ්‍රහ්ම පාදය තිබූ මිදුලේ කොටස නිවෙස තුළට එන ලෙස ඉදිකිරීම් කර දෝෂය ඉවත් කළේය. - ප්‍රධාන දොර කෙළින් පොකුණක් තිබීම.
(කර්දිම දෝෂය)
මෙම නිවෙසේ ප්‍රධාන දොර කෙළින් නිල් මානෙල් සිටවූ මඩ පොකුණක් සාදා තිබුණේ අලංකාරය පිණිසය. මෙලෙස පිහිටි විට ජීවිතවලට නොසිතන පරිදි සමාජයෙන් පීඩා එල්ල වෙයි. ආදායම් ඇන හිටියි. නින්දා අපහාස, ගැටුම්, කලකිරීම්, හදිසි අනතුරු, ලෙඩ දුක් ජීවිතවල බහුල වෙයි. මඩ වගුරක මෙන් එකතැන පල්වන ජීවිත ඇති වෙයි.
මඩ පොකුණ ඉවත් කිරීමෙන් දෝෂය ඉවත් කළේය. පැවැති වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසු කපිල සහ අය්යා එකතුව ගරාජය නැවැත ආරම්භ කර සාර්ථකත්වයට පත් කළහ.
ජ්‍යෙතිෂවේදී අමාලි අගස්පතිරණ











