මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් (CLC) සමාගම මෙරට රථ වාහන වෙළෙඳපොළ ප්‍රමුඛතම සමාගමක් වන Ideal Motors සමාගම සමඟ පසුගියදා සුවිශේෂී සහයෝගීතාවයකට එළැඹිණි. ඒ අනුව Ideal Motors සමාගම ගෙන්වා බෙදාහරින මහේන්ද්‍රා වාහන සඳහා ක්‍ඛක් සමාගම හරහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී ආකර්ෂණීය දීමනා සමඟ අසමසම සේවාවන් රැසක් පාරිභෝගිකයන්ට හිමිකර දීමට සැලැසුම් කර තිබේ.
මහේන්ද්‍රා වාහන සඳහා පිරිනැමෙන විවිධ වට්ටම් රැසක් මෙන්ම සුවිශේෂී රක්ෂණාවරණයක්ද, නොමිලේ හිමිවන ප්‍රෙෂර් ගන් එකක් හෝ වැකියුම් ක්ලීනරයක්ද, CLC ඩෙබිට් කාඞ්පතක්ද මෙම දීමනා අතරට අයත්වේ. නොවැම්බර් 05 වැනිදා ආරම්භ වූ මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන 2020 මැයි 05 වැනිදා දක්වා මාස හයක කාලයක් පුරා පැවැත්වේ.











