දිවයින පුරා විසිරී සිටින ජෝන් ඩියර් ට්‍රැක්ටර් හිමිකරුවන්, ගොවි මහතුන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමිකර දෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගම සේවා කඳවුරු මාලාවක් සංවිධානය කොට ඇත. සිංගර් සමාගම ජෝන් ඩියර් නියෝජිතභාවය හිමිකර ගැනීමත් සමඟම උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීම උදෙසා විවිධ වැඩ සටහන් දියත් කරනු ලැබීය.
වසර ගණනක් පුරා ජෝන් ඩියර් සමඟින් තම ගොවිතැන් සහ ව්‍යාපාර කටයුතු කරමින් සිටින ට්‍රැක්ටර් හිමිකරුවන්හට මහත් අස්වැසිල්ලක් ලබාදෙමින් මේ වනවිටත් මඩකළපුව – මන්ඩූර්, පාසිකුඩා, බිංගිරිය, වැල්ලව යන ප්‍රදේශවල මෙම කඳවුරු පවත්වා ඇත.
ජෝන් ඩියර් සේවා කඳවුර එක් ස්ථානයක දින දෙකක් පුරා පැවැත්වෙන අතර විශේෂ පුහුණුව ලත් කාර්මික ශිල්පීන් විසින් කඳවුර වෙත රැගෙන එනු ලබන ට්‍රැක්ටර් සඳහා අවශ්‍ය සේවය ලබාදෙන අතරම තවත් කාර්මික ශිල්පීන් කණ්ඩායමක් නිවෙස්වලටම ගොස් ට්‍රැක්ටර් පරීක්ෂා කිරීමද සිදුකරනු ලබයි. එහිදී අලුත්වැඩියාව සඳහා අවශ්‍ය උපදෙස් සමඟ තාක්ෂණික දැනුමද ලබාදේ.











