ත්‍රීමාලී ජුවලර්ස්, ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් දැක්වූ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව, ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද මෙරට ප්‍රථම ස්වර්ණාභරණ අලෙවිකරු බවට ත්‍රීමාලී ජුවලර්ස් ආයතනය පත් විය.
එක්සත් රාජධානියේ ස්වර්ණාභරණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමිතිය, නවෝත්පාදනය සහ අගය වෙනුවෙන් මෙම ඇගයීම සිදු කරනු ලබයි. මූලික වශයෙන් ස්වර්ණාභරණ කර්මාන්තයේ සෑම අංශයක්ම දිරිමත් කිරීම සඳහා මෙම තත්ත්ව සහතිකය පිරිනැමේ.











