මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සේවා සැපයුම්කරුවකු වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම සිය ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින් නව ශාඛා 6ක් විවෘත කරන ලද අතර වසර ආරම්භයේදීම වාර්තාගත ආදායමක් අත්පත් කරගැනීමටද සමත් වී ඇත. ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙරට විශාලතම සමාගම් සමූහයක් වන රිචඞ් පීරිස් සහ සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.
සිය වේගවත් ශාඛා ව්‍යාප්ති ක්‍රමෝපායේ කොටසක් ලෙස ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය ජනවාරි මස තුළ පමණක් මඩකලපුව, කල්මුනේ, අම්පාර, හංවැල්ල, බද්දේගම සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙලෙස නව ශාඛා විවෘත කරන ලදී. එමෙන්ම පසුගිය ජනවාරි මස තුළ මාසයක් ඇතුළත වාර්තා කර ඇති වැඩිම අලෙවි ආදායම වාර්තා කිරීමට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වීමද විශේෂත්වයකි. නව අලෙවි කිරීම් තුළින් ලබාගත් මෙම වර්ධනය පසුගිය වසරේ ජනවාරියට සාපේක්ෂව 100%ක වර්ධනයක් පෙන්නුම් කරයි.











