ඔහු තරුණ වියේ පසුවන දක්‍ෂ ගායකයෙක්. රංගන ශිල්පියෙක්. නර්තන ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්ද වෙයි. අප රටේ තරුණ තරුණියන් අතර පමණක් නොව විදේශයන්හිදී නමක් දිනා සිටින ඔහු වෙන කවුරුවත් නෙවෙයි චිලී තිලංකයි. මේ දවස්වල ඔහු බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. එයට හේතුව (Ceylon Social Experiment) සමාජ මාධ්‍ය ජාලයට ඔහු දේශපාලනයට යොමුවන බවට එක්කළ රූප රාමු කිහිපයක් නිසාවෙනි. නුදුරු දිනකදී පැවැත්වෙන මැතිවරණයේදී දේශපාලන වේදිකාවට ඔහු යොමු වේ යැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. මේ නව බලාපොරොත්තුව ඔහුගේ බලාපොරොත්තුවක්ද යන්න අපි ඔහුගෙන් විමසා බැලුවෙමු.
චිලී මොනවද මේ දවස්වල කෙරෙන අලුත් දේවල්?
අලුත් වීඩියෝ Song එකක් එළියට දැම්මා. ‘යූ-ටියුබ්’ එකේ. ‘මෙන්න වැන්දා’ කියලා. ඊට අමතරව මේ දවස්වල ඩුබායි ඇවිත් ඉන්නේ ‘නියෝ ලංකා’ නමින් පැවැත්වෙන ප්‍රසංගයට සහභාගි වෙන්න හිතාගෙන ඉන්නෙ.
චිලී කියන්නේ ගායකයෙක්, නළුවෙක්, ව්‍යාපාරිකයෙක් පමණක්ද?
ඒ විතරක්ම නෙවෙයි පුතෙක්, සහෝදරයෙක්, ආදරවන්තයෙක්.
ඔබගේ ව්‍යාපාරය ගැන කිව්වොත්?
මට තියෙන්නේ ඇඟලුම් ව්‍යාපාරයක්. බත්තරමුල්ල කොස්වත්තේ. ඒකේ නම ‘Chille’
මොකද්ද දේශපාලනයට යොමු වෙනවා කියන කතාව?
එහෙම එකක් නැහැ. මම මන්ත්‍රී කෙනකුගේ චරිතයක් රඟපාන නිසා, එහෙම කටකතාවක් හැදිලා. බොහෝ දෙනා හිතුවේ ඒ ඪසාැද ක්‍කසච එක දැකලා මම දේශපාලනයට එයි කියලා.
ඒ කියන්නේ දේශපාලනයට එන්න අදහසක් ඇත්තේම නැද්ද?
තාම නම් එහෙම අදහසක් නැහැ. දේශපාලනයේ ඉන්නේ බහුතරයක් දුර්වල අය. බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ පටු අදහස් ඉෂ්ට කරගැනීමට. ඒක ඇත්තටම වංචාවක්. මට නම් හිතෙන්නේ රට ස්ථාවර තත්ත්වයක නැහැ කියලයි.
ඔබ දේශපාලනය දකින්නේ කොහොමද?
මම නම් හිතන්නේ දේශපාලනය කියන්නේ කුණු ගොඩක්. තමන්ගේ බලය පක්‍ෂ, පාට යොදාගෙන මේ මොකද්ද කරන්නේ කියලා හිතෙනවා. තමන් හරියට රටට ආදරය කරනවා නම් පක්‍ෂයක් පාටක් අවශ්‍ය නැහැ. ඕනෑම පක්‍ෂයක් ගත්තොත් 40% ඉන්නේ මේ රට කන ජරාම මිනිස්සු. ඒ අය රට උපරිමයෙන් කන එක තමයි කරන්නේ.
ඇයි සින්දුවලට දේශපාලනය යොදාගත්තේ ප්‍රසිද්ධ වීමටද?
මේ දවස්වල ඵ්රනැඑ කරන්න පුළුවන් දේශපාලනය නිසා තමයි එහෙම කළේ. එතකොට බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවා. මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.
ගොඩාක් අය කියනවා චිලී සමාජ සේවය කරන්නේ දේශපාලනයට එන්න බලාපොරොත්තුවෙන් කියලා. ඒ කතාවේ තේරුම මොකද්ද?
මට දේශපාලනයට එන්න බැරිකමක් නැහැ. මට එක්තරා පක්‍ෂයකින් ආරාධනාත් ලැබුණා.
ඔබ කළ සමීක්‍ෂණයක් සමාජ මාධ්‍ය ජාලයෙහි දක්නට ලැබුණා. මෙයින් ඔබට මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ?
විශාල පිරිසක් මම දේශපාලනයට එනවාට කැමැතියි කියලයි මට හැඟුණේ. ගොඩාක් අයගේ මතය වුණේ නළුවෙක් වුණත් කමක් නැහැ, දේශපාලනයට ඇවිත් වැඩක් කරනවා නම් කියලා. ඒකට හේතු වුණේ මම කාලයක් තිස්සේ දේශපාලන මත පැවැසූ නිසා වෙන්න ඇති.
කොහොමද ලැබෙන ජනතා ප්‍රතිචාර?
විශේෂයෙන්ම තරුණයන්ගේ අකැමැත්තක් තියෙනවා. මම දේශපාලනයට එනවාට ඒකේ වරදක් නැහැ. මොකද ඔවුන් මාව වැලඳගත්තේ මම ගායකයෙක් කියලා. ඔවුන් දකිනවා ඇති. මම දේශපාලන චරිතයකට ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් වැඩිහිටියන්ගේ මතයක් තියෙනවා මම හොරෙක්, වංචාකාරයෙක් නෙවෙයි කියලා.
අනෙක් කලාකරුවන් දේශපාලනයට යොමුවන එක ගැන ඔබේ අදහස මොකද්ද?
මගේ කිසිම අකැමැත්තක් නැහැ. කලාකරුවන් දේශපාලනයට යොමුවීම හොඳයි. දේශපාලනය ගැන අවබෝධයක්, දැක්මක් තියෙන්න ඕනෑ. ඒ වගේම රටට ආදරේ නම් දේශපාලනය කළාට වරදක් නැහැ. කලාකරුවෙක් කියන්නේ සංවේදී චරිතයක්. මහින්ද රාජපක්‍ෂ වුණත් මුලින් කලාකරුවෙක්. ඒ නිසානේ මේ තරම් රටට සේවයක් කළේ. තමන්ගේ වාසිය බලාගෙන දේශපාලනය කරන්න හොඳ නැහැ. මට මේ දේවල් පස්සේ යන්න ඕනෑ නැහැ. මට හිතෙනවා ධර්මයට යොමු වීම මීට වඩා වටිනවා කියලා. මම දකින්නේ සියල්ල අනිත්‍ය විදියටයි. සියලු දේ නැතිවනසුලුයි. කිසි දෙයක් සදාකාලික නැහැ. ඒවාට හිත හදාගන්න ඕනෑ. නිවනට යන්න බැරි වුණත් මැරෙන්න කලින් යම්කිසි මාර්ග ඵලයකට මනස හදාගන්න ඕනෑ. දේශපාලනය කියන කුණු ගොඩට අතගැහුවොත් මාව හැදෙන්නේ නැහැ. ආගාධයටමයි මාවත් පත්වන්නේ. මම සංවේදීයි. එහෙම කෙනෙක් දේශපාලනයට හරියන්නේ නැහැ. රළු මිනිසුන්ට තමයි දේශපාලනය ගැළපෙන්නේ. ජනාධිපති කෙනෙක් වුණත් කොච්චර ජරා පව් වැඩවලට අතගහන්න ඕනෑද දේශපාලනය කරනකොට. මම ඒවාට කැමැති නැහැ. සැනසීමෙන් ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර සැපතක්ද?
ඔබ ගීත කීයක් ගායනා කරල තියෙනවද?
ගීත 30ක් විතර ගායනා කරලා තියෙනවා.
ඔබ මේ සියල්ල අතරින් වඩාත්ම ප්‍රිය කරන්නේ කුමන අංශයෙන් ඉදිරියට යන්නද?
ඉදිරියට යන්න දෙයක් නැහැ. සැනසීමෙන්, සතුටෙන් ජීවත් වෙන්නයි මට ඕනෑ. මම කලාව වුණත් බදාගෙන කටයුතු කරන්නේ නැහැ. කලාවට වුණත් ආවේ නැත්නම් කියලා හිතෙන අවස්ථා නැතුවා නොවෙයි. මේ රට කලාවට එච්චර හොඳ රටක් නෙවෙයි.
ඔබට ගොඩාක් ගෑනු ළමයි ආසයි නේද. ඒ අය අතර විශේෂ සිදුවීම් තියෙනවද?
එහෙම දෙයක් නැහැ. හැබැයි මම දන්න විදියට ගැහැනු ළමයි මට ආදරෙයි වගේම ඉක්මනින් ආකර්ෂණය වෙනවා.
ඔබගේ පෙම්වතිය ගැන කිව්වොත්?
පෙම්වතියක් ඉන්නවා. බොහෝ දුරට මේ වර්ෂයේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කවුද ඒ?
ඒක මගේ පෞද්ගලිකත්වයක් විදියට මම දකින්නේ. සමහර වෙලාවට ජනප්‍රියත්වය මට වදයක් වෙලා තියෙනවා. පන්සලකට යන්නත් බැහැ, භාවනා කළත් ජනතාව හිතන්නේ අපි බොරු කරනවා කියලා. ජනප්‍රියත්වය එක Switch එකකින් නැතිකරලා දාන්න පුළුවන්නම් මම ඒකත් කරනවා.
අවසානයේ රටට දෙන්න පුළුවන් ආදර්ශය, උපදේශය මොකද්ද?
කෲර වෙන්නේ නැතුව සමාජයට ආදරය, කරුණාව දක්වන්න, බොරු දේවල් පස්සේ යන්න එපා. සල්ලි පස්සේවත් ඕනෑවට වඩා පිස්සු බල්ලෝ වගේ දුවන්න හොඳ නැහැ. සැනසීමෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න එක තමයි තියෙන්නේ. ගෑනු ළමයි වුණත් මේ සමාජයේ අඳින්න දන්නේ නැහැ. එහෙම අඳින්නේ අවධානය ගන්න. ඒක කරන්නේ සමාජයේ හැමෝම නෙවෙයි. බහුතරයක් වුණත් විහිළුවක් වෙලා තියෙන්නේ. උදාහරණයකට ‘යූ-ටියුබ්’ එකේ ටිප්ටොප් කියලා ගහලා බලන්න කිසිම ගෞරවයක් නැහැ. කලාවක් නම් කමක් නැහැ. හැමෝම රැල්ලට යන්න බලන්නේ. ගායකයෙක්, නළුවෙක් වෙන්න තමයි හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් කරන්නේ මොන වෘත්තියද කියලා අදහසක් නැහැ. කවුරු හරි බැන්ණොත් සීයක් විතර ඒ ගොඩට එකතුවෙලා බනිනවා. මේ දේවල්වලින් ඈත්වෙලා ගහ-කොළට, මිනිසුන්ට ආදරය, කරුණාව දක්වලා ජීවිතය අර්ථවත්ව ගෙවලා අවසන් කිරීම මගේ නම් බලාපොරොත්තුව.
නිලන්ති රේණුකා











