• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගහකොළ අතරින් රිංගා ඇවිත් පහළට පණින රූමතියෝ

February 29, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
ගහකොළ අතරින් රිංගා ඇවිත් පහළට පණින රූමතියෝ
Share on WhatsAppShare on Facebook

මුලින්ම ඉතින් මේක දැකපු ගමන් ගොඩක් අය හිතයි මේ කියන්නෙ මොකක් ගැනද කියලා. මොකද සමනල අඩවියේ තියෙන අනෙක් සොඳුරු ඉසව් හැම එකක්ම හරිම රූමත්. සමනල අඩවියේ රූමතියෝ අතරින් අපි අද කියන්නේ දැරණියගල උඩ මාලිබොඩ තියෙන නාය ගඟේ අපූර්වත්වයෙන් මැවුණු දිය ඇලි බලන්න ගිය ගමන ගැනයි. මීට කලින් එක පාරක් මේ ගමන් යන්න ගියත්, මඟදී වුණු පොඩි කරදර වගයක් නිසා ආපහු හැරිලා එන්න වුණා.

මේ ගමනට අපිට වැඩි ප්ලෑන් මුකුත් තිබුණෙම නැහැ. මමත් අමරේ එක්ක කඩුවෙලට සෙට් වෙලා අවිස්සාවේල්ලට යනකොට හවස 6.30 කිට්ටු වෙලා. මේ වෙද්දි ශ්‍රීපාදේ ශ්‍රමදානේදි සෙට් වුණ දසුනත් එන ගමන් තමයි හිටියේ. කොහොමහරි තිලානුත් අවිස්සාවේල්ලෙදී අපිට සෙට් වුණා. දසුන් එනකන් ඉඳලා 7.15ට අද්දපු සීටීබී එකෙන් අපි දැරණියගලට යද්දී 8 වගේ වුණා. උඩ මාලිබොඩ බස් එකක් තියෙනවද කියලා බැලුවත් ඒ වෙලාවේ එකක් තිබුණේ නැහැ.

කොහොමහරි මම බැංකුවට ගිය වෙලාවේ ගාර්මන්ට් බස් එකක් සෙට් වෙලා තිබුණා අපේ අයට. කට්ටියත් එක්ක ඒකට නැඟලා එදා දවසේ අපි මාලිබොඩට කලින් නූරී පාරයි මාලිබොඩ පාරයි වෙන් වෙන තැනින් බැහැගත්තා. මොකද එදා අපේ නැවතුම වුණේ තිලාන්ගේ බාප්පලගේ ගෙදරයි. ගෙදර තිබුණේ පොඩි ඇළ පාරකින් එගොඩ වුණාම පාර මැද්දෙන් තමයි ඇළ පාර යන්නේ. රෑ කළුවරේම සැපට නාගත්තා අපි හතර දෙනා එක්ක. ෆෝන් එහෙම චාර්ජරේට ගහලා අපි රෑට කෑමත් කාලා නින්දට වැටුණේ පට්ට ගමනකට ලෑස්ති වෙන්න පාන්දර 4ට එලාර්ම් එකත් තියාගෙනමයි.

පාන්දර 4 පොඞ්ඩක් පහු වෙනකම් ඉඳලා තේ එකකුත් බීලා කට්ටියම ලෑස්ති වෙන්න පටන්ගත්තා. තිලාන්ගේ බාප්පා මේ වෙද්දී ඔක්කොම ලෑස්ති කරලා පාන් ගේන්න ගිහින් පාන්දරම. දත කට මැදලා මූණ එහෙම පොඞ්ඩක් හෝදගෙන නැන්දා හදපු රසම රස කෑමත් කාලා අපි හනිකට ලෑස්ති වුණේ තව සෑහෙන්න දුර ලොරියකින් යන්නත් තියෙන නිසා. ගමනට ඔක්කොම 14ක් ඉන්නවා කියලා කලින් දවසේ රෑ අපිට දැන ගන්න ලැබුණා.

පොඩි පොඩි පරක්කුවීම් එක්ක ඉඩ එහෙම අහුරලා පොඩි බට්ටා ටයිප් ලොරියකට ගොඩ වුණා අපි බාප්පලගේ ගෙවල් ළඟින්. මඟින් එහෙන් මෙහෙන් කට්ටිය ඔක්කොම 14 දෙනා අන්තිමට එකතු වුණා. කතා කර කර කොහොමහරි ටී ෆැක්ටරියත් පහු කරලා උඩහා ලයිමටම යනකං ලොරියේ ගිහින් එතැනින් ලොරිය දැම්මා තව දුර යන්න අමාරු තරමටම පාර සවුත්තු නිසා. දැන් ඉතින් ගමන පයින් තමයි. බඩු එහෙමත් බෙදාගෙන බෑග් කරේ එල්ලගෙන ඔන්න ගමන පිටත් වුණා. ටික දුරක් ආවට පස්සේ රක්ෂිත සීමාවට ඇතුළු වුණේ පළමුවැනි දෙවැනි ඇලි අසල තියන බලාගාරේ ගේට්ටුව ළඟින්මයි.

අපි බලාගාරේ ළඟින් කට්ටියම ඉන්න ෆොටෝ එකකුත් ගහගෙන ආයේ යන විදියටම එන්නත් සමන් දෙවියන්ගෙන් ඇතුළු ගලේබණ්ඩාර දෙවියන්ගෙන් අවසර අරගෙන එහෙම්ම කැලේට ඇතුළු වුණා. මෙතැන ඉඳන් දෙවැනි ඇල්ල උඩටම යනකන් කිසිම විදියකින් පාර වරදින්නේ නැහැ. මොකද පොඩි කැලෑ කොටසකින් ගිහින් ඊටපස්සේ දිගටම බටේ දිගේ තමයි යන්න තිබුණේ. කොහොමහරි දෙවැනි ඇල්ල උඩ ඩෑම් එක ළඟට යන්න පැයක් වගේ කාලයක් තමයි ගියේ. එතැනින් අපි පාන් එහෙම කාලා දවල්ට බතුත් කාලා ටිකක් වෙලා ඉඳලා ගමන පටන්ගත්තා. මෙතැන ඉඳන් නම් හරියට අඩිපාරක් හොයාගන්න අමාරුයි. දකුණින් කැලේට ඇතුළු වෙලා එහෙම්ම බඹරා මාමාගේ පිටිපස්සෙන් කට්ටියම ඉහළට ඇදුණා. වතුර නම් ඇතිවෙන්න තිබුණා පෑවිල්ල වුණාට. කොහොමහරි ටිකක් අමාරු ගමනකින් පස්සේ අපි තුන්වැනි ඇල්ල ළඟට ආවා. ඒ ටික නම් හොඳටම දැනුණා කට්ටියට. කොහොමහරි එතැනින් පස්සේ අපි හතරවැනි ඇල්ල පාමුලට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එතැනින් කඹයක් දෙපොට දාලා කට්ටියම උඩහට නැග්ගේ ලිස්සන ගතිය ටිකක් වැඩිපුර තිබුණ නිසයි. ටිකක් උඩහට කැලේ අස්සෙන් ගියාට පස්සේ ගලක් ළඟ අපි නැවතුණා. අපි උඩහා ඉඳන් ඇල්ල බැලුවා. තව කට්ටියක් පහළටම බැහැලා ෆොටෝ එහෙමත් අරන් ආවා. මඟ දිගට මාර ලස්සන පරිසරයක් තිබුණේ. එහෙම්ම වතුර ටිකක් එහෙම බීලා පස්වැනි ඇල්ල බලා අපි පිටත් වුණා. ආයෙමත් කැලේ අස්සෙන් ගිහිල්ලා අපි නාය ගඟට බැස්සා. ආයෙමත් එතැනින් එහාට අපි ගමන් කළේ වම් ඉවුරට මාරු වෙලා. ඊටපස්සේ පස්වැනි ඇල්ලත් බලලා අපි ඒකේ උඩහට ගිහින් වම් ඉවුර දිගේ ඉහළටම ඇදුණා.

හයවැනි ඇල්ලයි, හත්වැනි ඇල්ලයි දෙකම තියෙන්නේ එක ළඟමයි. නමුත් අනෙක් හැම දිය ඇල්ලකටම වඩා කන්ද ඇතුළට වෙන්නයි. ඒ තරම් ලස්සනක් විඳින්න නම් පින් කරන්නම වෙනවා. මොකද ලේසියෙන් යන්න අමාරු ගමනක්. වැස්ස කාලෙකට වගේ යනව නම් සීයට සීයක්ම පරිස්සමෙන් යන්න ඕනෑ ගමනක්.

කොහොමහරි අපි ආයෙමත් ගමන පටන්ගත්තා. කැලේ අස්සෙන් ගිහින් පාරවල් කපාගෙන කොහොමහරි අපි හයයි හතයි ඇල්ල පාමුලට ආවා. මෙතැන තමයි ගොඩ දෙනෙක් රාත්‍රී කඳවුරු බඳින්න තෝරගන්නේ. වෙලාවත් 2ට වගේ අපිත් හිතුවේ මෙතැන කඳවුරු බදියි කියලා. නමුත් තව ගමේ කට්ටියක් එතැන ඉඳපු නිසා අපි උඩහා යනවා කියලා ආරංචි වුණා. බැඳගෙන ආපු බත් පාර්සලුත් කාලා හොඳ නින්දක් දාගෙන හිටියා කට්ටිය ඔක්කොම සෙට් වෙනකන්. දිව්‍යලෝකේ සැපක් තිබුණේ කිව්වොත් මම වැරදි නැහැ. මොකද වතුර ගලාගෙන යන සද්දේ අහගෙන කුරුල්ලන්ගේ කීචි බීචී මැද්දේ පොඩි නින්දකට වැටෙන එකේ සැප දන්නේ ඒක විඳපු කෙනෙක්ම තමයි. පැයකින් වගේ බඩු එහෙම එල්ලගෙන ආයෙමත් කට්ටියම ගමන පිටත් වුණා. ඊට කලින් අපි ෆොටෝ ටිකක් එහෙම ගහගන්නත් අමතක කළේ නැහැ. මෙතැන ඉඳන් පැයක වගේ ගමනකින් පස්සේ අපි ඇලි දාමයේ උඩහටම ආවා. පුදුම නිස්කලංක ගතියක් තිබුණේ. අපි කඳවුරු බදින්න තැනක් හොයාගෙන නාය ගඟේ උඩහට යන්න ගත්තා. ඒ අතරමඟ සද්දන්තයෙක්ගේ මතක සටහන් ටිකකුත් දැක්කා. ඒවා හැබයි මාස දෙක තුනකට කලින් එවා.

කොහොමහරි පොඩි ඇල්ලකට උඩහින් හොඳ තැනක් අපිට හම්බු වුණා. කට්ටිය බෑග් එහෙම ගලවලා දර හොයන්න පටන්ගත්තා. ඊටපස්සේ උයන පිහන වැඩ පටන්ගත්තේ 4ටත් කිට්ටු වෙලා තිබුණ නිසා. ඒ අතරේ කට්ටියක් නාගන්න ගියා. එහෙම්ම අපි ටේන්ට් එකත් ගහගත්තා. තේ එකක් එහෙම බීලා අපි ආතල් එකේ වටේ පිටේ ඇවිදලා එහෙම හිටියා. කළුවර වැටීගෙන ආපු නිසා අපි රස කතා එහෙම අහගෙන හිටියා මාමලා කට්ටියගේ. ඒ අය කලින් ඇලි හතේ ඇවිත් විඳපු අත්දැකීම්. තව ගමේ ගැටව් කාලේ කරපුවා ඒවා මේවා හැමදේම අපි හිටියා.
රෑට කෑමත් මේ වෙද්දී හදලා තිබුණ නිසා අපි කට්ටිය කෑවා. රෑ බෝ වුණු හින්දා සින්දු එහෙම කියලා කට්ටිය පැරා එහෙමත් පත්තු කරලා අස්පස් කරලා නින්දට ගියා.

ඊළඟ දවසේ උදේ ඇහැරිලා නෙස්ටමෝල්ට් එකක් බීලා හොඳට නාගත්තා. අම්මෝ ඒ සීතල වතුර ටික නම් පංකාදු පහයි. උදේට කඩල එක්ක නූඞ්ල්ස් තම්බලා තිබුණ හින්දා ඒවත් කාලා එහෙම්ම ගෙනියපු හැමදේම අස්පස් කරලා දාලා අපි පහළට බහින්න පටන්ගත්තා. බඹරා මාමා කියපු විදියට කලින් දවසේ අපි හයවැනි ඇල්ල ළඟින් කැලේට ඇතුළු වෙන්න තමයි තිබුණේ. ආයෙමත් පහළට ඇවිත් ෆොටෝෂූට් එකකුත් කරලා කට්ටිය බහින්න ගත්තා. එතැන ඉඳන් නම් පොඞ්ඩක් පැහැදිලි අඩිපාරක් පහළට යනකන්ම තිබුණා. නමුත් ඇලි එකක්වත් බලාගන්න අමාරුයි. මොකද ඒවාට වෙනම අඩිපාරින් හැරිලා පාරවල් කපන් යන්න ඕනෑ නිසා. ඒ වගේම ඒ හරියේ කටු ගස් විමානේ. බොහොම පරිස්සමට 14 දෙනාම ගියපු විදියටම ආයෙමත් බටේ ඉවර වෙන තැනට ආවා. එහෙම්ම ලොරිය දාපු තැනට එන්න පැයකට වඩා වෙලාවක් එතැන ඉඳන් ගියා.
ඔබත් මේ වගේ ගමනක් ගියොත් පා සටහන් පමණක් ඉතිරි කරලා මතකයන් පමණක් රැගෙන එන්න අමතක කරන්න එපා. ඔබ මේ තැන් විඳින්න මතුවටත් ආරක්ෂා කරලම.
තිසරු රන්දුල කාරියවසම්

SendShareShare
Previous Post

කුවේට්හි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ සභාපති සහභාගි වෙයි

Next Post

ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමට 2020 වසරේදී වේගවත් ආරම්භයක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.