• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනෙතිගෙ මනමාලයා හාට් එකට කතා කරයි

February 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිනෙතිගෙ මනමාලයා හාට් එකට කතා කරයි
Share on WhatsAppShare on Facebook

නළු නිළියෝ ආදර කතා ගොතන්නේ රඟපෑමට විතරක් නෙමේ. හැබැයි ඔය අතර සමහරු කාටත් හොරා ආදරය විඳිනවා. මම මේ කියන්නට යන්නෙ එහෙම තරු දෙකක් පසුගියදා එකට එකතු වුණා. ඒ වෙන කවුරුවත් නොව නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී සිනෙති අකිලා සහ නව පරපුරේ රංගන ශිල්පී සහන් මාන්නගේයි. සිය කතාවේ මංගල රාත්‍රියට පෙරාතුව සහන් ‘හාට්’ එකට කියපු ආදර කතාව තමයි මේ.
කොහොමද අලුත් ජීවිතේ?
අලුත් ජීවිතය පටන් අරගෙන දවසයිනේ තාම. ඉතින් කාලයක ඉඳලා මම දැන හඳුනන කෙනෙක් නිසා මේ ගෙවන ජීවිතය හරිම සුන්දර ආදරණීයයි.
සිනෙතිගේ ආදරය ඔබට ලැබුණේ අකිල ධනුද්ධර කරපු කපුකමකින් නේද?
අකිල තමයි කපුවා. ඔහු මගේ හොඳ යහළුවෙක්. අකිල සිනෙතිව මම ළඟට එක්කගෙන ආවේ ‘සිරිපැරකුම්’ චිත්‍රපටය වෙනුවෙන් කළු එතනාගේ චරිතයට ශරීරය හැඩගස්සවා ගන්න. එදා යකඩ උස්සන්න ඇවිත් ඒ බැඳුණු ආදරයක් තමයි මේ දුරදිග ආවේ.
ගෝලයෙක්ගෙන් එහෙම ආදරය ඉල්ලපු එක වැරැදියි නේද?
හිත ගිය තැන මාලිගාව. සිනෙති දැක්කදා ඉඳලා මට ඇය ගැන ආදරයක් දැනුණා. දවසින් දවස එය පිබිදෙන්න පටන් ගත්තා. දින කිහිපයකට පසු මම ඇයගෙන් කෙළින්ම ඇහුවා. සිනෙති ඒවනකොටවත් නිළියක් වෙලා නැහැ. මම ඇයට ආදරය කළේ ඇයගේ ඒ තිබුණ ගතිගුණ සහ ඒ තිබුණ අහිංසකකමට.
විවාහය දිනයත් විශේෂයිලු නේද?
ඔව්. 28 වැනි දින සිනෙතිගේ උපන් දිනය. ඉතින් ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව එදිනම අපට විවාහ මංගල්‍යයේ දිනයත් උදාවුණා. මෙය අපි දෙන්නාගේ ජීවිතයත් අලුත් උප්පත්තියක් විදියට තමයි මම සලකන්නේ. ජීවිතයේ නොවිඳපු අමුතු රසයක් අපට හිමිවුණා.
ආදරයටත් සෑහෙන කාලයක්ලු නේද?
ඔව්. වසර හතක පමණ කාලයක් වෙනවා දැන්. මේ ගෙවුණ කාලය තුළ අපි දෙන්නට දෙන්නා හොඳට දැන හඳුනගෙන අපි තේරුම් ගත්තා.
මේ ක්ෂේත්‍රයේ එවැනි ලොකු කාලයක් ආදරයක් පවතිනවා අඩුයි. අමාරු දෙයක්. අපි එකිනෙකාට පෙම් බැන්දෙත් මේ කලාව නිසයි. කසාදය සිදුවුණෙත් තරු පිරිවරාගෙන ඔවුන්ගේ ආශීර්වාදය මැද. අපි අතර ප්‍රශ්න නැහැ. අපි දෙන්න අතර හැංගිලි නැහැ.
දෙන්නාම එකම ක්ෂේත්‍රයට වැඩ කරන නිසා සහන් ඉදිරියේදි සිනෙතිට තහංචි දායිද?
කවදාවත්ම නැහැ. ඇයට මම උපරිම නිදහස දෙනවා වගේම උදව් කරනවා. මොකද ඇය ගැන මම හොඳට දන්නවා. ඉතින් අපි දෙන්නාම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ. අපි දෙන්නාව හැමෝම දැන හඳුනනවා. ඉතින් මම ඇයට කිසිම බාධාවක් කරන්නේ නැහැ.
ඔබ සිතූ පැතූ හැමදේම සුන්දර විදියට ඉටුවුණා. ඔය සිතුවිලි අතර ආදර බලාපොරොත්තු එහෙම තවත් ඇති?
සියලුම දේ මම හිතපු විදිහට හොඳ විදියට සිද්ධවුණා. මගේ ලොකු ආශාවක් තිබෙනවා අපි දෙන්නම එකම නිර්මාණයක එකට රඟපාන්න. බලමු ඉතින් ඉදිරියේදී.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මොකක්ද මේ කණුවක් වටකොට බඳින චෛත්‍ය

Next Post

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Business Today Top 30’ ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.