සෙලාන් බැංකුව, පුණ්‍යායතනවල වර්ධනය වන මූල්‍යමය අවශ්‍යතාවලට මුහුණ දීමේදී ඔවුන් සවිබල ගැන්වීමේ හා විසඳුම් ලබා දීමේ මෙහෙයුමේ පියවරක් ලෙස, පසුගියදා LEADS ප්‍රජා සත්කාර ආයතනය සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළැඹීමට කටයුතු කළේය. මේ යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම ආයතනයට බහුවිධ මුදල් වර්ගවලින් ආධාර භාරගැනීමේ පහසුව සලසා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.
ඒ අනුව දැන් ලොව විවිධ රටවලින් ලැබෙන ආධාර එම මුදල් වර්ගවලින්ම භාරගනිමින්, මෙරට විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට වඩාත් හොඳින් සේවය සැලසීමට LEADS ආයතනයට අවස්ථාව සැලසේ. මෙය වගකීම්සහගත සමාගමක් ලෙස රටේ අනාගත පරම්පරාවට මූල්‍ය සුරක්ෂිතතාව උදාකර දීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් පියවරකි.











