එදා මෙදාතුර සියලුම ආයෝජන ක්ෂේත්‍රයන් අතර දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම කිසිවිටෙක නොවරදින ඉතාමත් ප්‍රතිඵලදායී ආයෝජනයක් බව ප්‍රකට කරුණක්. පළපුරුදු විශ්වාසනීය දේපළ වෙළෙඳාම් සමාගමක් වන CBH Lands සමඟ එක්ව සාධාරණ මිලකට හොඳ ඉඩමක් මිලදී ගැනීම අනාගතය වෙනුවෙන් කළ හැකි බුද්ධිමත්ම ආයෝජනයක්.
CBH Lands කණ්ඩායම සතු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තීයවේදීත්වය සමඟ නිර්මාණය වූ “CBH HIM” ආයෝජන ක්‍රමය, ඉහළ ආදායම් ලබන අයට වඩාත් ගැළපෙන ආයෝජන ක්‍රමවේදයකි.
“CBH PS” අයෝජන ක්‍රමය රාජ්‍ය සේවයේ නියුක්තිකයන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. වාසිදායී ආයෝජනයකදී අවධානය යොමු කෙරෙන සියල්ලෙන් සැදුම්ලත් එම ආයෝජන ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වමින්, සභාපති යටිල මහතා පැවසුවේ 2017 වසරේදී අපගේ ගනුදෙනුකාර භවතෙක් රු. 50, 000 බැගින් අපෙන් මිලදී ගත් බිම් කොටස් මේ වසරේදී ඔහු රු. 90,000 බැගින් අලෙවිකොට තිබෙන බවයි.











