සෙලාන් බැංකුවේ නිල ඇමෙරිකානු ඩොලර් නියෝජිත බැංකුව වන නිව්යෝර්ක්හි Wells Fargo බැංකුව, 2018/2019 කාලසීමාව සඳහා විශේෂ ඇගයුම් සම්මානයක් සෙලාන් බැංකුව වෙත පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. විදේශ මුදල් හුවමාරු සහ ප්‍රේෂණ ඇතුළුව ජාත්‍යන්තර ගෙවීම් සේවාවන් සම්බන්ධයෙන් විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම නිසා සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය පිරිනමා තිබේ.
Wells Fargo බැංකුව වෙතින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික බැංකුව සෙලාන් බැංකුවයි. එමෙන්ම මෙම සම්මානය සෙලාන් බැංකුව වෙත මෙවර හිමිවූයේ අඛණ්ඩව 3 වැනි වරට වීම තවත් විශේෂත්වයකි.
2017 වසරේ Brand Finance වෙතින් උතුරු ඇමෙරිකාවේ පාරිභෝගික බැංකුකරණ සේවා සම්බන්ධ වැඩිම වටිනාකමක් සහිත බැංකු සන්නාමය ලෙස ඇගයීමට පත්වූ Wells Fargo බැංකුව එම වසරේදීම Forbes වෙතින් ලොව තුන්වැනි වටිනාම මූල්‍ය සේවා සන්නාමය ලෙස ඇගයීමට ලක්විය. එමෙන්ම USD Global Transaction Services වෙත විශිෂ්ට සේවාවක් සපයන බැංකුවක් ලෙස අඛණ්ඩව වසර 6ක් තිස්සේ ඇගයීමට ලක්වී ඇති එම බැංකුව, FImetrix Global Statsහි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ගෝලීය මූල්‍ය ආයතන අතර සමස්ත ආයතනික තෘප්තිය’ අතින් අංක එකේ බැංකුව (2018) ලෙසද ඇගයීමට ලක්වී තිබේ.











