• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1833 කුමන්ත්‍රණය

February 22, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1833 කුමන්ත්‍රණය
Share on WhatsAppShare on Facebook

1796දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කළ ඉංග්‍රීසීන්ට 1799 පමණ වන විට මුහුදුබඩ කලාපයේ ස්වකීය බලය ස්ථාපිත කරගැනීමට හැකි විය. ඉංග්‍රීසීන්ගේ ඊළඟ අරමුණ වූයේ කන්ද උඩරට ආක්‍රමණය කිරීමය. අවස්ථා කිහිපයකදීම විවිධ උපක්‍රම භාවිත කළත් එම ප්‍රයත්න අසාර්ථක විය. කන්ද උඩරට භූගෝලීය පිහිටීම හා සිංහලයන්ගේ සටන් ක්‍රමවල තිබූ උපායශීලී බව නිසා ඉංග්‍රීසීන්ට ස්වකීය අභිප්‍රාය මුදුන්පත් කරගැනීමට නොහැකි විය. 1815 වන විට උඩරට පාලනය කළේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුය. නායක්කාර වංශිකයකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳව උඩරට වංශවත් ප්‍රභූන් නොමනාපයක් ඇතිකර ගත් අතර, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඉංග්‍රීසීන් උඩරට ගිවිසුම හරහා උඩරට රාජධානිය ඈඳා ගැනීමට සමත් විය.

1815 මාර්තුවේ අස්සන් කළ උඩරට ගිවිසුම ප්‍රකාරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලයෙන් ඉවත් කර උඩරට රාජධානියේ පාලකයා ලෙස සිංහලයකු පත්කළ යුතුව තිබිණි. ඔවුන් ඉංග්‍රීසීන් උඩරට ගිවිසුම කඩකර උඩරට පාලනය සඳහා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු පත්කළ අතර, මෙයින් උඩරට ප්‍රභූහු තිගැස්සී ගියහ. තමන්ගේ ක්‍රියා කලාපය ජාතියට කළ මහා පාවාදීමක් බව ප්‍රත්‍යක්‍ෂ විය. එහි ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසීන්ට එරෙහිව කැරැලි කිහිපයක් නිර්මාණය වීමය. එහෙත් ඒ සියල්ලම අසාර්ථක විය. මේ අතරතුර බලය ලබා ගැනීම සඳහා 1833 කුමන්ත්‍රණයක් සිදු කළේය.

මෙම කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් වූයේ උඩරට ප්‍රභූන් හා බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාය. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වූයේ ඉංග්‍රීසි පාලනයේ කාඩරය මහනුවර එක්තරා ස්ථානයකට ගෙන්වා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඝාතනය කිරීමයි. ආහාරවලට වස මුසු කිරීම ඔවුන්ගේ උපාය විය. සිංහල ප්‍රභූන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධනය පිළිගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ පාර්ශ්වය එකී රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වීමට බලාපොරොත්තු විය. නමුත් භෝජන සංග්‍රහයට දින කිහිපයකට පෙර මෙම කුමන්ත්‍රණය, එම කුමන්ත්‍රණයට හවුල් වූ ටික දෙනෙක් විසින්ම ඉංග්‍රීසීන්ට දන්වන ලදී.

මෙයින් බලවත් කෝපයට පත් ඉංග්‍රීසීන් කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරුවේය. මෙම නඩුව විභාග කළේ ජූරි සභාවක් ඉදිරියේය. නඩුවේ චූදිතයන් මෙසේය.

  1. මොල්ලිගොඩ අදිකාරම්
  2. දුනුවිල දිසාව
  3. දෙඹෑවේ හිමි
  4. කැටකුඹුරේ හිමි
  5. බඹරදෙණියේ බස්නායක නිලමේ

    අධිනීතිඥ හෙන්රි ජෝන් ස්ටෙප්ල්ස් මහතා මොල්ලිගොඩ අදිකාරම් වෙනුවෙන් පෙනී සිටියේය. ජූරි සභාවට ඉංග්‍රීසීන් හයදෙනකු හා පහතරට සිංහලයන් හත් දෙනකු අයත් විය. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් විය. ප්‍රධාන චෝදනාව වූයේ මහරජතුමාට එරෙහිව කුමන්ත්‍රණය කිරීමය. කෙසේ වෙතත් ජූරි සභාවේ බහුතර තීරණය වූයේ සියලුම චෝදනාවලට විත්තිකරුවන් නිවැරැදිකරුවන් බවයි. හය දෙනකු ප්‍රකාශ කළේ විත්තිකරුවන් වැරැදිකරුවන් බවයි. බහුතර තීරණය මත විත්තිකරුවන් නිදහස් විය. නඩු තීන්දුවේ විශේෂත්වය විත්තිකරුවන් නිවැරැදිකරුවන් බවට ප්‍රකාශ කළ ජූරි සභිකයන් සියලු දෙනා පහතරට සිංහලයන් වීමය. නිදහස ලද එම විරුවන් සිංලහයේ විමුක්ති සටනට එකතු වූ අතර, අරගලය දිගටම සිදුවිය. මෙම කුමන්ත්‍රණ නඩු තීන්දුවේ පිටපතක් අදත් බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
    නීතිඥ එස්.එම්. ජයසූරිය
SendShareShare
Previous Post

වැල්ලවාය සිසිල් කරන අලිහොඬය

Next Post

හිටිහැටියේ රවි නීච වුණොත්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.