• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඕනෑම කෙනෙක් බින්දුවට වට්ටන නිර්ධන යෝග

February 20, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඕනෑම කෙනෙක් බින්දුවට වට්ටන නිර්ධන යෝග
Share on WhatsAppShare on Facebook

පුද්ගලයකුගේ උපන් වෙලාවට සාදන ජන්ම පත්‍රයෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අතීතය, වර්තමානය හා අනාගතය පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. එහිදී එම ජන්මියාට සිදුවන කරදර, මාරක, දුක්පීඩා මෙන්ම ඉදිරියට සිදුවීමට තිබෙන දුක්පීඩා, මාරක, කරදර පිළිබඳවද පැවැසිය හැකිය. ජන්ම පත්‍රයේ පවතින සුබ, අසුබ යෝග පලදෙන කාල සීමාවන්ද පැවැසිය හැකිය.

ජන්මියා දිළිඳුකර පාරට ඇද දමන නිර්ධන යෝග බොහෝ ජන්ම පත්‍රවල දැකිය හැකි නමුත් ඇතැම් නිර්ධන යෝග ජන්ම පත්‍රයේ ඇති අනෙකුත් ග්‍රහ පිහිටීම්වලින් භංගවන අවස්ථාද දැකිය හැකිය. නිර්ධන යෝග ජන්ම පත්‍රයක පිහිටනුයේ අදාළ ජන්මියා පෙර භවවල කළ අකුසල කර්ම මූලික කරගෙනය. යම් මට්ටමකට ධනය තිබූ අයෙක් වුවද නිර්ධන යෝගය පලදෙන කාලය ලැබූවිට ඔහුගේ ධනය සොර සතුරන් පැහැරගැනීම්, නොයෙකුත් වංචාවලට හසුවීම්, ගංවතුර, නායයෑම්, සුළිසුළං ආදියට මැදිවී දේපළ විනාශවීම්, ඉඩම් නඩුවක් වැනි දිගුකලක් ගතවන නඩුවකට පැටලීම්, වියදම් අධික රෝග සෑදීම ආදිය දැකිය හැකිය.

ජන්මියා දිළිඳු කරන යෝග අතර සකට යෝගය, කේමදෘම යෝගය, කාල සර්ප යෝගය, හතර කේන්දරය පාඵවීම ප්‍රධාන වෙයි. මෙම යෝග ජන්ම පත්‍රයේ තිබුණද එය අනෙක් ග්‍රහ පිහිටීමකින් භංග වෙයි නම් නිර්ධන යෝගයට අදාළ අසුබය සිදුනොවනු ඇත. ඊට අමතරව සර්ප යෝගය, සකට යෝගය, ශූල යෝගය වැනි බොහෝ යෝග ජන්මියා දිළිඳුභාවයට පත්කරයි. ඉහත සඳහන් යෝග ජන්ම පත්‍රයක පිහිටන ආකාරය හා භංග වන ආකාරය විමසමු. කේමදෘම යෝගය චන්ද්‍රයාගේ දෙපස කිසිදු ග්‍රහයකු නොසිටීමෙන් කේමදෘම යෝගය උදාවේ. මෙම කේමදෘම යෝගය පිහිටි ජන්මියා දුප්පත් කමෙන් මිරිකෙන ජීවිතයේ සෑම වැඩකදීම අසාර්ථකත්වය පෙන්වන, සොරසිත් ඇති, අනුන්ට බැළමෙහෙවරකම් කරන, තමාට කියා අඹුදරුවන් නැති, විවාහ වුවද විවාහය අසාර්ථක, ශරීරය නිතර අපිරිසුදුව තබා ගන්නා, මරණය පවා දුකසේ සිදුවන අයෙකි. කේන්දරයක කේමදෘම යෝගය පිහිටියද එම කේන්දරයේ අනෙකුත් ග්‍රහපිහිටීම්වලින් එහි අසුබය භංග වී යන අවස්ථා බොහෝ දැකිය හැකිය. කේමදෘම යෝගය භංග වන අවස්ථා බ චන්ද්‍රයා සිටින ස්ථානයට හෝ එහි දෙපස රාශිවලට සුබ ග්‍රහයකුගේ ප්‍රබල දෘෂ්ටියක් වැටීම.
* ගජකේශරී යෝගය හෝ චන්ද්‍රාදී යෝගය යෙදී තිබීම.
* ලග්නයෙන් 4 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයන් කිහිප දෙනකු තැන්පත් වීම.
* ලග්නයේ 7, 10 ස්ථානවලින් එකක හෝ ග්‍රහයකු හෝ ග්‍රහයන් කිහිපදෙනකු තැන්පත්වීම.
* සඳුගෙන් කේන්ද්‍රස්ථානයක ග්‍රහයන් සිටීම.
* නවාංශකයෙන් සඳු සිටින ස්ථානයේ දෙපස ග්‍රහයකු හෝ ග්‍රහයන් සිටීම. කේමදෘම යෝගය භංගවන ක්‍රම නවාංශකයේ සඳු සිටින රාශිය, ලග්න කේන්දරයට ආදේශ කළ විට එම රාශිය දෙපස ග්‍රහයන් සිටී නම් ද කේමදෘම යෝගය භංග වේ. ගජකේශරී යෝගයෙන්, කේමදෘම යෝගය භංග වේද එම ගජකේශරී යෝගයට අදාළ ගුරු අට අධිපති නොවිය යුතු බවද තරයේ සිතට ගත යුතුය. සකට යෝගය නිර්ධන යෝග අතර අනෙක් ප්‍රධානතම යෝගය සකට යෝගයයි. කේන්දරයක ගුරු ග්‍රහයා සිටින ස්ථානයේ සිට 6 වැන්නේ, 8 වැන්නේ හෝ 12 වැන්නේ සඳු සිටීම සකට යෝගයයි. සක යනු රෝදයට කියන පර්යාය පදයකි. රෝදය පෙරළීමේදී උඩින් පිහිටි කොටස යටටත්, යටින් පිහිටි කොටස උඩටත් යනුවෙන් නොනැවතී ගමන් කරයි. සකට යෝගය පිහිටි පුද්ගලයාගේ ජීවිතයද මේ ආකාර වේ. ජීවිතය පුරාම නැඟීම් මෙන්ම බැසීම්ද උරුම වෙයි. මොවුන්ට රාජ යෝග, වෙනත් සුබයෝග පලදීම අවම කරයි. තවද මෙවැනි ජන්මීන්ට ජීවිතයේ පුරාවටම විටින් විට දුප්පත්කම ඇතිවෙයි. නෑදෑ හිතමිතුරන් වෙන් වෙයි. මුඵ ජීවිතයම මෙන්ම අවසානයේ මරණයද අවාසනාවන්ත, අසරණ ආකාරයට සිදුවෙයි. නමුත් මෙම සකට යෝගයද භංගවන ක්‍රම කිහිපයක්ම ජ්‍යොතිෂයේ සඳහන්ය.

සකට යෝගය භංගවන ක්‍රම
* සඳු ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ප්‍රබල බලයකින් යුක්ත වීම.
* ගුරු ග්‍රහයා ලග්නයෙන් කේන්ද්‍ර ගතවීම.
* ගුරුගේ බලය ප්‍රබලවීම(කේන්දරයෙහි).
* සඳු ග්‍රහයා ලග්නයෙන් කේන්ද්‍රගතවීම.

ඉහත සඳහන් පිහිටීම් එකක් හෝ සකට යෝගය හිමි කේන්දරයක වෙයි නම් ඔහුට හෝ ඇයට හානියක් නැත. නමුත් සඳු පිහිටි ස්ථානයේ ඵලයට හානි පැමිණෙයි. හතර කේන්දරය පාඵ වීමද නිර්ධන වීමට බලපාන බව පොතපතේ සඳහන් වෙයි. හතර කේන්දරය පාඵ වීම යනු කේන්ද්‍රස්ථාන හතරේම ග්‍රහයන් නොමැති වීමයි.

ලග්නයෙන් ජන්මියාගේ පෞරුෂයත්, 4 වැන්නෙන් දේපොළත්, 7 වැන්නෙන් විවාහයත්, 10 වැන්නෙන් රැකියාවත් යන ජීවිතයට වඩා වැදගත් කරුණු සියල්ල අහිමිවී දුගී දුප්පත් භාවයට පත්වෙයි. තවද මෙවැනි ජන්මීන් ඉතා අවාසනාවන්තය.

නමුත් හතර කේන්දරය පාඵවීමද ජන්ම පත්‍රයේ ඇති අනෙකුත් ග්‍රහ පිහිටීම්වලින් භංගවන අවස්ථා බොහෝ ඇත. එම ග්‍රහ පිහිටීම්වලින් භංගවීම සිදුවූ හතර කේන්දරය පාඵ ජන්මීන්ට ඉහත කිසිදු අවාසනාවක් සිදුනොවේ.

හතර කේන්දරය පාඵවීම භංගවන ක්‍රම
* සඳුගෙන් 1, 4, 7, 10 යන ස්ථානයක ග්‍රහයන් සිටීම.
* සඳුගෙන් ත්‍රිකෝණගතව එනම් 5, 9 ස්ථානයක ග්‍රහයන් සිටීම.
* ලග්නාධිපති, නවාංශක කේන්දරයේ කේන්ද්‍රස්ථාන හතරින් එකක වීම.
* ලග්න කේන්දරයේ 4 අධිපති නවාංශක කේන්දරයේ 5, 9 ආදී ත්‍රිකෝණ ස්ථානයක වීම.
* ලග්නයට ගුරුගේ දෘෂ්ටිය වැටීම.
* සඳු සමඟ ග්‍රහයකු වීම.
* චන්ද්‍රාදී යෝගය හෙවත් සඳුගෙන් 6, 7, 8 යන ස්ථානවල බුධ, ශුක්‍ර, ගුරු සිටීම. කාල සර්ප යෝගය ජ්‍යොතිෂයේ කාල සර්ප යෝගය නිර්ධන යෝගයක් සේ සලකා කටයුතු කරන අවස්ථා බොහෝය. මෙලෙස නිර්ධන යෝගයක් සේ සලකනු ලබන්නේ අභිමුඛ කාල සර්පයයි. එනම් සියලුම ග්‍රහයන් රාහුගේ මුඛයට ගමන් කිරීමයි. කාල සර්ප යෝගය 12 ආකාර වෙයි. එයින් 6ක් අභිමුඛ කාල සර්ප ගණයට වැටෙයි. එනම්, රාහු 1 හා කේතු 7 කාල සර්පය-විපරීත රාහු 2 හා කේතු 8 කාල සර්පය-කුලීන රාහු 3 හා කේතු 9 කාල සර්පය-වාසුකී රාහු 4 හා කේතු 10 කාල සර්පය-සංතප්ප රාහු 5 හා කේතු 11 කාල සර්පය-පාද රාහු 6 හා කේතු 12 කාල සර්පය-මහා පද්ම අභිමුඛ කාල සර්පයක් හිමි ජන්මියා දිළිඳුවීම අවාසනාව මුඵ ජීවිතය පුරාම පැවැතීම, විවාහයක් නොමැතිවීම, විවාහ වුවද එය අසාර්ථක වීම, සාහසික මරණයකට හිමිකම් කීම ආදී බොහෝ අසුබ ඵල ගෙනදෙන බව සෘෂි මතයයි.

අභිමුඛ කාල සර්පයක් පැවැතුණද එය තම කේන්දරයෙන්ම භංගවන අවස්ථා බොහෝ ඇත.
කාල සර්පය භංගවන අවස්ථා
* රාහු හා කේතු උච්ච බලයෙන් සිටීම.
* රාහු, රාහුගේම නැකැතක වීම(අද, සා, සියාවස)
* කුජ හෝ ශනි ලග්නාධිපති වීම.
* කුජ හෝ ශනි 9 වැන්නේ හෝ 9 අධිපතිට දෘෂ්ටි දීම.
* යෝග කාරක ග්‍රහයා රාහු හෝ කේතු සමඟ සිටීම.
* රාහු හා කේතු සිටින රාශි අධිපතීන් එකිනෙකට කේන්ද්‍රගත වීම හෝ ත්‍රිකෝණ ගත වීම.
* රාහු, කේතු සිටින රාශි අධිපතීන් ඔවුනොවුන්ට පෙනීම හෝ සංයෝගවීම.
මෙසේ එක් ක්‍රමයකින් හෝ කාල සර්පය භංග වේනම්, කාල සර්ප යෝගයට අදාළ කිසිදු අසුබයක් ඵල නොදෙයි.
ජ්‍යොතිෂවේදීනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

නවතම JAT Experience Centre දැන් One Galle Face Mall හිදී

Next Post

ලංකා පොළොව සසල වූ 1615

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.