• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සමනල සිරසේ නොඇසූ කතා

February 15, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සමනල සිරසේ නොඇසූ කතා
Share on WhatsAppShare on Facebook

සමනල කන්ද, ශ්‍රීපාදය තරම් සාකච්ඡාවට හා වන්දනාවට භාජනයවූ තවත් කන්දක් හෝ පූජනීය ස්ථානයක් ඇත්නම් එය හිමාලය පමණක් විය යුතුය. සිරිපාදයේ විශේෂත්වය වනුයේ අඩුම තරමේ වසර දහසක පමණ කාලයක සිට එය පූජා භූමියක් ලෙස අඛණ්ඩව පැවතීමයි. එමෙන්ම බෞද්ධයන්ට අමතරව ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් භක්තිකයන් මෙම ස්ථානය සිය පූජනීය ස්ථානයක් කරගැනීමයි.

කුඩාකල අප සිතා සිටියේ සමනල කන්දට එම නම ලැබී ඇත්තේ වසරේ එක්තරා කාලයක සමනල රංචු එහි යන බවට වූ විශ්වාසයයි. ඇත්තටම අප කුඩා කලදී එවැනි විශාල සමනල රංචු අහසේ දැකිය හැකි වුවත් කෘෂි රසායන කෘෂිකර්මයට පින්සිද්ධ වන්නට දැන් එකදු සමනලයෙක් වත් දක්නට නැති තරම්ය.

මගේ හැඟීම හැටියට නම් සමනල කන්දට ඒ නම ලැබී ඇත්තේ සමන් දෙවියන්ගෙනි. සමන් දෙවියන් අපගේ ප්‍රධාන ගංගා හතරටම අධිගෘහිත ජලදෙවියාය. කළු ගඟ ආශ්‍රිතව රත්නපුරේදීත්, කැලණි ගඟ ආශ්‍රිතව දැරණියගලදීත්, වලවේගඟ ආශ්‍රිතව අලුත් නුවරදීත්, මහවැලි ගඟ ආශ්‍රිතව මහියංගණයේදීත් සමන් දේවාල ඉදිවී ඇත්තේ එම නිසාය.

එමෙන්ම මාඋස්සාකැලේ ජලාශය අසල ස්ථාපිත කොට ඇති දර්ශනීය සමන් දේවාලය සර් ජෝන් කොතලාවල මහතා විසින් ලක්ෂපාන විදුලි බලාගාරය තැනීම අවස්ථාවේදී ඒවා දිගින් දිගටම අසාර්ථක වීම හේතු කරගෙන සමන් දෙවියන්ට කළ උපහාරයක් ලෙසින් ඉදිකරන ලද්දක් බව ප්‍රකාශවේ.

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ඉන්ජිනේරුවකු වන විමලසුරේන්ද්‍ර මහතාව බි්‍රතාන්‍යයන් විසින් සමනල අඩවියට යවන ලද්දේ සමනල කන්ද හරහා රත්තරන් ඇතැයි යන විශ්වාසයෙනි. එය බොරුවක්ම නොවන්නේ සමනල කන්දෙන් ගලා බසින ඇතැම් ජලපහරවල ඉතා සියුම් ප්‍රමාණයෙන් රත්තරන් අඩංගුව තිබීම නිසා සහ රටේ මැණික් සම්පතින් බහුතරයක් සමනල කන්දෙන් නිර්මාණයවූ ජලධාරාවන් විසින් පහත්බිම් ප්‍රදේශවලට රැගෙන යෑම නිසාවෙනි.

රත්තරන් සොයා ගිය විමලසුරේන්ද්‍ර ප්‍රකාශ කළේ තමන්ට රත්තරන් හමු නොවුණත් කඩාහැලෙන සුදු ගල්අඟුරු නම් හමු වූ බවයි. සුදු ගල්අඟුරු නම් ජලවිදුලි ශක්තියයි. ලක්ෂපාන ව්‍යාපෘතියේ නියමු ඉන්ජිනේරුවා වූයේ විමලසුරේන්ද්‍ර මහතායි. ඔහුගේ සැලසුම වූයේ ලක්ෂපාන විදුලිය (කැලණි ගඟේ අතු ගංගාවලින් නිපදවූ) අවිස්සාවේල්ලට ගෙන ගොස් අවිස්සාවේල්ලේ සිට දුම්රිය මාර්ගයට සමාන්තරව එකී විදුලිය කොළඹට ගෙනඒමය. තවද ඒ එන අතර වාරයේ දුම්රිය විදුලිකරණය කිරීමය.

මෙය ඔහුට ඉටුකර ගැනීමට නොහැකි වූ විට ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගොස් ශ්‍රී ලංකාව විදුලිකරණය කිරීමෙන් පොදු ප්‍රවාහන සේවය ප්‍රමිතිකරණය කිරීමේ පොදු සැලැස්මක් (1936) ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් අද දක්වා අපට වඩා දුප්පත්, නූගත් රටවල්වල පවා පවතින විදුලි දුම්රිය සේවයක් ඇතිකර ගැනීමට විමලසුරේන්ද්‍රගෙන් වසර සියයකට පසුවත් අපට නොහැකිවී තිබේ . කැලණි වැලි දුම්රිය මාර්ගය විදුලිකරණය කර කණු මතින් දිව යන දුම්රිය ව්‍යාපෘතිය 2017 දීත් (තවම ශක්‍යතා අධ්‍යයන මට්ටමේ) සහ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය 2019 දීත් දියත් කිරීමට හැකිවීම එක අතකින් සමනල කන්දෙන් ඇති වූ විමලසුරේන්ද්‍ර බලශක්ති විප්ලවය පරම්පරා තුනකට පසුව හෝ ඵල දැරීමට උත්සාහ කිරීමකි.

සමනල කන්ද හා සමනල දෙවියන් සම්බන්ධයෙන් වූ පෞද්ගලික අත්දැකීම් දෙකක් මට ඇත්තේය. 2010දී මා බලශක්ති ඇමැති වූ විට මාවුස්සාකැලේ පිහිටා ඇති සමන් දේවාලයට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමඟ ගොස් පූජාවක් කළ අතර එතැන් සිට කිතුල්ගල හරහා අවිස්සාවේල්ලට මා පැමිණෙන තෙක් ධාරානිපාත වර්ෂාවක් ඇති වූ බව මට මතකය. එමගින් 2010 වර්ෂයේදී විදුලි බල මණ්ඩලයට හොඳ ජල අස්වැන්නක් මෙන්ම අපගේ මූල්‍ය කළමනාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ධන අස්වැන්නක්ද ලැබී එය වසර දොළහකට පසු පළමු වරට ලාභ උපයන තත්ත්වයට පත් විය.

2012 වර්ෂයේදී වසරකට අධිකව පැවැති දැඩි නියඟය හමුවේ දින 35ක් මා හා විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් මෙන්ම මාගේ හිතවතුන් ද එක්ව අධිෂ්ඨාන පූජාවක නිරත විය. ජයසිරි මහ බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාව ඇතුළු ස්ථාන ගණනාවක බෝධි පූජා, පහන් පූජා හා අධිෂ්ඨාන භාවනා පින්කම් සිදුවිය.

කෙසේ නමුත් රත්නපුර සමන් දේවාලයේදී අප විසින් සතියක් පමණ පේවී සිදුකළ අධිෂ්ඨාන පූජාව කෙළවර වූයේ සියල්ලන් මවිත කරමින් මහ වැසි ඇද වැටීමෙනි. විදුලි කප්පාදුවත්, විදුලි මණ්ඩලයට සිදුවෙමින් තිබූ අධික තිබූ මූල්‍ය පාඩුවත් එමගින් වැළකී ගියේය. (විදුලිබල මණ්ඩලයට අරක්ගෙන සිටින සුදු කරපටි අපරාධකරුවන් හා ආර්ථික ඝාතකයන්ට නම් විදුලි කප්පාදුව යනු ධන උල්පතක් මිස, රටට හිතකර දෙයක් නම් නොවේ)

එමෙන්ම ලන්දේසීන්ගේ සෙන්පතියන් විසින් ලියන ලද ලේඛන පරිශීලනයේදී මා හට පෙනී ගියේ සමනල කන්ද පිළිබඳ ඔවුන්ට බලවත් දැනුමක් තිබුණු බවත් ආදම්ගේ පා සලකුණු එහි ඇතිබව ඔවුන් විශ්වාස කළ බවත්ය. ගොඩවාය ප්‍රදේශයෙන් රටට ඇතුළුවූ ලන්දේසීන් සිරිපා කන්ද යැයි සිතා මුල්කිරිගල විහාරස්ථානයට ගිය කතාවක්ද ලන්දේසි සෙනවින්ගේ මතක සටහන්වල ලියා තිබිණි.

පළමුවැනි විජයබාහු රජතුමා ඇතුළු සිංහල රජවරු ගණනාවක් සිරිපා තරණය කිරීමේ දුෂ්කර කාර්යයේ නියැළී ඇත. එහෙත් මා සිත්ගත් හොඳම විවරණය සිදුකර ඇත්තේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා වූ ඬේවි විසිනි. විධිමත්ව උෂ්ණත්වය හා පීඩනය මැනීමෙන් ඔහු සිරිපා කන්දේ උස ආසන්න වශයෙන් නිගමනය කිරීමට සමත් විය. එමෙන් ම විවිධ පැතිවලින් සිරිපා කන්ද මුදුනට සම්ප්‍රාප්ත වීමේ දුෂ්කර ගමන් මඟ පිළිබඳ කදිම විවරණයක් ද ඔහු විසින් සිදු කර ඇත. මේ කාර්යය සියවසකට පෙර මරණය දැක දැක ඔහු විසින් සිදුකළ පින්කමකි.

ජාතික නිදහස් දිනය අවස්ථාවේදී මාගේ දියණිය හා හිත මිතුරන් සමඟ මා එහි කරුණා කරද්දී මා මවිත වූයේ ඇතැම් වැඩිහිටියන් කුඩා දරුවන් මෙන්ම ආබාධිත තත්ත්වයේ පසුවන අය පවා තවමත් දුෂ්කර එම ගමන, ඉතා සැදැහැයෙන් යුතුව වන්දනා කරනා බවයි.

මාගේ ඩිජිටල් අත් ඔරලෝසුවට අනුව නල්ලතන්නියේ සිට සිරිපා කඳු මුදුනට පියමං කිරීමට මා හට පියවර නවදහසක පමණ ප්‍රමාණයක් හා තට්ටු 134ක උසක් නැඟීමට සිදුවී ඇත. ඒ සඳහා දවන ලද කිලෝ කැලරි ප්‍රමාණය 1200කි. ඒ මෑත ඉතිහාසයේ මා විසින් එක් දිනකදී දවන ලද වැඩිම කැලරි ප්‍රමාණය බව මාගේ ඩිජිටල් අත් ඔරලෝසුව මට වාර්තා කර තිබිණි. වැඩිහිටි වයසට යන මාහට එම වාර්තාව බිඳ දැමීමේ අදහසක් නම් නැත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයේ කරුණාවෙන් අපි පූජනීය ශ්‍රීපාද පද්මයද, සමන් දෙවියන්ද සිත්සේ වැඳපුදා ගත් අතර කාගේත් අමන්දානන්දයට ලක්වන ඉර සේවය ද සුන්දරව විඳ ගත්තෙමු. සිරිපා කන්ද ලංකාවේ උසම කඳු මුදුන නොවුණත් ගුවන් ගමන් යන වාරවලදී මා හට පෙනීගොස් ඇත්තේ එය ශ්‍රී ලංකාවේ අති සුවිශේෂීම කඳු මුදුන බවයි. එහෙයින්, මෙම පූජනීය ස්ථානය ගුවනේ සිට දකින ගුවන් මගියකු අනිවාර්යයෙන්ම එහි සිය පය තැබීමට යෑම ස්ථීරය. එහෙයින් ගෞතම බුදුරජාණන් වහන්සේ ගුවනින් එහි වැඩියා නම් එය නියතවම සිදුවූ සිද්ධියක් බවට තර්කයක් නැත.

කෙසේ වෙතත් මා හට තවත් සතුටක් දනවන්නේ, සිරිපා කඳු මුදුනත්, නකල්ස් ප්‍රදේශයත් සංවේදී පරිසර කලාපයක් ලෙස හා සංවේදී ලෝක උරුම පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට ප්‍රභූන්ගේ හා දේශපාලකයන්ගේ දහසක් බාධා මැද, එදා පරිසර ඇමැතිවරයා ලෙස මට හැකි වූ බව සිහිපත් වන විටයි. එයට දායකවූ, කැපවූ සියලු විද්‍යාඥයන්ට අනාගත පරපුරේද ගෞරවය හිමිවනු ඇත.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

විජයගේ අවසන් සම්මුඛ සාකච්ඡාව

Next Post

මේ සතියේ ඔබට මොකද වෙන්න?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.