• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විජයගේ අවසන් සම්මුඛ සාකච්ඡාව

February 15, 2020
in Heart
Reading Time: 1 min read
A A
විජයගේ අවසන් සම්මුඛ සාකච්ඡාව
Share on WhatsAppShare on Facebook

එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු විජය කුමාරතුංගයන් 1988.02.08 දින තරුණයා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙනවා. හැබැයි ඒ ඔහුගේ ජීවිතයේ පුවත්පතකට ලබාදෙන අවසන් සාකච්ඡාව බව ඔහුවත්, එම සාකච්ඡාව මෙහෙයවූ එවකට තරුණ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වර්තමානයේ ‘මව්රට’ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙසින් කටයුතු කරන ප්‍රවීණ මාධ්‍යවේදී තුෂාර ගුණරත්න මහතාවත් දැන සිටියේ නැත. කෙසේ නමුදු එතෙක් මෙතෙක් කාලය තුළ ජාතික පුවත්පතකින් ඉදිරිපත් නොකළ ඒ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව මෙලෙසින් ප්‍රථම වතාවට ‘මව්රට’ ජාතික පුවත්පත හරහා ඔබට තිළිණ කරන්නට අවස්ථාව ලැබීම අපටද ඉමහත් සතුටකි. මේ පළවන්නේ ඒ සම්මුඛ සාකච්ඡාවයි.

මේ රටේ තරුණ ප්‍රශ්න ගොඩගැහිලා තියෙන්නෙ. එම ප්‍රශ්නවලට තවත් ප්‍රශ්න එකතු වනවා මිසක් ඒවාට කිසිම විසඳුමක් මේ රටේ නායකයන් දීල නැහැ. අන්න ඒ හින්ද තමයි හැම වැඩකටම ඔළුව නමාගෙන හිටිය මේ රටේ අහිංසක තරුණ තරුණියන් සටන් වැදීමට තරම් දරුණු වෙලා තියෙන්නේ.’

‘මම කියන්නෙ නැහැ මේ රටේ තරුණ කොල්ලො අවි ආයුධවලින් පාලන තන්ත්‍රයට එරෙහිව නැඟී සිටීම හොඳ වැඩක් කියල. නමුත් එම තරුණ කොටස් මේ තත්ත්වයට පත්කළේ අද ඔවුන්ට බයේ හැංගෙන පිළිගත් දේශපාලන පක්‍ෂවල නායකයන්මයි.

අවුරුදු 20ක් නළුකම වෘත්තියක් ලෙස කරපු මම මේ අවුරුද්දේ පටන් ඉන් ඉවත් වෙනවා. අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වය ගැන බලන කොට චිත්‍රපටවල රඟපාලවත්, ව්‍යාපාර දියුණු කරලවත් වැඩක් නැහැ. මුලින්ම වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් තියෙන මේ රට විනාශ වෙමින් පවතින බව පෙනි පෙනී එය බේරා ගැනීමට සටන් කරනවා මිසක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රජකම ලබා ගන්නවත්, මුදලාලි කෙනෙක් වෙන්නවත් මගේ අදහසක් නැහැ. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයකු හැටියට මගේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම දේශපාලනය වෙනුවෙන් වැය කිරීමට මා තීරණය කොට අවසන්.

අවි ආයුධ අතට ගෙන ඒවායින් විරුද්ධවාදීන් ඝාතනය කරන තරුණ කොටස්වලට මෙන්න මේ පණිවුඩය මම දෙන්න ලෑස්තියි.

‘අවි ආයුධවලින් හතුරන් නැති කරන්න බැහැ. ආයුධවලින් රටක් පාලනය කරන්නත් බැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රටක ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් නැති කර දැමීමට රජයට අවි ආයුධ අතට ගත්තත් බැහැ. එසේ නම් අපි මොකද්ද කළ යුත්තේ. සෑම ප්‍රශ්නයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීම නේද? නැත්නම් මොකද වෙන්නෙ මේ රට සම්පූර්ණයෙන්ම යුද බිමක් බවට පත්වෙලා මේ රට විනාශ වෙලා යනවා පමණයි.

එම නිසා මම ඉල්ලීමක් කරනවා ඔය තරුණ කොටස්වලින් අප සමඟ එකතුවෙලා මේ රටේ තරුණ පරපුර පත්වී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඔස්සේ සටන් වැදීමට එකතු වන මෙන්.

තරුණ ප්‍රශ්න විසඳීමට අනාගතය ගැන තේරුමක් තියෙන තරුණයන්ගේ සිතුම් පැතුම් හඳුනන නායකයන් ඉදිරිපත් විය යුතුයි. එහෙම නැතිව යල් පැනගිය සිතුම් පැතුම් ඇති තරුණන්ගේ නැඟී සිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන නායකයන්ට මේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඔවුන්ට පුළුවන් මේ ප්‍රශ්නය අවුල් කරලා මේ රටේ තරුණ පරපුර නැති කරල දැමීම පමණයි.

වසර විස්සක් සිංහල සිනමාවේ රැඳී සිටි මා, මේ අවුරුද්දේ ඉන් ඉවත්ව යන්නට පෙර, ඇතැමුන්ගේ සිනමා කෘති ගැනත් කතා කරන්න ඕන.

සාගරයක් මැද, කොටි වලිගය වැනි චිත්‍රපට මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන චිත්‍රපට ලෙස හඳුන්වනවා. මොන බොරුද? එවැනි චිත්‍රපටවලින් කතා කළේ කිසියම් පුද්ලයකුගේ වැරැදි ගැන විතරයි. අනෙක් එක දේශපාලන චිත්‍රපටයකින්, වැරැදි පෙන්වනව වගේම නිවැරැදි මාර්ගයත් පෙන්නුම් කරන්න ඕන. ‘කොටි වලිගයෙන්’ එහෙම දෙයක් පෙන්නුවෙ නැහැ. ත්‍රස්තවාදීන් අතින් සිංහල පොලිස් පරීක්‍ෂකයෙක් වෙඩි කාල මැරෙන එකයි පෙන්නුවෙ. ඕවට නෙවෙයි දේශපාලන චිත්‍රපට කියන්නෙ. මේ රටේ නියම දේශපාලන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කිසිසේත්ම ඉඩක් නෑ. එහෙම කරනව නම් ආණ්ඩුවත් පෙරළෙනකන් ඉඳල පසුගිය ආණ්ඩුව එපා වෙන අන්දමට චිත්‍රපටයක් කරන්න ඕනෑ. ඒ නිසා මම අභියෝගයක් කරනව මේ රටේ දේශපාලන චිත්‍රපට හදනවා යැයි කියන අයට පුළුවන්නම් මේ ආණ්ඩුව තියෙන කොටම මේ ආණ්ඩුවේ අසාධාරණකම් පෙන්වල චිත්‍රපටයක් හදන්න කියල. එතකොටයි ඔවුන් නියම දේශපාලන චිත්‍රපටකරුවන් වන්නේ.

අවුරුදු 20ක් කරපු වෘත්තියෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම දේශපාලනයට පිවිසෙන මම රට බේරා ගැනීමට දිවි පුදන්න වුණත් ලෑස්තියි. නමුත් දේශපාලන චිත්‍රපට නිෂ්පාදනය කිරීම වැනි කාලය කා දමන වැඩවලට අත ගැසීමට මම ලෑස්ති නැහැ.

මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින්නේ අපේ තරුණ පරපුරයි. එම නිසා ඔවුන්ව මිනීමරුවන් ලෙස හංවඩු ගසන්න එපා.

වෙඩි තියල ඔවුන්ව මරල මේ රටේ ඡන්ද අයිතිය ලබා ගැනීමට සටන් කරන කිසියම් තරුණ සංවිධානයක් ඉන්නවා නම් කවදාවත් එම සටනින් ජය ගැනීමට ඔවුනට හැකි වන්නේ නැති බව කියන්න ඕනෙ. මෙවැනි අයිතිවාසිකම් දිනා ගැනීමට අපි සියලුදෙනාම එක්වෙලා අහිංසාවාදී උද්ඝෝෂණයක් මේ රටේ ඇති කළ යුතුයි. එවිටයි අපට ජය අත්වෙන්නේ.

ප්‍රවීණ මාධ්‍යවේදී තුෂාර ගුණරත්න මහතා 1988-.02.08 දින තරුණයා පුවත්පතට ලබාදුන් පුවත්පත් සාකච්ඡාව ඇසුරිණි.

SendShareShare
Previous Post

සෙලාන් පැහැසර 200 වන පුස්තකාලය විජයබා මහා විද්‍යාලයේ විවෘත කෙරේ

Next Post

සමනල සිරසේ නොඇසූ කතා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.