ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමයේ (CHSGA) ප්‍රජා සත්කාරක කමිටුව, ගංගොඩවිල බාලිකා ළමා නිවාසයේ දරුවන් 60 දෙනකු සඳහා තේ-පැන් සංග්‍රහයක් සහ ඊට සමගාමීව පොත් කට්ටලය බැගින් ප්‍රදානය කිරීමක්ද සංවිධාන කළේය. එම සංගමය විසින් 2020 වසරේදී සංවිධාන කරන ලද ප්‍රථම ප්‍රජා සත්කාරක වැඩසටහන ද මෙය වෙයි.
ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමයේ 2019 නත්තල් සාදයේදී එක්රැස් කර ගන්නා ලද මුදලින් දියත් කරන ලද මෙම වැඩසටහන එම සංගමයේ ප්‍රජා සත්කාරක කමිටුවේ ප්‍රධානී ගීතාංජලී හෝලන්ඞ් මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි. ප්‍රධාන වශයෙන් පරිත්‍යාග මත පදනම්වන ගංගොඩවිල බාලිකා ළමා නිවාසයට මෙවැනි වැඩසටහන් අතිශය වැදගත්වන අතර ඒ හරහා එහි දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමට හැකි වේ.











