නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරනු ලැබූ 10 දෙනාගේ කමිටුව අද (14) සවස්වරුවේ රැස්වීමට නියමිතය.
ඒ අනුව මෙම සාකච්ජාවේදීී ‘හංසයා’ ලකුණින් තරග වදිනවාද, එසේත් නැතිනම් ‘හදවත’ ලකුණින් තරග වදිනවාද යන්න තීන්දු කිරීීමට නියමිතය.
මෙම කමිටුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් සමන්විත වේ.










