• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අවුරුදු 480ක් වයස අමුතු භූතයෙක්

February 14, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අවුරුදු 480ක් වයස අමුතු භූතයෙක්
Share on WhatsAppShare on Facebook

‘පුංචි මහත්තයා තේ හදලා. ඔයා තේ එක බීල ලොකු නෝනටත් ගෙනිහින් දෙන්න…’ නිවෙසේ සේවිකාව වූ සිල්වියා මුළුතැන් ගෙයි සිටම කීවාය.
‘හරි… හරි… හරි… මේ එනෝ’ කී පුංචි පිලිප්… දිවගොස් තමන්ට අයත් තේ එක උගුරට දෙකට බී සිය ආච්චි අම්මාගේ තේ එකද අතැතිව ඉක්මන් ගමනින් ඇතුළු කාමරයට ගියේය.
ආච්චි අම්මාගේ කාමරයට ඇතුළු වූ සැණින් දුටු දෙයින්… පුංචි පිලිප් තැති ගත්තේය. ඒ නිසාම ආච්චි අම්මෙයි, පුංචි පිලිප්ගේ මුවින් ගොත ගැසෙමින් කියැවුණේය.
පුංචි පිලිප්ගේ හඬ ඇසුණු ආච්චි අම්මාද ඇඟ මැළි කඩමින් ඇඳෙන් නැඟිට්ටාය.
‘ආ… එන්න… එන්න… මේ අපේ පිලිප් පුතානෙ… ඔයා මගේ තේ එකත් ගෙනාවද?’ කියමින් ආච්චි අම්මා පුංචි පිලිප්ගේ අතින් අල්ලා ගත්තාය.
‘හ්ම්… ඇයි…? මොකද ඔයා බයවෙලා වගේ. මොකක්ද පුතේ මේ දූවිල්ලක්. කාමරත් දූවිල්ලෙන් වැහිල නේද?’ ආච්චි ඇසුවාය.
‘ඇ… ඇහුණද? ආච්චි අම්මේ’
මං තේ එක අරගෙන කාමරයට එන කොට, එකවරම ආච්චි අම්මාව වසාගෙන සුදු පැහැති දුමක් පිටවුණා. කාමරය පුරාමත් වෙනදා නැති සීතලක්නෙ තියෙන්නෙ.’
‘ඔව්… පුතේ මටත් දැනෙනවා… මොකක්ද මේ වුණේ?’
‘අනේ මං දන්නැහැ. බලන්නකො එළියෙ නම් හොඳට ඉරත් පායලා. දැඩි රස්නයකුත් තිබෙනවා. බලන්න. ආච්චි අම්මගෙ කාමරයෙ හරියට අයිස් තියල වගේනෙ සීතල’ පුංචි පිලිප් තමන් දුටු අද්භූත සිදුවීමත්, පවතින තත්ත්වයත් එලෙස කියාගෙන ගියේය.
ආච්චි අම්මාටද තරමක අමුත්තක් දැනුණි. ඇය පුංචි පිලිප්ගේ අතින් අල්ලාගෙනම කාමරයෙන් එළියට ආවාය.
ඔවුන් තව තවත් මවිතයට පත්වූයේ එවිටය. මොහොතකින් නිවෙසේ ඇතුළත බඩු භාණ්ඩ පවා සුදුපාට දූවිල්ලක් වැසී යන්නට විය. ඒ වන විට නිවෙස දිස්වන්නට වූයේ හිම පතනයකට හසුවූ භූමියක් ලෙසිනි.
නිවෙසේ සියලුම දොර ජනෙල් හැර දමා, දොර රෙදි මෙන්ම ජනෙල් තිරද ගලවා මහත් අසීරුවෙන් ඔවුහු නිවෙස ඇතුළත පිරී තිබූ දුහුවිල්ල ඉවත් කර දැමූහ. මෙම කටයුතු අහවර වන විට දවසෙන් වරුවක් පමණ ගතවී තිබිණි.
එවර ඔවුන් මුළුතැන්ගෙය දෙසට ගියේ… ඒ වන විටත් කිසිවක් නොකා සිටීම නිසා දැඩිව තිබූ කුසගින්න නිවා ගැනුමටය.
පුදුමයකි… මුළුතැන් ගෙය ඇතුළත ජලය ගලායමින් තිබිණි.
‘ම්… මේ… මොකද වෙලා තියෙන්නේ… සිල්වියා මොකද මේ…’
‘අනේ ලොකු නෝන සාලය පැත්තෙන් සද්දයක් ඇහිලා මං ඒ පැත්තට ගියා. ආපහු එන කොට මුළුතැන්ගෙය ඇතුළතම වතුරෙන් පිරිලා.
මුළුතැන්ගෙයි ජල කරාම පිරික්සුවද ඒ එකක්වත් හැර තිබුණේ නැත. ඔවුහු වහ වහා පිස දමා මුළුතැන්ගෙයින් වතුර ඉවත් කළහ. පුදුමයකි. එසේ පිස දැමුවද වතුර ගලා යෑම වැළකිය නොහැකි විය. ජල නළ බිඳීයෑමක් සිදුවී ඇත්දැයි පරීක්‍ෂා කළද එවැනි තැනක් හමු නොවීය.
කෙතරම් පිළියම් යෙදුවත් ජලය ගලා ඒම එදින හැන්දෑ යාමය වනතුරුම පැවැතිණි.
මෙකී සිද්ධිය ඇති වූයේ මෙයට අඩ සියවසරකට පෙර, එනම් 1966 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනකය. මෙම සිද්ධියට මුහුණ පෑ නිවෙස පිහිටියේ එංගලන්තයේ යෝක්ෂයර් කෝරළයට අයත් පොන්ටෙෆ්‍රැක්ට් නමැති කුඩා ග්‍රාමයේය.
එදින රාත්‍රිය උදාවෙත්ම දහවල් කාලයේ ඇති වූ අද්භූත සිදුවීම් වැල වෙනත් පැත්තකට පෙරැළිණි. ආච්චි අම්මා කුඩා පිලිප් සමඟ සාලයට වී රූපවාහිනී වැඩසටහනක් බලමින් සිටින විට මුළුතැන්ගෙය දෙසින් ශබ්දයක් ඇසී ඔවුහු තිගැස්සුණහ.
ඔවුහු වහාම මුළුතැන්ගෙය දෙසට දිව ගියහ. කිසිවකු විසින් මුළුතැන් ගෙය පුරාවටම තේ කුඩු විසිරී තිබෙනු දුටු ආච්චි අම්මා සිල්වියා ඇමැතුවාය.
‘සිල්වියා මෙහාට එනව… මොකක්ද මේ කරල තියෙන්නෙ… මුළුතැන්ගෙය පුරාම තේ කොළ විසුරුවල…’
‘අනේ… නෝනා මම නම් දන්නෙ නැහැ… මං හිටියෙ කාමරයෙනෙ… ආච්චි අම්මත්, කුඩා පිලිප් මෙන්ම නිවෙසේ මෙහෙකාර සිල්වියාත් සිදුව ඇති දෙයින් මවිත වූහ.
ඒ සමඟම යළිත් සාලය දෙසින් ශබ්දයක් ඇසිණි. ඔවුන් එහි ගොස් බලන විට දුටුවේ මල්පෝච්චියක වවා තිබූ විසිතුරු පැළෑටියක් ඉන් ගැලවී ගොස් කිසියම් උසකින් එය පාවෙවී තිබෙන අයුරුය.
ඒ විතරක්ද නොව සාලයේ දල්වා තිබූ විදුලි පහන්ද එකවර නිවී ගියේය. ඒ සමඟම එකිනෙක විදුලිපහන් යළි දැල්වෙන්නට විය. තව වරෙක ඔවුන් දුටුවේ කාමර ඇතුළත තිබූ අල්මාරිද පිටතට පැමිණ පාවෙවී ඇවිදින අයුරුය.
පැවැති තත්ත්වය උත්සන්න වීමත් සමඟම අද්භූත ක්‍රියා විමර්ශකයකු වූ ඔලිවර් ඩොනල්ඞ්ද නිවෙසට කැඳවනු ලැබීය. ඔහුගේ පැමිණීමත් සමඟම එතෙක් සිදුවූ අද්භූත සිදුවීම් කිසිවක් සිදු නොවීය.
එහෙත් ඔහු නිහඬ වූයේ නැත. හෙතෙම එකවර භූතයාට අභියෝගයක් එල්ල කළේය. එම අභියෝගය වූයේ භූතයකුට පෙර සිදුවීම් කළ හැකි වී නම් තමා ඉදිරියේ ඡායාරූපයක් දෙකට ඉරා පෙන්වන ලෙසය.
භූතයා ඩොනල්ඞ්ගේ අභියෝගය භාරගත් බවක් නොපෙනිණි. එහෙත් තරමක කාලයක් ගෙවී යමින් තිබියදී එකී නිවෙසේ හිමිකරුවන් වන ප්‍රීවාර්ඞ් යුවළගේ රාමු කර බිත්තියේ එල්වා තිබූ ඡායාරූපයක් එකවර බිම පතිතව රාමු කර තිබූ වීදුරුව කෑලිවලට බිඳී යන්නට විය. එපමණක්ද නොව ඩොනල්ඞ් භූතයාට අභියෝග කළේ ඡායාරූපයක් දෙකට ඉරා පෙන්වන ලෙසය. ගතවූයේ මොහොතකි. බිම ඇදවැටුණු ඡායාරූපය තියුණු තලයක් යොදාගෙන කපන ආකාරයට දෙකට වෙන්ව ගියේ නිවෙසේ සිටියවුන් පමණක් නොව ඩොනල්ඞ්වද මවිතයට පත්කරවමිනි.
ප්‍රිවාර්ඞ් යුවළත්, ඔවුන්ගේ දියණියක වූ ඩයනාද මේ වන විට සිටියේ දුර බැහැරකට ගොසිනි. මෙම සිද්ධිය සිදුවී පසු දින ඔවුහු තම නිවෙසට පැමිණියහ. ඔවුන් පැමිණි පසු නිවෙසේ සිදුවෙමින් පවතින භූත ක්‍රියාවලිය ගැන ඔවුනට පැහැදිලි කළහ. නිවෙසේ සිටියවුන් කළ කී භූත කතා සිදුවීම් එකක්වත් ප්‍රිවාර්ඞ් යුවළ පිළිගත්තේම නැත. පුදුමය නම් එතෙක් සිදුවූ අද්භූත සිදුවීම් කිසිවක් සිදුනොවීමය.
ඉහත භූත සිදුවීම් මාලාව සිදුවී වසර දෙකක්ම ගෙවී ගියේය. එදා මෙදාතුර යළි එවන්නක් සිදු නොවීමෙන් නිවෙසේ සිටියවුන් බොරු භූතයකුට බය වෙලායි’ ඔවුහු නිවැසියන්ට සමච්චල්ද කළහ.
එහෙත් 1968 අගෝස්තු මාසය එළැඹි විට ඉහත නිවෙසේ යළිත් අද්භූත ක්‍රියා සිදුවන්නට විය. එවර භූත ක්‍රියා ඇරඹුණේ පෙරටද වඩා අද්භූත ලෙසිනි. නිවෙස ඇතුළත තිබෙන බඩු භාණ්ඩ ඉහළ අහසට නැඟී පාවෙන්නට විය.
මෙම ක්‍රියාව නිතර නිතරම සිදුවූයේය. නිවෙසේ තිබෙන වීදුරු, කෝප්ප, පිඟන් වැනි භාණ්ඩ බිම පතිත කරන්නට විය. එයින් මහා හඬක් නැඟී ආයේය. ශබ්දය ඇසුණු මුළුතැන්ගෙට ගොස් බලන විට එම බඩු භාණ්ඩ තිබූ තැන්වලම දක්නට ලැබුණු අතර, ඒවා පිපිරීමකටද ලක්ව තිබුණේ නැත.
තවත් විටෙක නිවෙස තුළින් කාටත් ප්‍රියජනක සුවඳ බවක් විහිද යන්නට විය. එහෙත් තව වරෙක ඇති වූ දුර්ගන්ධය නම් නිවෙසේ කිසිවකුට කෙසේවත් දරාගත නොහැකි තරම්ය. වරක් නිවෙස ඇතුළතින් පිටතට මහා බෙර හඬක් නිකුත් විය. එය කන් බිහිරි කරවන තරමේ මහා බෙර ශබ්දයක් වූයේය. ඒ හඬ ඉහත නිවෙස අවට අසල්වාසී නිවෙස්වල අයටද තදින්ම ඇසී තිබිණි.
එසේම පුරා වසරක කාලයක් පුරාවට (1968-69) එකී නිවෙස අද්භූත ආලෝක ධාරා නිකුත් කෙරෙන තැනක් බවට පත්විය. අසල්වාසීන්ට මෙම තත්ත්වය පැහැදිලිව දැකගත හැකි විය.
ඒ විතරක්ද නොව මෙම සියල්ලටම වඩා අද්භූත ක්‍රියා වැඩි ප්‍රමාණයක් එකි නිවෙසේ ජීවත් වූ ඩයනා දියණිය යුවතිය ප්‍රධාන කොට ගෙන සිදුවීමද විශේෂත්වයක් විය. ඒ වන විට එම දැරිය පසුවූයේද දහහතර වැනි වියේය.
ඇයට තම නිවෙසේ නිදහසේ නිදාගන්නට පවා භූතයා ඉඩ දුන්නේ නැත. ඩයනා දියණිය නිදාගත් සැම විටෙකම ඇයව නිදි යහනෙන් ඇද බිමට දැමුවේය. එපමණක්ද නොව ඇතැම් විටෙක ඈත අහසේ ගුවනේ සිට පාවෙවී එන බොහොමයක් වස්තු බිම පතිත වූයේද ඩයනාගේ ඇඟේ හැපෙමිනි. ඉතාම අධික මට්ටමේ බර ඇති දෑ පවා බිම පතිත වූයේ ඩයනාගේ ඇඟේ හැපීමෙනි. මෙම සිදුවීම් පවුලේ අයගේ දෑස් ඉදිරියේම සිදුකෙරිණි. එහෙත් පුදුමය වූයේ ඒ කිසිවකින් ඇයට කිසිදු හානියක් සිදුනොවීමය.
එපමණක් නොවේ. ඩයනා ඉඳගෙන හෝ සිටගෙන යම් ස්ථානයක සිටියද කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි ඇය හිටි තැනින් වෙනත් තැනකට ඇදගෙන යන්නට විය. එබඳු අවස්ථා ඇති වන විට පවුලේ සැවොම එක්ව ඩයනාව වැරෙන් අල්ලාගන්නට වූහ. එහෙත් එසේ අල්ලාගෙන ඇය එම බලවේගයෙන් මෙල්ලකර ගතනොහැකි වන්නේය.
අන්තිමට සිදුවන්නේ ඩයනාව තදින් අල්ලාගත් සැවොම එක පොදියකට වෙනත් ඉසව්වකට ඇදී යෑමය. මෙම තත්ත්වය කෙලෙසකින්වත් කිසිවකුට පාලනය කළ නොහැකිම විය.
මෙම අද්භූත බලවේගයෙන් මිදී සිටීමට ආගමික නායකවරු ඔවුනට නොයෙක් උපදෙස් ලබාදුන්හ. ඒ එකකින්වත් පලක් නොවුණු තැන ක්‍රමානුකූලව ඩයනාව ආගමික වත්පිළිවෙත්වලට යොමු කරවීමට අන්තිමේ ආගමික නායකවරු උපදෙස් ලබා දුන්හ. ඒ කිසිවකින් ඩයනාගේ පවුලට නම් අස්වැසිල්ලක් ලැබුණේම නැත.
ඒ වන විට නොනවත්වම ඩයනාගේ නිවෙසේ සිදුවන අද්භූත ක්‍රියාකාරකම් ඒ වන විට රටපුරාම පැතිර යමින් තිබිණි. එහි ප්‍රතිඵලයද පවුලේ සැමට අතිශය දුෂ්කර තත්ත්වයක්ම විය. ඊට හේතු වූයේ රටපුරා ජනී ජනයා මෙම අද්භූත ක්‍රියාකාරකම් දැක ගැනීම සඳහා ඩයනාගේ නිවෙසට වැල නොකැඩි එන්නට වීමය.
මෙසේ අද්භූත ක්‍රියාකාරකම් සිදුවුවද එය සිදු කරන පුද්ගලයකුගේ රුවක් දකින්නට නොමැති කමින් මෙකී අද්භූත බලවේගය එදා එංගලන්ත සමාජය අපූරු නමකින් හඳුන්වන්නට විය. ඒ නම ‘නෝ බොඩි මහත්මයා’ යන්නය. මෙම අභූත ක්‍රියා සිදුකරන්නාගේ සිදුවීම් මිස එය සිදුකරන කෙනාගේ ශරීරයක් විiමාන නොවීම හේතුකොට ගෙන එංගලන්ත සමාජය ඉහත නම පටබැන්දා විය හැකිය.
එහෙත් මෙම පවුලේ අය ඊට පටබඳිනු ලැබුවේ වෙනත් නමකි. ඔවුන් මෙකී ක්‍රියාකළ තැනැත්තා ෆ්‍රෙඞ් මහත්මයා නමින් හඳුන්වනු ලැබීය. පිටස්තරයනට දර්ශනය නොවුණද මෙකී ක්‍රියා කළ තැනැත්තාගේ රුව පවුලේ ඇත්තනට අවස්ථා ගණනාවකදී දර්ශනය වී ඇති බවද කියති. මේ රූපය අළු – සුදු පැහැති දුමාරයකින් සැදී තිබූ බව දුටු බවද මේ ගැන විමර්ශනයට පැමිණි අයට පවුලේ අය කියා තිබිණි.
මෙම රුව ඔවුන් අවසන් වරට දැක තිබුණේ මෙයට පනස් වසරකට පෙර එනම් 1969 මැයි මස එක්තරා දිනෙකය. පිලිප් මෙන්ම ඔහුගේ නැඟණිය වන ඩයනා මෙකී රුව පැහැදිලිව දැක තිබිණි. ඔවුන් දෙදෙනා සාලයේ කිසියම් කටයුත්තක නියැළී සිටින විට මෙකී රුව සාලය හරහා ඔවුන්ගේ මුළුතැන්ගෙය දෙසට ගමන් කර ඇත.
මේ දෙදෙනාද සිදුවන්නේ කිමෙක්දැයි බැලීමට මුළුතැන්ගෙය දෙසට ඒ පසුපස ගිය විට ඔවුන්ට අදහාගත නොහැකි පරිදි මුළුතැන්ගෙය ඇතුළත පොළොවට ඇතුළු වී ගිලී ගිය බව කියති.
මෙම ක්‍රියාවෙන් පසු මෙකී අද්භූත රුව ඔවුනට නැවැත දර්ශනය වී නොමැති අතර එම රුව මුළුතැන්ගෙයි පොළොවට ගිලී යෑමෙන් පසු යළි කිසිදු අද්භූත ක්‍රියාවක් ඔවුන්ගේ ගෙදර ඇති නොවූ බවද ඔවුහු කියති.
මෙකී අද්භූත ක්‍රියාවලියට බලපෑ හේතු කාරණා කවරේද යන්න කිසිවකුට නිශ්චය කරගත හැකිවී නැත.
මේ සිදුවීම් මාලාව ගැන තතු සොයා යෑමේදී මෙයට වසර හාරසිය අසූවකට (480) පමණ පෙර එනම් 1539 වසරේදී ඩයනා පදිංචිව සිටි ගෙදරට ආසන්නයේ ගසක පුද්ගලයකු එල්ලා මරා ඇති පුවතක් පිළිබඳව නම් තොරතුරු අනාවරණය වී තිබිණි. එසේ එල්ලා මරන ලද අය පූජකයකුව සිට ඇති බවද, එසේ සිටියදී දැරියකව අපයෝජනය කළ වරදට අට වැනි හෙන්රි රජුගේ රජ අණ ප්‍රකාරව හෙතෙම එසේ එල්ලා මරා දමන ලද බවද සැලව තිබේ.
ඒ හැරුණු විට මෙකී අද්භූත බලවේගය ගැන වෙනත් කිසිදු සාධකයක් ඒ පිළිබඳ නිරීක්‍ෂණය කළ නිරීක්‍ෂකයන්ට සොයාගත නොහැකි වී තිබේ.
(උදරකා ත්‍්පදමි ඨදිඑ
කෘතිය ඇසුරිනි.)
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

TATA ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Next Post

උදයංග එයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.