වරෙන්තු නිකුත් කර තිබූ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අබුඩාබි බලා ගොස් තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 207 ගුවන් යානයෙන් ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන ඇත.
මූල්‍ය ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ උදයංග වීරතුංග මහතාට එරෙහිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ඊට මුහුණ නොදී ඒ මහතා ඉකුත් කාල වකවානුව පුරාම විදෙස් ගතව සිටීමට කටයුතු කර තිබේ.










