සෙලාන් බැංකුව තම සාර්ථකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් LMD පාරිභෝගික සේවා විශිෂ්ටත්ව දර්ශකයේ බැංකුකරණ කාණ්ඩයේ අංක 1 බවට පත්වීමට සමත් වී තිබේ.
නවීන තාක්ෂණය සමගින් පාරිභෝගික සේවාවන් ක්‍රමක්‍රමයෙන් ස්වයංක්‍රීය වෙමින් පවතින පසුබිමක, ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීමේදී කාර්ය මණ්ඩලයේ වගකීම කුමක්ද යන්න වටහා ගැනීම ඕනෑම ආයතනයකට අතිශයින් වැදගත්ය. මෙම තත්ත්වය පැහැදිලිව අවබෝධ කරගනිමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමිවන ආකාරයට තම පාරිභෝගික සේවා මෙහෙයුම්වල සියලුම අංගයන් වඩාත් පෘථුල කිරීමට සෙලාන් බැංකුව අඛණ්ඩව උත්සාහ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ඛඵෘ සඟරාව මගින් පවත්වන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙම ඇගයීම සඳහා ජයග්‍රාහකයන් තෝරාගැනිණි. අතිශයින් තරගකාරී ක්ෂේත්‍රයක් වන බැංකු සේවා ක්ෂේත්‍රයේ තරගකරුවන් අභිභවා යමින් අංක 1 බවට පත්වීමට සෙලාන් බැංකුව සමත් වන්නේ සේවා විශිෂ්ටත්වයේ නව නිර්ණායකයන් සනිටුහන් කරමිනි.











